Jump to content

සූර්ය ග්‍රහණ

විකිපීඩියා වෙතින්
සූර්යග්‍රහණය අැතිවෙන අාකාරය
tiny globe
සූර්ය ග්‍රහණය ජ්‍යාමිතිය ලෙස දක්වමින්

සූර්ය ග්‍රහණය ඇති වනුයේ සූර්යයාගේ කොටසක් හෝ සම්පූර්ණ සුර්යයාම වැසී යන පරිද්දෙන් සූර්යා සහ පෘථිවිය අතරින් සඳ ගමන් කිරීම හේතුවෙනි. සූර්ය ග්‍රහණයක් අමාවක දිනකදී සිදුවේ.මෙය සිදු විය හැක්කේ නව සඳ පවතින දිනෙක පමණි. එවන් දිනක පෘථිවියේ සිට බලන කළ සූර්යයා සහ චන්ද්‍රයා එක එල්ලේ පිහිටයි. වසරකට සූර්ය ග්‍රහණ 4 ක් පමණ සිදු වන නමුත් සඳෙහි සෙවනැල්ලට ඇතුළත් වන කුඩා ප්‍රදේශයක් තුළ පමණක් සම්පූර්ණ සූර්යග්‍රහණයක් දැක ගත හැකි වන හෙයින් ඕනෑම ප්‍රදේශයක් සඳහා පූර්ණ සූර්ය ග්‍රහණ ඉතා දුලබ අවස්ථාවන් වේ.

පූර්ණ සුර්යග්‍රහණයක් ඉතා විශේෂ ස්වභාවික සංසිද්ධියක් වන අතර බොහෝ දෙනා එවැන්නක් දැක බලා ගැනීම සඳහා ඉතා ඈත ප්‍රදේශවලට පවා ගමන් කරති. 1999 වසරේ දී යුරෝපයට දර්ශනය වූ පූර්ණ සූර්ය ග්‍රහණය මේ සම්බන්ධයෙන් මහජනතාව තුළ පැවති අවධානය ඉහළ නැංවීමට සමත් විය. මේ බව 2005 වසරේ හට ගත් අර්ධ සූර්ය ග්‍රහණය සහ 2006 වසරේ හටගත් පූර්ණ සූර්ය ග්‍රහණය නැරඹීම සඳහාම ගමන් කළ පුද්ගලයන් සංඛ්‍යාව අනුව පැහැදිලි වේ. මීළඟ සූර්ය ග්‍රහණය 2008 වසරේ අගෝස්තු 1 වැනි දින දැකගත හැකි වූ අතර එය පූර්ණ සූර්යග්‍රහණයකි.

අතීත සංස්කෘතීන් තුළ සහ ඇතැම් වර්තමාන සංස්කෘතීන් තුළ සූර්ය ග්‍රහණ සඳහා ආශ්චර්යමත් හේතූන් බලපාන බවට මතයක් විය. පූර්ණ සූර්යග්‍රහණයක් එවැන්නක තාරකා විද්‍යාත්මක පැහැදලි කිරීම පිළිබඳ නොදත් පුද්ගලයෙකුට බිය ජනක අත්දැකීමක් විය හැකිය. හදිසියේම දහවල් කාලයේ විනාඩි කිහිපයක් තුළ සූර්යයා අතුරුදන්ව ආකාශය අඳුරු පැහැ ගැනීම ඊට හේතුවයි.

"https://www.search.com.vn/wiki/?lang=si&title=සූර්ය_ග්‍රහණ&oldid=472087" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය