ප්‍රතිශෝධිත රෝමානුකෘත කොරියන් භාෂාව

‍ප්‍රතිශෝධිත රෝමානුකෘත කොරියන් භාෂාව (කොරියානු:국어의 로마자 표기법 ගුගොඋයි රොමජා ප්යොගිබොප්; සාහිත්‍යමය "ජාතික භාෂාවේ රෝමානු අක්ෂර අංකනය") යනු දකුණු කොරියාවේ නිල කොරියානු භාෂා රෝමානුකරණ පද්ධතිය වේ. මෙය සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කරන ලද්දේ පැරණි මැකූන්-රයිෂවර් පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ය. මෙම නව පද්ධතිය තුළ අක්ෂරයක විවිධ ශබ්ද හැඳින්වීමට යොදන ලකුණු ඉවත් කොට ඇති අතර, තනි ශබ්ද හඟවන අක්ෂර ද්විත්වයන් භාවිත කොට ති‍බේ. එය කොරියානු ශබ්දවිද්‍යාව සමීපව අනුගමනය කරමින්, ස්වදේශික-නොවන පරිශිලකයිනට භාෂාව හැසිරවීම පහසුකොට ඇත.

මෙම ප්‍රතිශෝධිත රෝමානුකරණය ISO මූලික ලතින් හෝඩියට පමණක් සීමා වී ඇති අතර, නිතරම යා-ඉර (-) භාවිත කරනු දක්නට ලැබේ. මෙය 1995 සිට කොරියානු භාෂා ජාතික ඇකඩමිය මගින් සංවර්ධනය කරන ලද අතර, 2000 ජූලි 7වන දින සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය මගිනමෙහජනයාට මුදාහැරි අතර, ප්‍රකාශන අංක. 2000-8 මගින් නව පද්ධතිය භාවිතයට පහත හේතූන් දක්වා ඇත:[1]

  • මෙමගින් ස්වදේශික කොරියානු පරිශීලකයිනට ස්ථාවර රෝමානුකරණයක් ලබා දෙමින්, වැදගත් භාෂා ලක්ෂණ පරිවර්තනය කරයි.
  • මෙය තනි උඩුකොමාව සහ අක්ෂරයක විවිධ ශබ්ද හඟවන ලකුණු භාවිත නිසා ඇති වන පැටලිලි සහගත තත්ත්වයන් අවම කරයි.
  • එය අන්තර්ජාල වසම් නාමයන්හි සරල ASCII පාඨ සමග කොරියානු භාෂාව පරිමේය කරයි.

ලක්ෂණ

ප්‍රතිශෝධිත රෝමානුකෘත කොරියන් භාෂාව
හංගුල්국어 로마자 표기
හන්ජා國語 로마字 表記
ප්‍රතිශෝධිත රෝමානුකරණයGugeoui Romaja Pyogibeop
මැකූන්–‍රයිෂවර්Kugŏŭi Romaja P'yogipŏp

ප්‍රතිශෝධිත රෝමානුකරණ පද්ධතියේ පහත වැදගත් ලක්ෂණ ඇත:

  • 어 සහ 으 යන අක්ෂර තනි ශබ්දයක් හඟවන අක්ෂර ද්විත්ව ලෙස ලියනු ලබන්නේ ස්වර අක්ෂර දෙකක් වන eo සහ eu පිළිවෙලින් යෙදීමෙනි. (මැකූන්-රයිෂවර් පද්ධතියේ ŏ සහ ŭ අක්ෂර වෙනුවට භාවිත වේ)
    • කෙසේනමුත්, ㅝ යන්න wo (weo නොවේ) ලෙසත්, සහ ㅢ යන්න ui ලෙසත් (eui නොවේ) ලියනු ලැබේ.
  • මැකූන්-රයිෂවර් මෙන් නොව, මහාප්‍රාණාක්ෂර (ㅋ, ㅌ, ㅍ, ㅊ) සතුව තනි උඩුකොමාව නොපවතී: k, t, p, ch. ඒවායේ සිථිලාක්ෂර (ㄱ, ㄷ, ㅂ, ㅈ) ලියනු ලබන්නේ ඉංග්‍රීසියෙන් ශබ්ද කරන අක්ෂර භාවිතයෙනි: g, d, b, j. කෙසේනමුත්, මුදානොහළ නැවතුම් සහිතව උච්චාරණය කෙරෙන සියලු ව්‍යඤ්ජනාක්ෂර (මූලිකව ස්වරයක් හෝ අර්ධ ස්වරයකට පෙර නෙයෙදෙන ㄴ, ㄹ, ㅁ, ㅇ හැර සියලු ව්‍යඤ්ජනාක්ෂර) ලියනු ලබන්නේ k, t, p, ලෙස වන අතර ඒවායේ පද විචාර අගයයන් නොසලකා හැරේ: 벽 → byeok, 밖 → bak, 부엌 → bueok (නමුත් 벽에 → byeoge, 밖에 → bakke, 부엌에 → bueoke).
  • ㅅ යන්න ස්වර සහ අර්ධස්වරවලට පෙර s ලෙස ලියනු ලැබේ; sh යන්නක් නැත.
  • ㄹ යනු ස්වරයකට හෝ අර්ධ ස්වරයකට පෙර r වන අතර, සෙසු ස්ථානවල l ලෙස ගැනේ: 리을 → rieul, 철원 → Cheorwon, 울릉도 → Ulleungdo, 발해 → Balhae. මැකූන්-රයිෂවර් මෙන්, ㄴ යන්න l ලෙස ලියැවුණු විට, එය බොහෝවිට පාර්ශ්වික ව්‍යඤ්ජනාක්ෂරයක් ලෙස ශබ්ද කෙරෙන මුත්, නාසික ව්‍යඤ්ජනාක්ෂරයක් ලෙස ශබ්ද කෙරෙනු දුලබ ය: 전라북도 → Jeollabuk-do

මීට අමතරව, පරිවර්තනයේ දී ක්‍රමානුකූල ශබ්දවිද්‍යාත්මක නීති සඳහා විශේෂ නියමයන් ඇත (බලන්න කොරියානු ශබ්දවිද්‍යාව).

වෙනත් නීති සහ නිර්දේශයන් පහත පරිදි වේ:

  • යා-ඉර (-) විකල්පයක් ලෙස මාත්‍රා වෙන්කර දැක්වීමට භාවිතා වේ: 가을 → ga-eul (වැටීම; සරත් සෘතුව) සහ 개울 → gae-ul (දියපහර). කෙසේනමුත්, සැබෑ නාමයන්හි බහුඅරුත් පද විරල බැවින් මෙම නියමය ඉතා සුළු නිල ප්‍රකාශන සංඛ්‍යාවක පමණක් භාවිතයට ගැනේ.
    • යා-ඉර භාෂාමය පරිවර්තනයන්හි දී, වචනයක ආරම්භයේ හැරෙන්නට සෙසු අවස්ථාවන්හි දී, ㅇ යන ආරම්භක මාත්‍රාව සඳහන් කිරීමට ‍යා-ඉර භාවිතා වේ: 없었습니다 → eops-eoss-seumnida, 외국어 → oegug-eo, 애오개 → Ae-ogae
  • පොදු භාවිතයේදී, දෙන ලද නමක, මාත්‍රා යා-ඉරි මගින් වෙන්කිරීමට අවසර ඇත. වෙනත් පාඨයන්හි සඳහන් ඇතැම් ශබ්දවිද්‍යාත්මක වෙනස්කම් නාමයන්හිදී නොසලකා හැර ඇත්තේ, නාමයන් අතර වඩා හොඳ වක්‍රෝක්තිහරණයක් ඇතිවීම සඳහා යි: 강홍립 → Gang Hongrip හෝ Gang Hong-rip (*Hongnip නොවේ), 한복남 → Han Boknam හෝ Han Bok-nam (*Bongnam නොවේ)
  • පරිපාලන ඒකක (උදාහරණ ලෙස do) එහි ස්ථාන නාමයෙන් යා-ඉරි යොදා වෙන්කර පෙන්වයි: 강원도 → Gangwon-do
    • යමෙක් "시, 군, 읍වැනි" යෙදුම් අත්හැරිය හැක: 평창군 → Pyeongchang-gun හෝ Pyeongchang, 평창읍 → Pyeongchang-eup හෝ Pyeongchang.
  • කෙසේනමුත්, භූගෝලවිද්‍යාත්මක තොරතුරු සහ කෘත්‍රිම ව්‍යූහයන් නිරූපණය කරන නම් යා-ඉරි මගින් වෙන් නොකෙරේ: 설악산 → Seoraksan, 해인사 → Haeinsa
  • සංඥා නාම කැපිටල්කරණය කරනු ලැබේ.

භාවිතය

කොරියාව තුළ

අක්ෂර වින්‍යාසය සරල කරන ලද සමහර යුරෝපීය භාෂා මෙන් (උදාහරණ ලෙස පෘතුගීසි, ජර්මන් හෝ ස්වීඩන්) ප්‍රතිශෝධිත රෝමානුකරණය කොරියානු පවුල් නාමයන් නිල රෝමානුකරණයට ලක්කිරීම අපේක්ෂා නොකෙරුණ ද, ඉතා සුළු පිරිසක් කැමැත්තෙන්ම එය අනුගමනය කොට ඇත. 2009 වර්ෂයේ කොරියානු භාෂා ජාතික ආයතනය මගින් මෙහෙයවන ලද සමීක්ෂණයක් අනුව, 2007 දකුණු කොරියානු විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කළ 63,351ක් මත පදනම්ව, වඩාත් සුලබම සෑම කොරියානු පෙළපත් නාමයන් තුනක් වන කිම් (김), ලී (이), සහ පාක් (박) සඳහාම, 2%ට වඩා අඩු අයදුම්කරුවන් පිරිසක් සිය වාසගම සිය විදේශ ගමන් බලපත්‍රයෙහි රෝමානුකරණය කිරීමට ඉල්ලා තිබිණි. ඒවායේ ප්‍රතිශෝධිත රෝමානුකරණයන් පිළිවෙලින් ගිම්, , සහ බක් වේ.[2] දෙනලද නාමයන් සහ වෙළඳ නාමයන් රෝමානුකරණය කිරීමට දිරිගැන්වුවද, එය අත්‍යාවශ්‍ය දෙයක් නොවී ය.

2002 පෙබරවාරි 28 සිට සියලු කොරියානු පාඨ ග්‍රන්ථ නව පද්ධතිය සමග සම්පූර්ණ කිරීමට අවශ්‍ය විය. දකුණු කොරියාවේ ඉංග්‍රීසි-භාෂා පුවත්පත් මුලින් එහි දෝෂ හුවා දක්වමින් ඊට දැඩිව විරෝධය දැක්වුවද, පසුව රජයේ බලපෑම නිසා ඔවුනට එය අනුගමනය කිරීමට සිදු විය. කොරියා ටයිම්ස් යනු එසේ සිදුකිරීමට සිදු වූ අවසාන ප්‍රධාන ඉංග්‍රීසි-භාෂා පුවත්පත වූ අතර, 2006 මැයි මාසයේ පමණක් එය මාරුකරන ලදී.

උතුරු කොරියාව තවමත් භාවිත කරන්නේ මැකූන්-රයිෂවර් පද්ධතියේ ප්‍රභේදයක් වන අතර, එය 1984 සිට 2000 දක්වා ‍දකුණු කොරියාවේ භාවිත වූ නිල පද්ධතියට වඩා තරමක් වෙනස් ප්‍රභේදයකි.

කොරියාවෙන් පිටත

කොරියානු භාෂා අධ්‍යයන සිසුනට සකස් කළ පාඨග්‍රන්ථ සහ ශබ්දකෝෂ මෙම රෝමානුකරණය ඇතුළු කිරීමට උත්සාහ ගත්හ. කෙසේනමුත් සමහර ප්‍රකාශකයින්, එමගින් ‍මෙම රෝමානුකරණ ආරේ සම්මුතීන් නොදන්නා ස්වදේශික-නොවන කොරියානු භාවිත කරන්නන්ට ඉන් ඇති විය හැකි දුෂ්කරතාවන් හෝ පැටලිලි සහගත තත්ත්වයන් සඳහන් කොට ඇත.[3]

පිටපත් කිරීමේ නීති

ස්වර අක්ෂර

හංගුල්
රෝමානුකරණයaaeyayaeeoeyeoyeowawaeoeyouwowewiyueuuii

ව්‍යඤ්ජනාක්ෂර

හංගුල්
රෝමානුකරණයආරම්භකgkkndttrmbppsssjjjchktph
අවසානkkntlmpttngttktph

ㄱ, ㄷ, ㅂ, සහ ㄹ යන්න සාමාන්‍යයෙන් ස්වරයකට පෙර යෙදුණු විට පිටපත් කෙරෙන්නේ g, d, b, සහ r ලෙස වන අතර, ව්‍යඤ්ජනාක්ෂරකට පෙර හෝ වචනයක අවසානයේ යෙදෙන විට k, t, p, සහ l ලෙස ය.[4]

විශේෂ නියමයන්

ප්‍රතිශෝධිත රෝමානුකරණය අනුව අවසාන ව්‍යඤ්ජනාක්ෂරයේ අක්ෂරය සමග සංයුක්ත වීමෙන් සහ HangukHangugeo වැනි ඊළඟ ආරම්භක ව්‍යඤ්ජනාක්ෂරය සමග සංයුක්ත වීමෙන් සිදුවන ශබ්දවිද්‍යාත්මක වෙනස්කම් විස්තර වේ. මෙවැනි වැදගත් වෙනස් වීම් පහත පරිදි වේ:

ඊළඟ ආරම්භකය →
පෙර අවසානය ↓!gndrmbsjchktph
kgkgngnkdngnngmkbkskjkchk-kktkpkh, k
nnn-gnnndll, nnnmnbnsnjnchnkntnpnh
td, jtgnntdnnnmtbtstjtchtkt-ttpth, t, ch
lrlgll, nnldlllmlblsljlchlkltlplh
mmmgmnmdmnmmmbmsmjmchmkmtmpmh
pbpgmnpdmnmmpbpspjpchpkptp-pph, p
tstgnntdnnnmtbtstjtchtkt-ttpth, t
ngng-nggngnngdngnngmngbngsngjngchngkngtngpngh
tjtgnntdnnnmtbtstjtchtkt-ttpth, t, ch
tchtgnntdnnnmtbtstjtchtkt-ttpth, t, ch
tt, chtgnntdnnnmtbtstjtchtkt-ttpth, t, ch
thknntnnnmphschtchtktttpt

දෙන ලද නාමයන්හි මාත්‍රාවන්හි ශබ්දවිද්‍යාත්මක වෙනස්කම් පරියර්තනය නොකෙරේ: 정석민 → Jeong Seokmin හෝ Jeong Seok-min, 최빛나 → Choe Bitna හෝ Choe Bit-na.

ශබ්දවිද්‍යාත්මක වෙනස්කම් ㄱ, ㄷ, ㅂ, සහ ㅈයන්න, ㅎට යාබද ව යෙදේ: 좋고 → joko, 놓다 → nota, 잡혀 → japhyeo, 낳지 → nachi. කෙසේනමුත්, ㅎට පෙර ㄱ, ㄷ, සහ ㅂ යෙදෙන වචනවල මහාප්‍රාණ ශබ්ද නොසැලකේ: 묵호 → Mukho, 집현전 → Jiphyeonjeon.[4]

මේවාත් බලන්න

මූලාශ්‍ර

බාහිර සබැඳි

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි