එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජිකයන්ගේ ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය

එක්සත් ජාතීන් ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජිකත්වය සමන්විත වන්නේ ස්ථීර සාමාජිකයන් පස් දෙනෙකු සහ තෝරා පත් කරගනු ලබන ස්ථීර-නොවන සාමාජිකයන් දස දෙනෙකු වෙතිනි. 1966 වසරට පෙර, තෝරා පත් කර ගනු ලබන සාමාජිකයන් හය දෙනෙකු සිටි අතර, 1945 වසරෙහිදී එක්සත් ජාතීන් පිහිටුවීමෙන් පසුව, චීනය නියෝජනය කිරීම හැරුනු විට, ස්ථීර සාමාජිකයන් පිළිබඳව කිසිදු වෙනසක් සිදුවී නොමැත. තෝරා පත් කර ගනු ලබන සාමාජිකයන් විසින් වසර-දෙකක කාල සීමාවක් තුල මණ්ඩලයෙහි තනතුරු හොබවන අතර, මෙම තනතුරු අතරින් අඩක් සඳහා සැම වසරකදීම තරග පැවැත්වෙයි. භූගෝලීය සන්තතිය පවත්වා ගෙන යනු වස්, එක් එක් එජා ප්‍රාදේශීය කාණ්ඩ පහ සඳහා කිසියම් සාමාජිකයන් ගණනක් වෙන් කර ඇත.

ස්ථීර සාමාජිකයෝ (නිෂේධ බලය සහිත)

රටප්‍රාදේශීය කාණ්ඩයකවදා සිට සාමාජිකයෙක්ද
 චීනයආසියා-ශාන්තිකර කාණ්ඩය1971, චීන සමූහාණ්ඩුව වෙනුවට පත් විය
 ප්‍රංශයබටහිර යුරෝපියානු සහ අනෙකුත් කාණ්ඩය1945
 රුසියාවනැගෙනහිර යුරෝපියානු කාණ්ඩය1991, එක්සත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු වෙනුවට පත් විය
 එක්සත් රාජධානියබටහිර යුරෝපියානු සහ අනෙකුත් කාණ්ඩය1945
 එක්සත් ජනපදයබටහිර යුරෝපියානු සහ අනෙකුත් කාණ්ඩය1945

ස්ථීර-නොවන (නිෂේධ බලය රහිත) සාමාජිකයෝ

වසරින් වසර වෙනස් වේ

ප්‍රාදේශීය කාණ්ඩ

  අප්‍රිකානු කාණ්ඩය
  ආසියා-ශාන්තිකර කාණ්ඩය
  නැගෙනහිර යුරෝපියානු කාණ්ඩය
  ලතින් ඇමරිකානු සහ කැරිබියානු කාණ්ඩය (GRULAC)
  බටහිර යුරෝපියානු සහ අනෙකුත් කාණ්ඩය
  ඡන්දය ප්‍රකාශ කරන කිසිදු කාණ්ඩයකට අයත් නොවන එජා සාමාජිකයෝ
  එජා-සාමාජික නොවන රාජ්‍ය හෝ බල ප්‍රදේශ
  • අප්‍රිකානු කාණ්ඩය: සාමාජිකයෝ 3
  • ආසියා-ශාන්තිකර කාණ්ඩය:[lower-alpha 1] සාමාජිකයෝ 2
  • නැගෙනහිර යුරෝපියානු කාණ්ඩය (CEIT හෝ, කන්ට්‍රීස් විත් ඉකොනමීස් ඉන් ට්‍රාන්ෂිසන් (ආර්ථිකයන් සංක්‍රාන්තියෙහි පවතින රටවල්)): සාමාජිකයෝ 1
  • ලතින් ඇමරිකානු සහ කැරිබියානු කාණ්ඩය (GRULAC): සාමාජිකයෝ 2
  • බටහිර යුරෝපියානු සහ අනෙකුත් කාණ්ඩය (WEOG): සාමාජිකයෝ 2 ; අවම වශයෙන් එක් සාමාජිකයෙක් හෝ බටහිර යුරෝපය වෙතින් විය යුතුයි [1]

මෙයට අමතරව, මණ්ලයෙහි එක් ස්ථීර-නොවන සාමාජිකයයෙක් අරාබි රටක් වන අතර, මාරුවෙන් මාරුවට අප්‍රිකානු හෝ ආසියා-ශාන්තිකර කාණ්ඩ අතරින් වෙයි. ක්‍රියා පිළිවෙල වෙත මෙම නීතිය 1967 වසරෙහි එක් කරන ලදුව, 1968 වසරෙහි මුල සිට ක්‍රියාත්මක වීමට නියම කෙරිණි.

එක් එක් වසරෙහිදී එජා ආරක්ෂක මණ්ඩලය විසින් වසර-දෙකක කාල සීමාවක් සඳහා නව සාමාජිකයන් පස් දෙනෙකු තෝරා පත් කර ගැනෙයි; සැම විටම වසරෙහි ඔක්තොම්බර් මාසයෙහි ආරම්භ වන මෙම මැතිවරණය, එක් එක් ප්‍රදේශයෙහි රටවල් අතරින් තුනෙන්-දෙකක බහුතරය ලැබෙන තුරු පැවැත්වෙයි. යළි-පත්වීම සඳහා අවසර ලැබෙන මුත්, තනතුරු කාලය පිට පිට නොපැමිණිය යුතුයි.

මැතිවරණ කාල සටහන
ධූර කාල සීමාව ආරම්භ කරන වසර:ඔත්තේඉරට්ටේ
අප්‍රිකානු කාණ්ඩයඑක් සාමාජිකයෙක්සාමාජිකයන් දෙදෙනෙක් *
ආසියා-ශාන්තිකර කාණ්ඩයඑක් සාමාජිකයෙක්එක් සාමාජිකයෙක් *
නැගෙනහිර යුරෝපියානු කාණ්ඩයනොමැතඑක් සාමාජිකයෙක්
ලතින් ඇමරිකානු සහ කැරිබියානු කාණ්ඩය (GRULAC)එක් සාමාජිකයෙක්එක් සාමාජිකයෙක්
බටහිර යුරෝපියානු සහ අනෙකුත් කාණ්ඩයසාමාජිකයන් දෙදෙනෙක්නොමැත

* අරාබි ජාතීන් සඳහා නියෝජිතයා මෙම තෝරාගැනීම් අවකාශ දෙක අතර මාරුවෙන් මාරුවට තෝරා ගැනෙයි.

පෙර සහ ඉදිරි ආරක්ෂක මණ්ඩල සංයුතිය

1946 සිට 1965 දක්වා, ආරක්ෂක මණ්ඩලයෙහි ස්ථීර-නොවන සාමාජිකයෝ සය දෙනෙක් වූහ. එකල ප්‍රාදේශීය කාණ්ඩකරනය වූයේ මෙලෙසය:

මෙම කාණ්ඩකරනයට සමහරක් ව්‍යතිරේකයන් විය: 1961 දී ලයිබීරියාව විසින් බටහිර යුරෝපියානු රටකට හිමි අවස්ථාව ලබා ගති; 1964-1965 අතරතුර අයිවරි කෝස්ට් විසින් පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකයෙකුගේ තැන ගති; 1956 සිට නැගෙනහිර යුරෝපය කාණ්ඩය තුල ආසියානු රටවල් අඩංගු විය.

ආරක්ෂක මණ්ඩලයෙහි යෝජිත විස්තාරණයෙහි කොටසක් වශයෙන්, සාමුහිකව 4 කාණ්ඩය හෝ ජී4 ජාතීන් ලෙසින් හැඳින්වෙන බ්‍රසීලය, ජර්මනිය, ඉන්දියාව සහ ජපානය විසින්, මණ්ඩලය තුල ස්ථීර නියෝජනයක් ඉල්ලා සිටිති. ඉතාලිය විසින් සම්මුතිය සඳහා ඒකීකරණය කාණ්ඩය පිහිටුවමින්, ආරක්ෂක මණ්ඩලයෙහි මෙම විස්තාරණය වෙත විරුද්ධත්වය දක්වයි .

වසර අනුව සාමාජිකත්වය

සථීර

වසරචීන ආසනයප්‍රංශ ආසනයසෝවියට්/රුසියානු ආසනයබ්‍රිතාන්‍ය ආසනයඇමරිකානු ආසනය
1945 චීන සමූහාණ්ඩුව ප්‍රංශ ජනරජයෙහි යාවකාලීන රජය  සෝවියට් සංගමය  එක්සත් රාජධානිය  එක්සත් ජනපදය
1946 ප්‍රංශ ජනරජය (4වන)
1949 චීන සමූහාණ්ඩුව
1958 ප්‍රංශ ජනරජය (5වන)
1971  චීන මහජන සමූහාණ්ඩුව
1992–වර්තමානය රුසියානු ෆෙඩරේෂණය


සටහන්

ආශ්‍රිත

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය