උප්පත්ති දේවස්ථානය

ක්‍රිස්තෝත්පත්ති දේවස්ථානය බටහිර ඉවුරේ බෙත්ලෙහෙමේ පිහටා ඇති බැසිලිකාවකි. මෙහි තිබෙන ගුහාව ජේසුස් වහන්සේ උත්පත්තිය ලැබූ ස්ථානය ලෙස ක්‍රිස්තියානින් විසින් විශ්වාස කෙරේ. මෙම ගුහාව දැනටත් ක්‍රිස්තියානින්ගේ වන්දනාමානයට පත්වන පැරණිතම ස්ථානය වන අතර මෙම බැසිලිකාව ශුද්ධවූ දේශයේ පැරණිතම දේවස්ථානය ද වේ.

ක්‍රිස්තෝත්පත්ති දේවස්ථානය
මේන්ජර් චතුරස්‍රෙයහි සිට පෙනෙන උප්පත්ති දේවස්ථානය
මූලික තොරතුරු
පිහිටීමබෙත්ලෙහෙම, බටහිර ඉවුර, පලස්තීනය
භූගෝලීය ඛණ්ඩාංක31°42′15.50″N 35°12′27.50″E / 31.7043056°N 35.2076389°E / 31.7043056; 35.2076389 35°12′27.50″E / 31.7043056°N 35.2076389°E / 31.7043056; 35.2076389
අනුබැඳියාවහවුලකි: ආමේනියානු අපෝස්තලික, ග්‍රීක ඕර්තඩොක්ස් සහ රෝමානු කතෝලික
රටපලස්තීනය
සම්පූර්ණ කෙරුණේ565
නිල නාමය: ජේසුස් වහන්සේගේ උප්පත්ති ස්ථානය: උප්පත්ති දේවස්ථානය සහ වන්දනා මාර්ගය, බෙත්ලෙහෙම
නිර්ණායකiv, vi
නම්කෙරුණේ2012[1]
සඳහන අං.1433
වර්ගයසංස්කෘතික
රාජ්‍ය පාර්ශවයපලස්තීනය
ප්‍රදේශයබටහිර ආසියාව
උප්පත්ති ගුහාවේ අල්තාරය පහත ඇති මෙම දස-සතර-කොන් තරුව සනිටුහන් කරන්නේ භාග්‍යවත් කන්‍යා මරිය තුමිය වෙතින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලද ස්ථානය යැයි විශ්වාස කෙරෙන සාම්ප්‍රදායික තැනයි.

ජේසුස් වහන්සේගේ උත්පත්ති ස්ථානය ලෙස සම්ප්‍රදායෙන් සලකන ලද මෙම ස්ථානයේ දේවස්ථානයේ වැඩ ආරම්භ කරන ලද්දේ ක්‍රි.ව. 327 දී මහා කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා සහ ඔහුගේ මව වූ හෙලේනා විසිනි. බැසිලිකාව 333-339 අතර සාදා නිමකර ඇත. එය 6වන සියවසේ සමරිතානු කැරළි අතරතුර ගින්නෙන් විනාශ විය. පැරණි බැසිලිකාව ආකාරයෙන් ම නව බැසිලිකාවක් ඉදිකරන ලද්දේ 565 දී ජස්ටීනියන් නම් වූ බයිසන්තියානු අධිරාජ්‍යයා විසිනි.

ජස්ටීනියානු ප්‍රතිසංස්කරණයෙන් පසු ව බොහෝ වෙනස්කම් සිදු වී නැති අතර කුරුස යුධ සමයේ දී ඝණ්ටාර කුළුණු 2ක් (විනාශ වී ගොස් ඇති), මොසයික් චිත්‍ර සහ බිතුසිතුවම් එකතු වී ඇත. සියවස් ගණනක් තිස්සේ අවට අංගනයන් දැනට වර්ග මීටර 12,000ක් වන තුරු විශාල කර ඇත. දැනට එම අංගනයේ ග්‍රීක පෙරදිග සභාවේ තාපසාරාමයක්, ආර්මේනියානු අපෝස්තලික සභාවේ තාපසාරාමයක් සහ රෝමානු කතෝලික තාපසාරමයක් ඇති අතර පළමු ද්විත්වයේ වර්තමානයේ ඉදිකළ ඝණ්ටාර කුළුණු ඇත.

ජේසුස් වහන්සේ ඉපදුනු ස්ථානයේ තිබෙන රිදී තරුව 1847දී සොරාගෙන ඇති අතර සමහරුන්ගේ මතය නම් මෙය රුසියානු අධිරාජ්‍යයට විරුද්ධ ව ක්‍රිමියානු යුද්ධයට තුඩු දුන් බව යි.

ක්‍රිස්තෝත්පත්ති දේවස්ථානය ලෝක උරුමයක් ලෙස නම් කර ඇති අතර යුනෙස්කෝව විසින් පලස්තීනයේ නම් කල පළමු ලෝක උරුමය ද එය යි. මෙම දේවස්ථානය යුනෙස්කෝ අවදානමට පත් ලෝක උරුම ලැයිස්තුවට ද ඇතුලත් කර ඇත.

ඉතිහාසය

කොන්ස්තන්තීනු අධිරාජ්‍යයාට පෙර ශුද්ධ වූ ස්ථානය (ක්‍රි.ව. 327 තෙක්)

ක්‍රිස්තෝත්පත්ති ගුහාව නම් වූ ශුද්ධ ස්ථානය ජේසුස් වහන්සේ උපන් ස්ථානය ලෙස සැලකේ. ක්‍රි.ව. 135දී හේඩ්‍රියන් අධිරාජ්‍යයා එම ගුහාව ඇඩෝනිස් නම් වූ ග්‍රීක දෙවියන්ට වන්දනා ස්ථානයක් ගොඩනඟා ඇත. ක්‍රි.ව. 420දී ජෙරොම් ලියා ඇත්තේ එම ගුහාව ග්‍රීක වන්දනා ස්ථානයක් බවට පත්කර ඇත්තේ ජේසුස් වහන්සේ පිලිබඳ මතකය ලොවින් අතුගා දැමීමට ය. මෙම ස්ථානය ජේසුස් වහන්සේ උපන් ස්ථානය බවට ඇති පැරණිතම සාක්ෂිය නම් ප්‍රාණපරිත්‍යාගී වූ ජස්ටීන්ගේ (ක්‍රි.ව. 100-165 පමණ) ට්‍රයිෆෝ සමඟ දෙබසක් නම් වූ පොතේ ශුද්ධවූ පවුල ගුහාවේ නවාතැන් ගත් බව මෙසේ ලියා ඇත:

එහෙත් දරුවා බෙත්ලෙහෙමේ උපත ලැබූ පසු, ජෝසප්ට එම ගමේ නවාතැනක් සොයාගැනීමට නැති වූයෙන්, ඔහු ගමේ එක ගුහාවක නවාතැන් ගත්හ; ඔවුන් එහි සිටිය දී මරියා ක්‍රිස්තුන් වහන්සේ රැගෙනවිත් ගව ඔරුවේ තැබූ අතර, එවිට අරාබියෙන් පැමිණි ශාස්ත්‍රවන්තයින් ඔහුව සොයාගත් හ.

ඊට අමතර ව, මුල් ක්‍රිස්තියානි දෙවධර්මධරයෙක් සහ ග්‍රීක දාර්ශනිකයෙකු වූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඔරිජන් (ක්‍රි.ව. 185-254) මෙසේ ලියා ඇත:

බෙත්ලෙහෙමේ ඔහු (ජේසුස් වහන්සේ) ඉපදුනු ගුහාව, සහ ඔහු රෙදිවලින් ඔතා තිබුණු ගව ඔරුව සොයාගෙන ඇත. සහ නිසැකයෙන්ම ක්‍රිස්තියානින්ගේ වන්දනාවට හා ගෞරවයට පත් ජේසුස් වහන්සේ උපන් ස්ථානය එය බවට නොඅදහන්නන් අතර ද කටකතාවට ලක් වී ඇත.

සටහන්

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි