ඈන් හැතවේ

ඈන් ජැකලීන් හැතවේ (උපත 1982 නොවැම්බර් 12) යනු ඇමරිකානු නිළියක සහ ගායිකාවකි. නිව් යෝක්හි බෲක්ලින්හි උපත ලද ඇය හැදී වැඩුණේ නිව් ජර්සියේ මිල්බර්න්හි ය. හැතවේ රංගනය කෙරෙහි යොමුවූයේ ඇගේ මවගේ බලපෑම මත වන අතර, උසස් පාසල් ශිෂ්‍යාවකව සිටි සමයේ ඇය උසස් පාසල් නිළියකගේ හොඳම රංගනය සඳහා පේපර් මිල් ප්ලේහවුස් නැගී එන තරුව සම්මානය සඳහා නිර්දේශ වූයේ වන්ස් අපොන් අ මැට්‍රස්හි ඇගේ රංගනය වෙනුවෙනි. ඇය වෘත්තීමය වශයෙන් තිර ප්‍රවේශය සනිටුහන් කළේ කෙටි-කාලීන ෆොක්ස් රූපවාහිනී කතාමාලාවක් වූ ගෙට් රියල් (1999–2000) තුළිනි. පසුව ඇය ඩිස්නි ප්‍රහසන චිත්‍රපටයක් වූ ද ප්‍රින්සස් ඩයරීස් (2001) චිත්‍රපටයේ මියා තර්මොපොලිස් නම් ප්‍රධාන චරිතය නිරූපණය කළා ය. මේ වෙනුවෙන් ඇය තේරීම චිත්‍රපට නිළිය සඳහා යොවුන් තේරීම සම්මානය – ප්‍රහසන සම්මානය හිමි කරගත්තා ය. නිකොලස් නිකල්බි (2002), එලා එන්චෑන්ටඩ් (2004), ද ප්‍රින්සස් ඩයරීස් 2: රෝයල් එන්ගේජ්මන්ට් (2004), සහ හුඩ්වින්කඩ්! (2005) තුළ ඇගේ රංගනය වෙනුවෙන් හැතවේ "ළමයින් සඳහා චරිත නිරූපිකාවක" ලෙස පුළුල් පැසසුමට ලක්වූවා ය.

ඈන් හැතවේ
හැතවේ 2017දී
උපත
ඈන් ජැකලීන් හැතවේ

නොවැම්බර් 12, 1982 (1982-11-12) (වයස 41)
බෲක්ලින්, නිව් යෝක්, එ.ජ.
රැකියාවනිළියක, ගායිකාවක
සක්‍රීය වසර1999–වර්තමානය
උපන් නගරයමිල්බර්න්, නිව් ජර්සි
කලත්‍රයා(යන්)ඇඩම් ෂුල්මන් (වි. 2012)
දරුවන්1
අත්සන

2005දී හැතවේ වඩා වැඩිහිටි චරිත කරා සංක්‍රමණය සනිටුහන් කළ අතර හැවොක් (2005) චිත්‍රපටය වෙනුවෙන් ඇය හොඳම නිළිය සඳහා ඩීවීඩී විශිෂ්ට සම්මානය හිමිකරගත්තා ය. විචාරක පැසසුමට පත් බ්‍රෝක්බැක් මවුන්ටන් (2005) හි ඇගේ රංගනය වෙනුවෙන් ඇය ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් සම්මානය සඳහා නිර්දේශ වූවා ය. ඇය තවදුරටත් ජනාදරයට පත්වූයේ මෙරිල් ස්ට්‍රීප් සමග ද ඩෙවිල් වෙයාර්ස් ප්‍රාඩා (2006) චිත්‍රපටයේ රංගනය නිසායි. බිකමිං ජේන් (2007) චිත්‍රපටයේ ජේන් ඔස්ටින්ගේ චරිතය නිරූපණය වෙනුවෙන් ඇය නිළියකගේ හොඳම නිරූපණය සඳහා වූ BIFA නිර්දේශයක් හිමි කරගත්තා ය. රේචල් ගෙටිං මැරීඩ් (2008) චිත්‍රපටයේ පුනරුත්ථාපනය වන මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූ කාන්තාවකගේ චරිතය නිරූපණය වෙනුවෙන් හැතවේ විචාරක ප්‍රශංසා හිමි කරගත්තා ය. මේ සඳහා ඇය හොඳම නිළිය සඳහා විචාරක තේරීම් චිත්‍රපට සම්මානය හිමි කරගත් අතර, ඇකඩමි, ගෝල්ඩන් ග්ලෝබ්, ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ්, සහ ඉන්ඩී ස්පිරිට් සම්මාන සඳහා නිර්දේශ වූවා ය. බ්‍රයිඩ් වෝර්ස් (2009) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය සිය දෙවන තේරීම් චිත්‍රපට නිළිය සඳහා යොවුන් තේරීම් සම්මානය – ප්‍රහසන සම්මානය හිමි කරගත්තා ය. 2010දී ඇය බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා බිඳහෙළූ වැලන්ටයින්’ස් ඩේ, ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් සහ ලව් ඇන්ඩ් අදර් ඩ්‍රග්ස් චිත්‍රපටවල රංගනයෙන් දායක වූවා ය. මින් අවසානයට සඳහන් කළ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය හොඳම නිළිය සඳහා සැටලිය්ට් සම්මානය හිමි කරගත් අතර, හොඳම නිළිය සඳහා ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය – සලරූ ප්‍රහසන හෝ සංගීතමය සම්මානය සඳහා නිර්දේශ වූවා ය.

2011දී, හැතවේ රියෝ සජීවීකරණ චිත්‍රපටයේ ජුවෙල්ගේ චරිතය සඳහා හඬකැවූ අතර, ජේම්ස් ‍ෆ්‍රැන්කෝ සමග 83වන ඇකඩමි සම්මාන උළෙල මෙහෙයවූවා ය. 2012දී ඇය ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ ද ඩාර්ක් නයිට් රයිසස් චිත්‍රපටයේ කැට්වුමන්ගේ චරිතය නිරූපණය කළ අතර ඒ වෙනුවෙන් ඇය හොඳම සහාය නිළිය සඳහා සැටර්න් සම්මානය හිමි කරගත්තා ය. එම වර්ෂයේම ටොම් හූපර්ගේ ලෙස් මිසෙරබල්ස් චිත්‍රපටයේ ඇය නිරූපණය කළ ෆැන්ටීන්ගේ චරිතය වෙනුවෙන් ඇය පැසසුමට පත් අතර, හොඳම සහාය නිළිය සඳහා වන ඇකඩමි, ගෝල්ඩන් ග්ලෝබ්, BAFTA, සහ SAG සම්මාන හිමි කරගත්තා ය. අනතුරුව හැතවේ රියෝ 2 (2014), ඉන්ටර්ස්ටෙලර් (2014), ද ඉන්ටර්න්| (2015) චිත්‍රපට‍ සඳහා සිය දායකත්වය සැපයූ අතර , ඇලිස් තෲ ද ලුකිං ග්ලාස් (2016) චිත්‍රපටයේ ඇගේ සුදු රැජිනගේ චරිතය නැවතත් නිරූපණය කළා ය.

පීපල් සඟරාව විසින් හැතවේ 2001 වර්ෂයේ කැපීපෙනෙන නිළියන් අතුරින් අයකු ලෙස නම් කළ අතර,[1] 2006දී ඇය ලොව රූමත්ම පුද්ගලයන් 50 දෙනාගේ ලැයිස්තුවට ද ඇතුළත් විය.[2] රෆායෙලෝ ෆොලියෙරි සමග සිව් වසරක සම්බන්ධතාවයෙන් පසුව, හැතවේ 2002දී ඇඩම් ෂුල්මන් සමග විවාහ වූවා ය. 2016 මාර්තු මස ඇය පුත්‍රයකු බිහිකළා ය.

නිර්මාණ දායකත්වය

චිත්‍රපට

වර්ෂයතේමාවචරිතයසටහන්
2001ද ප්‍රින්සස් ඩයරීස්මියා තර්මොපොලිස්
2001The Other Side of Heavenජීන් සැබින්
2002Nicholas Nicklebyමැඩ්ලින් බ්‍රේ
2003The Cat Returnsහරු යොෂියෝකා (හඬ)ඉංග්‍රීසි හඬකැවුම
2004Ella Enchanted‍ෆ්‍රෙල්හි එලා
2004ද ප්‍රින්සස් ඩයරීස් 2: රෝයල් එන්ගේජ්මන්ට්මියා තර්මොපොලිස්
2005Hoodwinked!රෙඩ් පකට් (හඬ)
2005Havocඇලිසන් ලැන්ග්
2005Brokeback Mountainලුරීන් නිව්සම් ට්විස්ට්
2006The Devil Wears Pradaඇන්ඩ්‍රියා "ඇන්ඩි" සැච්ස්
2007බිකමිං ජේන්ජේන් ඔස්ටින්
2008Get Smartඒජන්ට් 99
2008Rachel Getting Marriedකිම් බච්මන්
2008Passengersක්ලෙයා සමර්ස්
2009Bride Warsඑමා ඇලන්
2010Valentine's Dayලිස් කරන්
2010ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්මාර්මෝරියල්හි මිරානා / සුදු රැජින
2010Love & Other Drugsමැගී මර්ඩොක්
2011රියෝජුවෙල් (හඬ)
2011One Dayඑමා මෝර්ලි
2012The Dark Knight Risesසෙලීනා කයිල් / කැට්වුමන්
2012Les Misérablesෆැන්ටයින්
2013Don Jonඑමිලි ලොම්බාර්ඩෝපසුබිම් රංගනය
2014Song Oneෆ්‍රැනී එලිස්නිෂ්පාදකවරිය ද වේ.
2014රියෝ 2ජුවෙල් (හඬ)
2014Don Peyoteසත්‍යයේ නියෝජිතවරියපසුබිම් රංගනය
2014Interstellarඇමීලියා බ්‍රෑන්ඩ්
2015The Internජූල්ස් ඔස්ටින්
2016ඇලිස් තෲ ද ලුකිං ග්ලාස්මාර්මෝරියල්හි මිරානා / සුදු රැජින
2016Colossalග්ලෝරියා
2018Ocean's Eightඩැෆ්නි ක්ලූගර්පශ්චාත්-නිෂ්පාදනය

රූපවාහිනිය

වර්ෂයතේමාවචරිතයසටහන්
1999–2000Get Realමේගන් ග්‍රීන්කථාංග 22ක
2007Elmo's Christmas Countdownඇය ලෙසමරූපවාහිනී විශේෂ
2008–12Saturday Night Liveඇය ලෙසම (නිවේදිකා)කථාංග 3ක
2009–12ද සිම්ප්සන්ස්ජෙනී / පෙනිලොපි කුමරිය (හඬ)කථාංග 3ක
2010–11Family Guyමැගී මව්තුමිය / හොට් බ්ලොන්ඩ් (හඬ)කථාංග 2ක
201183වන ඇකඩමි සම්මානඇව ලෙසම (සම-නිවේදක)රූපවාහිනී විශේෂ
2015HitRecord on TVවිවිනා වයිරස්කථාංගය: ""Re: The Number Two"
2015Lip Sync Battleඇය ලෙසමකථාංගය: "Anne Hathaway vs. Emily Blunt"

වේදිකා

වර්ෂයතේමාවචරිතයසටන්
2009Twelfth Night[3]වියෝලාඩෙලාකෝර්ටි තියටරය
2015Groundedනම් නොලද ගුවන් නියමුවරියද පබ්ලික් තියටර්

ගීත දායකත්වය

සටහන්ගත ගීත

එලා එන්චෑන්ටඩ්හි ඇගේ ගීත සඳහා, බලන්න: එලා එන්චෑන්ටඩ් ධ්වනිපථය සඳහා පථ ලැයිස්තුකරණය

තේමාවවර්ෂයඋච්ච සටහන් අගයයන්ඇල්බමය
කැන.
[4]
ස්පාඤ්.
[5]
අයර්.
[6]
එ.රා.
[7]
එ.ජ.
[8]
"I Dreamed a Dream"20127721262269Les Misérables: Highlights from
the Motion Picture Soundtrack

ආරාධිත නිරූපණයන්

ගීතයවර්ෂයශිල්පියාඇල්බමය
"Don't Go Breakin' My Heart"2004ජෙසී මැකාර්ට්නි සහ ඈන් හැතවේElla Enchanted (ධ්වනිපථය)
"You Make Me Feel Like Dancing (Remix)"ඈන් හැතවේ
"Somebody to Love"ඈන් හැතවේ
"Great Big World"2005ඈන් හැතවේහුඩ්වින්ක්ඩ් (සැබෑ සලරූ ධ්වනිපථය)
"Take, O Take Those Lips Away"2009ඈන් හැතවේ සහ ඉල්රියන් මාර්චිං සංගීත කණ්ඩායමTwelfth Night
"Full Phathom Five"ඈන් හැතවේ, හෙම් සහ ඕඩ්‍රා මැක්ඩොනල්ඩ්
"Come Away Death"ඈන් හැතවේ, ඩේවිඩ් පිටූ, රාවුල් එස්පාර්සා සහ ඉලිරියන් මාර්චිං සංගීත කණ්ඩායම
"Real in Rio"2011ඈන් හැතවේ, ජෙසී අයිසන්බර්ග්, ජේමී ෆොක්ස්, ජෝර්ජ් ලෝපෙස්, විල්.අයි.ඈම්, සහ ද රියෝ සිංගර්ස් සමග හොලිවුඩ් රියෝ (චිත්‍රපටය)
"Hot Wings (I Wanna Party)"ඈන් හැතවේ, විල්.අයි.ඈම්, ජේමී ෆොක්ස්
"At the End of the Day"[9]2012හියු ජැක්මන්, ඈන් හැතවේ, ෆෝර්මන්, ෆැක්ටරි ගර්ල්ස් සහ පිරිසLes Misérables: Highlights from
the Motion Picture Soundtrack
"I Dreamed a Dream"[9]ඈන් හැතවේ
"Epilogue"[9]ඇමැන්ඩා සෙයිෆ්‍රීඩ්, ඈන් හැතවේ, කොල්ම් විල්කින්සන්, එඩී රෙඩ්මේන්, හියු ජැක්මන්
"What is Love"2014ජැනෙල් මොනේ, ජේමී ෆොක්ස්, ඈන් හැතවේ, ජෙසී අයිසන්බර්ග් රියෝ 2
"Don't Go Away"ඈන් හැතවේ සහ ‍ෆ්ලේවියා මේයා
"At The Ballet" (A Chorus Line තුළ)2016බාබ්‍රා ස්ට්‍රයිසෑන්ඩ්, ඩේසි රිඩ්ලි, ඈන් හැතවේ Encore: Movie Partners Sing Broadway

සම්මාන සහ නිර්දේශ

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

සැකිල්ල:Oscars hosts 2001–2020

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=ඈන්_හැතවේ&oldid=591425" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි