තලෙයිබාන්

තලෙයිබාන් (/ˈtælbæn,_ˈtɑːlbɑːn/), හෝ තලේබාන් යනු ඇෆ්ගනිස්ථානයේ ඩියෝබන්ඩි ඉස්ලාම් මූලධර්මවාදී ව්‍යාපාරයක් හා යුධමය සංවිධානයකි. තලෙයිබාන් සංවිධානය මේ වනවිට ඇෆ්ගනිස්ථානයේ නීත්‍යනුකූල රජය ලෙස පෙනීසිටින කණ්ඩායම් දෙක අතරින් එකකි. මෙයින් ජාත්‍යන්තරය විසින් පිළිගෙන ඇත්තේ අනෙත් කණ්ඩායම වන ඇෆ්ගනිස්තාන ඉස්ලාම් ජනරජය වේ. 2016 සිට තලෙයිබාන් හී නායකයා වූයේ මව්ලවි හිබතුල්ලාහ් අඛුන්ද්සාදා ය. 2021 වනවිට තලේබාන්හි 75,000 ක් පමන සටන්කරුවන් සිටිතැයි අනුමාන කෙරේ.

තලෙයිබාන්
طالبان (පෂ්ටෝ)
Participant in
තලෙයිබාන් ධජය
මතවාදයඉස්ලාම් මූලධර්මවාදය

ඩියෝබන්ඩි ඉස්ලාම්වාදය

ආගමික ජාතිවාදය
නායකයින්
  • මුහම්මද් ඔමාර් (ආරම්භක, 1994–2013)
  • අබ්දුල් ගානි බරදර් (සම-ආරම්භක)
  • අඛ්තර් මන්සූර්  (2015–2016)
  • හිබතුල්ලාහ් අඛුන්ද්සාදා (2016–වර්තමානය)
  • මුහම්මද් රාසුල් (බෙදුනු කන්ඩායමක්, 2015–වර්තමානය)
මූලස්ථානකන්දහාර්, ඇෆ්ගනිස්ථානය (1994–2001)
සන්ධානයන්රාජ්‍ය
  •  පාකිස්ථානය (2001 වෙනතෙක්, වර්තමානයේද පක්ෂපතී බවට සැකකෙරෙයි, නමුත් ප්‍රතික්ෂේප කරන ලදී)[1][2]
  •  කාටාර් (පක්ෂපාතිබවට සැකකෙරෙයි)[3][4][5]
  •  ඉරානය (පක්ෂපාතිබවට සැකකෙරෙයි)[6][7][8]
  •  චීනය (පක්ෂපාතිබවට සැකකෙරෙයි)[9][10]
  •  රුසියාව (එක්සත් ජනපදය මගින් පක්ෂපාතිබවට සැකකෙරන ලද නමුත් ප්‍රතික්ෂේප කරන ලදී)[11]
  •  සෞදි අරාබිය (2013 වනතෙක් පක්ෂපාතිවූ බවට සැකකෙරෙයි)[12][5]
‍රාජ්‍ය නොවන
  • හඛනි ජාලය
  • අල්-කයිඩා
  • ලෂ්කර්-ඊ-තයිබා
  • ජයිෂ්-ඊ-මුහම්මද්
  • හර්කත්-අල්-මුජහයිදීන්
  • ටෙහ්රීක්-ඊ-තලෙයිබාන් පකිස්තානය (2004–2007, 2009, 2017 සිට)[13][14][15]
  • ටෙහ්රීක්-ඊ-නෆාස්-ඊ-ෂරියට්-ඊ-මුහම්මදී
  • හෙස්බි-ඊ ඉස්ලාම් ගුල්බදින්[16] (2016 වනතෙක්)[17]
  • උස්බෙකිස්ථානයේ ඉස්ලාම් ව්‍යාපාරය (ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යයට එරෙහි සංවිධානයකි)[18][19]
ප්‍රතිවාදීන්රාජ්‍යරාජ්‍ය නොවන
සටන්
සහ යුද්ධ
  • ඇෆ්ගන් සිවිල් යුද්ධය (1992–1996)
  • ටජික් සිවිල් යුද්ධය (1992–1997)[29]
  • ඇෆ්ගන් සිවිල් යුද්ධය (1996–2001)
  • ඇෆ්ගනිස්ථානයේ යුද්ධය (2001–වර්තමානය)
වෙබ් අඩවියalemarahenglish.net (ඉංග්‍රීසි)
alemarahpashto.com (පෂ්ටෝ)
alemarahdari.net (පර්සියන්)
alemarahearabi.org (අරාබි)
alemarahurdu.org (උර්දු)

1996 සිට 2001 දක්වා, තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයෙන් 3/4 ක පමණ ප්‍රමාණයක් පාලනය කළ අතර, එම ප්‍රදේශවල ෂරියා නොහොත් ඉස්ලාම් නීතිය තදින් බලාත්මක කරවන ලදී. 1994 දී තලෙයිබාන් සංවිධානය ඇෆ්ගන් සිවිල් යුද්ධයේ ප්‍රමුඛ පාර්ශවයක් ලෙස ඉදිරියට පැමිණෙන අතර, එය විශාල වශයෙන් සමන්විත වූයේ සාම්ප්‍රදායික ඉස්ලාම් පාසල් වල අධ්‍යාපනය ලැබූ, සහ සෝවියට්-ඇෆ්ගන් යුද්ධයෙහි සටන් කරන ලද අයගෙනි. මුහම්මද් ඔමාර් ගේ නායකත්වය යටතේ, මෙම සංවිධානය ඇෆ්ගනිස්තානය පුරා ව්‍යාප්ත වීම ඇරඹුනි. 1996 දී තලෙයිබාන් විසින් ඒකාධිපති පාලනයක් යටතේ ඇෆ්ගන් ඉස්ලාම් එමිරේටය පිහිටුවන ලද අතර ඇෆ්ගනිස්තානයේ අගනගරය කන්දහාර් ලෙස නම් කරන ලදී. එය විසින් රටෙහි විශාල ප්‍රමාණයක් පාලනයට යටත් කරගෙන තිබූ නමුත් 2001 සැප්තැම්බර් 11 ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය ප්‍රමුඛව කරන ලද ආක්‍රමණයෙන් පසු ඇෆ්ගන් ඉස්ලාම් එමිරේටය බිඳ වැටුනි.

ඉතා දැඩි ලෙසින් ඉස්ලාම් ෂරියා නීතිය බලාත්මක කිරීම මගින් ඇෆ්ගන් ජාතිකයන්ට කුරිරු ලෙස සැළකීම නිසා තලෙයිබාන් සංවිධානය ජාත්‍යන්තරය විසින් හෙළා දැකීමට ලක්ව ඇත. 1996 සිට 2001 දක්වා ඔවුන්ගේ පාලන කාලය තුල තලෙයිබාන් සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශවයන් විසින් ඇෆ්ගන් සිවිල් වැසියන් සමූළ ඝාතනයට ලක් කිරීම, සිවිල් වැසියන් හට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලබාදෙන ආහාර සැපයුම් ප්‍රතික්ෂේප කිරීම, විශාල සරු භූමීන් ගිනි තැබීම සහ දහස් ගණන් නිවාස විනාශ කිරීම වැනි ක්‍රියා සිදු කරන්නට විය. තලෙයිබාන් ඇෆ්ගනිස්තානය පාලනය කරන කාලය තුල මිනිසුන් හෝ සජීවි දෑ දැක්වෙන චිත්‍ර, ඡායාරූප සහ චිත්‍රපට වැනි මාධ්‍ය තහනම් කරන ලදී. තලෙයිබාන් විසින් ගැහැනු දරුවන්ට පාසල් යාම තහනම් කරන ලද අතර කාන්තාවන් හට සෞඛ්‍ය අංශයේ හැර (පිරිමි වෛද්‍යරුන් ගැහැණු රෝගීන්ට ප්‍රතිකාර කිරීම තහනම් විය) වෙනත් රැකියා කිරීම තහනම් කළහ. සියලුම ගැහැණු පුද්ගලයින් පොදු ස්ථානවල බුර්කාව පැළඳිය යුතු අතර, පිරිමි නෑදෑයෙකු තමන් සමග නොමැතිව එළිමහනේ ගමන් කිරීම තහනම් විය. කාන්තාවන් ඉහත සඳහන් නීතියක් කඩ කළහොත් ප්‍රසිද්ධියේ කස පහර දීම හෝ මරණ දඬුවම ලබා දෙන ලදි. තලෙයිබාන් පාලනය යටතේ සුලුතර ආගමික සහ ජන වාර්ගික කොටස් වලට ද දැඩි ලෙස වෙනස්කම් කරන ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව 2010 දී ඇෆ්ගන් සිවිල් වැසියන්ගෙන් මරණයට පත්වූ හෝ තුවාල වූ අයගෙන් 76% ක් තලෙයිබාන් හි ක්‍රියාකාරකම් නිසා විය. මෙය 2011 සහ 2012 දී 80% දක්වා ඉහළ යන ලදී. තලෙයිබාන් විසින් සංස්කෘතික වශයෙන් වැදගත් ස්මාරක ආදිය ද විනාශ කරන ලද අතර බම්යන් හී පිහිටි වසර 1500 ක් පමණ පැරණි බුදු පිළිමයද ඉන් එකකි.

පාකිස්ථානු අන්තර්-සේවා බුද්ධි අංශය (ISI) සහ හමුදාව තලෙයිබාන් සංවිධානයට සහයෝගය දක්වන බවට ජාත්‍යන්තර ප්‍රජාව විසින් චෝදනා එල්ලවන ලදී. නමුත් පාකිස්ථානය ප්‍රකාශ කරේ සැප්තැම්බර් 11 ප්‍රහාර වලට පසු ඔවුන් තලෙයිබාන් වෙත සහය දැක්වීම නැවතූ බවයි. 2001 දී අල්-කයිඩා නායක ඔසාමා බින් ලාඩන් යටතේ අරාබිවරුන් 2,500 ක් පමණ තලෙයිබාන් වෙනුවෙන් සටන් කරන ලදී. 2021 අගෝස්තු 15 වැනිදා කාබුල් බිඳවැටීමත් සමගම තලෙයිබාන් ඇෆ්ගනිස්ථානයේ බලය නැවත අල්ලා ගන්නා ලදී.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=තලෙයිබාන්&oldid=492326" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි