නින්දෙන් ඇවිදීම

නිද්‍රාචරණය හෝ නක්තචරණය ලෙසින්ද හැඳින්වෙන, නින්දෙන් ඇවිදීම යනු, පාරනිද්‍රාව පවුලට අයත් වන නිද්‍රා ව්‍යාබාධයකි. [2] ලැසි තරංග නින්ද අවස්ථාවෙන් නැගී සිටින නින්දෙන් ඇවිදින්නෝ, අව විඥාන තත්ත්වයක සිටින අතර, පූර්ණ විඥාන තත්ත්වයෙන් සිටින විට සිදු කරණ ක්‍රියාකාරකම් සිදු කරති. මෙම ක්‍රියාකාරකම් අතර, ඇඳ මත වාඩිවී සිටීම, නාන කාමරය වෙත ඇවිදගෙන යෑම සහ, පිරිසිදු කිරීම වැනි නිරුප්‍රදව දේ මෙන්ම, පිසීම, රිය පැදවීම,[3] චණ්ඩ අංගහාරයන්, සිතින් මවා ගත් වස්තූන් අල්වා ගැනීමට යෑම,[4] හෝ මිනීමැරීම වැනි අන්තරායකර දේවල්ද විය හැක. [5] [6] [7]

නින්දෙන් ඇවිදීම
වර්ගීකරණය සහ බාහිර මූලාශ්‍ර
නිද්‍රාචරණය
ICD-10 කේතයF51.3[1]
ICD-9 කේතය307.4
MedlinePlus000808
eMedicinearticle/1188854
MeSHD013009

සාමාන්‍යයෙන් නින්දෙන් ඇවිදීමෙහිදී වන්නේ සරල ක්‍රියාකාරකම් යළි යළිත් සිදු කිරීම වුවද, නින්දෙ පසුවෙද්දීම සංකීර්ණ චර්යාවන්හී යෙදුනු පුද්ගලයන් පිළිබඳ වාර්තා විටින්විට පළ වන අතර ඒවායේ නීත්‍යානුකූල භාවය බොහෝ විටවිවාදාත්මකය. [8] 2004දී, ඕස්ට්‍රේලියාවේ නිද්‍රා ඖෂධ විශේෂඥයින් කියාසිටියේ, ඇයගේ නින්දෙහිදී ආගන්තුකයන් හා සමග ලිංගික ක්‍රියාවන්හීදී යෙදුනු කාන්තාවකට ඔවුහූ සාර්ථක ලෙසින් පිළියම් කළ බවයි. [8] 2008 දෙසැම්බරයේදී වාර්තා පළවූයේ, නින්දෙන් ඇවිදිමින් අර්ධ-සංගත විද්‍යුත්-තැපැල් පණිවුඩ යැවූ කාන්තාවක් පිළිබඳ වන අතර, මිතුරතු හට රාත්‍රි භෝජනයකට හා මත් පැන් සාදයකට කළ ආරාධනාද ඒවා අතර විය. [9] මතකය අවදි කිරීම අසීරු වන තරමකට ඔවුන්ගේ සංඥතාව වෙනස් වී ඇති බැවින්, සිද්ධිය පිළිබඳ කුඩා මතකයක් හෝ මතකය නොමැති බවක් නින්දෙන් ඇවිදින්නන් අතර දක්නට ලැබේ. ඔවුන්ගේ ඇස් විවෘතව තිබුණද, ඔවුන්ගේ අභිනය අඳුරු හා නොපැහැදිලි වෙයි. [10] නින්දෙන් ඇවිදීම පැවතීම, තත්පර 30 ක් පමණ සුළු කාලයක් හෝ විනාඩි 30 ක් පමණ දිගු කාලයක් විය හැක. [4]

නාමකරණය, වර්ගීකරණය, සහ කේතකරණය

ඌනිත නිවේධනයක් සහිත අලිංග වර්ණදේහමය ප්‍රමුඛ ව්‍යාබාධයක් ලෙසින්, නින්දෙන් ඇවිදීම ප්‍රවේණිගත විය හැකි බව, වොෂිංටන් විශ්වවිද්‍යාලයයීය වෛද්‍ය විද්‍යා ශාස්ත්‍රාලයෙහි, ස්නායු විද්‍යා දෙපාර්තමේන්තුවෙහි, ආචාර්ය. ක්‍රිස්ටියානා ඒ. ගර්නට් විසින් සිදු කළ අධ්‍යයනයකට අනුව පෙනී ගොස් ඇත. නින්දෙන් ඇවිදීම සඳහා ජිනෝම-ව්‍යාප්ත බහුලක්ෂ්‍යය පරාමිතික ප්‍රතිබද්ධ විශ්ලේෂණය අනාවරණය කළේ 55.6 සහ 61.4 cM අතර වර්ණදේහ 20q12-q13.12 හිදී වාසි අවාසි ලකුණේ ලඝුගණකය සඳහා 3.44 ක උපරිම අගයකි. [11]

පැහැදිලි කිරීම

නින්දෙහි අවස්ථා

REM නින්ද සහ NREM නින්ද අතර චක්‍රයක අවස්ථා ලෙසට නින්ද ප්‍රවර්ගීකරණය කොට ඇත. අවස්ථා සතර: අවස්ථාව 1 (සැහැල්ලු නින්ද අවදියක්), අවස්ථාව 2 (තහවුරුකළ නින්ද අවස්ථාවත්), සහ අවස්ථා 3 සහ 4 (ලැසි තරංග නින්ද අවස්ථාවන්) ලෙසින් NREM නින්ද තවදුරටත් බෙදා ඇත. මෙයින් පසුව වන්නේ අවස්ථාව 3, අවස්ථාව 2, අවස්ථාව 1, සහ REM අවධියකි. සාමාන්‍ය වැඩිහිටියන් විෂයයෙහි, එක් චක්‍රයක් සඳහා පැය 1.5 පමණ ගත වේ. [12] ලාවී, මැල්හෝත්‍රා සහ පිලර් පරිදී, "නින්ද චක්‍රයෙහි දිග හා අන්තර්ගතය රාත්‍රිය පුරාවටම සහ වයස අනුව වෙනස් වෙයි." නින්දෙන් ඇවිදීම සාමාන්‍යයෙන් සිදුවන්නේ රාත්‍රියෙහි පළමු තුනෙන් පංගුව (11 ප.ව. සහ 1 පෙ.ව. අතර) තුලදී [10] ලැසි තරංග NREM නින්ද අවස්ථාවෙහිදීය. උච්ච ඩෙල්ටා ක්‍රියාකාරිත්වය මොළය තුල සාමාන්‍යයෙන් සිදුවන්නේ ලැසි තරංග NREM නින්ද තුලදී වන අතර, සමස්ත ක්‍රියාකාරිත්වයෙන් 20–50% පමණ ඩෙල්ටා ක්‍රියාකාරිත්වය වන විට, අවස්ථාව 3 ඇතිවෙයි. ඩෙල්ටා ක්‍රියාකාරිත්වය 50% හෝ ඉහළ වූ විට, අවස්ථාව 4 ඇතිවෙයි. [12] සාමන්‍යයෙන්, නින්දෙන් ඇවිදීම සිදුවන්නේ නම්, එය සිදු වන්නේ රාත්‍රියකට එක් වරක් පමණි.[4]

ස්වයංක්‍රීයතාව

ස්වයංක්‍රියතාවක් ලෙසින් නින්දෙන් ඇවිදීම වර්ගීකරණය කිරීම පිළිබඳව පර්යේෂකයෝ සමහරවිට එකඟ නොවෙති. මෙම පුනර්වර්තී ක්‍රියාකාරකම් අතර සැපීම, තලු -මැරීම, ඇඳුම් වලින් ඇදීම, හෝ වික්ෂිප්ත බවකින් ඉබාගාතේ යෑම අඩංගු විය හැක. අපස්මාර ස්වයංක්‍රියතා හා සමගද " සුළු අපස්මාර අපච ප්‍රහාර" ඇතිවෙයි. [13]

නින්දෙන් ඇවිදීමේදී සිදුවන සමහර ක්‍රියාකාරකම් "ස්වයංක්‍රීයතා" ලෙසින් වර්ගීකරණය කළ හැක. "නො-උමතු ස්වයංක්‍රීයතාව" සහ "උමතු ස්වයංක්‍රීයතාව " පිළිබඳ වෙනස නීතිමය සන්දර්භයෙහිදී වැදගත් විය හැක (පහත අපරාධ බලන්න).

හේතු

පරිණත වීමෙහි පමාව නිසා ළමා කාලයේ නින්දෙන් ඇවිදීම ප්‍රවර්ධනය වන බව සමහර ප්‍රවිණයෝ අනුමාන වශයෙන් සිතති. නිද්‍රාචරකයන් වෙතෙහි, වයස අවුරුදු 17 දක්වා, අධි -වෝල්ටීයතා ඩෙල්ටා තරංගය පවතියි. මෙම පැවතීම විසින් ඉඟි කරනුයේ, නින්දෙන් ඇවිදීමට හේතුවක් විය හැකි, මධ්‍ය ස්නායු පද්ධතියෙහි අපරිණතභාවයයි. [4] නින්දෙන් ඇවිදීම, පවුල්වල පර්ෂදගතව පවතින අතර, එක් දෙමව්පියෙක් නින්දෙන් ඇවිදීම වෙතින් පෙලෙන්නේ නම් දරුවන්ගේ කුඩාකල නින්දෙන් ඇවිදීම 45% දක්වා වැඩි වන අතර, දෙමව්පිය දෙදෙනාම නින්දෙන් ඇවිදීමෙන් පෙළෙන්නේ නම් එය 60% දක්වා වෙයි. කෙසේවෙතත්, පිරිමි හෝ ගැහැණු පුද්ගලයන්ට විශේෂිත අභිරුචියක් සහිතව මෙය සිදු වන බවට වාර්තාවී නොමැත. [10] මේ අනුව, ජන්මයෙන් උරුම වන හේතූන් විසින් යම් පුද්ගලයෙකු නින්දෙන් ඇවිදීම කෙරෙහි නැඹුරු කරවන නමුදු, ගති ලක්ෂණය ප්‍රකාශනය වීම කෙරෙහි පාරිසරික හේතූන් බලපෑම් ඇති කරයි. [14] නින්දෙන් ඇවිදීම සඳහා හේතු කාරක වන අනෙකුත් කාරණා වන්නේ ලැසි තරංග නින්ද අවස්ථා දිගු කිරීමට වන හේතූන්ම වෙති. [15] දැක්විය හැකි ප්‍රචලිත හේතූන් අතර, නින්ද අහිමි වීම, උණ, සහ අධික විඩාව වෙති. සමහරක් ප්‍රතිගැස්ම හෝ නිද්‍රාජනක භාවිතයද නින්දෙන් ඇවිදීමට හේතු කාරක විය හැක. [16]

ප්‍රතිකාරය

ක්ලොනෑසෆෑම් වැනි බෙන්සෝඩයෑසෆීන් අඩු මාත්‍රාවක්, සහ ට්‍රයිසයික්ලික් විෂාදනාශක වැනි ඖෂධ නින්දෙන් ඇවිදින්නන් හට නියම කළ හැක. [4] බොහෝ විශේෂඥයින් විසින් අවවාද කරන්නේ අන්තරාදායක දේවල් ඉවත දමා නින්දට පෙර දොරවල් හා ජනේල අගුළු දැමීමෙන් නින්දෙන් ඇවිදීමේ හානි දායක ක්‍රියාකාරකම් පිළිබඳ අවදානම් අඩු කර ගත හැකි බවයි. හොඳ නිදි ස්වස්ථතාව සහ නින්ද අහිමි වීමෙන් වැලකීමද නිර්දේශ කරනු ලැබේ.[10]

නින්දෙන් ඇවිදින්නෙකු අවදි කිරීම අනර්ථකාරීද යන බව පිළිබඳ පරස්පර අදහස් පවතියි. සමහර විශේෂඥයින් පවසන්නේ නින්දෙන් ඇවිදින්නන් අවදි නොකොට සෙමින් ඇඳ වෙත කැඳවාගෙන යා යුතු බවයි. අනෙකුන් එම අදහසට විරුද්ධ වෙමින් පවසන්නේ නින්දෙන් ඇවිදින්නකු අවදිකිරීම විසින් එවැන්නකු අවුල් සහගත තත්ත්වයකට පත් කළද එය අනර්ථකාරී නොවන බවයි.[17]

වසංගත විද්‍යාව

එ.ජ. හී ජාතික නින්ද පදනම පරිදී, සාමාන්‍ය ජනගහණයෙන් 1–15% දක්වා ප්‍රමාණයක් නින්දෙන් ඇවිදීමෙන් පෙලෙති. [18] නින්දෙන් ඇවිදීම වඩාත්ම පවතින්නේ දරුවන් අතර වන අතර, වැඩිහිටියන් බවට පත් වෙත්ම සාමාන්‍යයෙන් එය නැතිව යයි. වැඩිහිටියන් අතර නින්දෙන් ඇවිදීම එතරම් බහුල ලෙසින් සිදුවන්නක් නොවන අතර වුවත්, එය සිදුවන විට, දරුවන් අතර වසරකට සිදුවනවා මෙන් තුන් ගුණයක ප්‍රමාණයක් වැඩිහිටියන් අතර සිදු වෙයි. මහළු වයසෙහිදී නින්දෙන් ඇවිදීම විරල වන අතර එය සාමාන්‍යයෙන් වෙනත් ව්‍යාබාධයක් දක්වයි. මහළු වයස් ව්‍යාබාධ අතර විභ්‍රාන්තිය (සිහිවිකලතාව), ඖෂධ විෂ වීම හෝ ගැස්ම ව්‍යාබාධයක් විය හැක.[4]

දරුවෝ

ළමා කාලයෙහිදී නින්දෙන් ඇවිදීම බහුල සිදුවීමක් වන අතර වයස වැඩිවත්ම එය අඩුව යයි. ලාවී, මැල්හෝත්‍රා සහ පිලර් පවසන පරිදී, උච්චතම වයස වන්නේ අවුරුදු 4–8 වන අතර, මෙහිදී නින්දෙන් ඇවිදීමේ සිදු වීම් අතුරින් 20% පමණ සිදු වෙයි. [10]. තවත් වාර්තාවක් පවසන්නේ උච්චතම වයස වන්නේ වයස එකොළහ සිට දොළහ දක්වා බවත් මෙම වයස් වල දරුවන්ගෙන් ඇස්තමේන්තුගත 25% ක් අවම වශයෙන් එක් වතාවක්වත් නින්දෙන් ඇවිද ඇති බවත්ය. [19] "නිද්‍රාචරකයන්ගෙන් 25–33% නිශාගත ආමුත්‍රලයෙන් " (නින්දෙන්-මුත්‍රා යෑමෙන්) පෙලෙන බවද දන්නා තවත් කරුණකි. නින්සෙන් ඇවිදීම මෙන්ම, ආමුත්‍රලයද කුඩා දරුවන් අතර බහුල වුවද දරුවන් වියපත් වත්ම කෙමෙන් නැතිවී යයි. නින්දෙන් ඇවිදින සමහර දරුවන් නින්දෙන් බිය වීමෙන්ද පෙලෙති. කෙසේවෙතත්, වැඩිහිටි නින්දෙන් ඇවිදින්නන් අතර නින්දෙන් බියවීම් බෙහෙවින් බහුල වන අතර, දරුවන්ට වඩා 50% වැඩියෙන් බහුල වෙයි. [4] ඔවුන්ගේ දරුවන් නින්දෙන් ඇවිදීම විසින් ඇති කළ හැකි මනෝවිද්‍යාත්මක බලපෑම් පිළිබඳ සමහර දෙමව්පියන් කණස්සල්ලෙන් පසුවන මුත්, කිඩ්ස්හෙල්ත් වෙබ්අඩවියෙහි සංස්කාරක, වෛද්‍යාචාර්ය ලැරිස්සා හර්ෂ් පවසන්නේ, "චිත්තවේගීව හෝ මනෝවිද්‍යාත්මකව හෝ දරුවා තුල පවතින වරදක්, නින්දෙන් ඇවිදීම විසින් නොදක්වයි. ඒ අතර එය විසින් චිත්තවේගී හානියක් දරුවාට ඇති නොකරයි."[17]

"පූර්ව-යෞවන දරුවන් නින්දෙන් ඇවිදීම හා නින්දෙන් බියවීම" පිළිබඳ අධ්‍යයනයකදී ඔවුන් සොයාගත්තේ, අසංයම පාද සින්ඩ්‍රෝමය (RLS) හෝ නිද්‍රා-ව්‍යාබාධ ශ්වසනය (SDB) වැනි තවත් නිද්‍රා ව්‍යාබාධයකින් දරුවෙකු පෙලෙයි නම් ඔවුන් නින්දෙන් ඇවිදීමට වඩාත් ප්‍රවනතාවයක් ඇති බවයි.

ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=නින්දෙන්_ඇවිදීම&oldid=592423" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය