අභ්‍යවකාශ යානා

(අභ්‍යාවකාශ යානා වෙතින් යළි-යොමු කරන ලදි)

අභ්‍යවකාශ යානාවක් යනු අභ්‍යාවකාශ චාරිකා සඳහා නිර්මාණය කරන ලද වාහනයකි. නැත්නම් යන්ත්‍රයකි. අර්ධ කක්ෂීය අභ්‍යාවකාශ චාරිකාවක දී (Sub–orbital spaceflight) අභ්‍යවකාශ යානාව බාහිර අභ්‍යාවකාශයට ඇතුලු වේ. නමුත් ඉන්පසු ග්‍රහ පෘෂ්ඨය වෙත (පෘථිවිය වැනි) නැවතත් පැමිණෙන්නේ කක්ෂය සම්පූර්ණ නොකරමිනි. කක්ෂීය අභ්‍යවකාශ චාරිකාවක දී අභ්‍යවකාශ යානාව ග්‍රහ වස්තුව වටා ඇති සංවෘත කක්ෂියකට ඇතුලු වේ. මානව අභ්‍යවකාශ චාරිකා සඳහා භාවිතා කරන අභ්‍යවකාශ යානා වලින් යානාවේ කණ්ඩායම ලෙසට හෝ මගීන් ලෙසට මිනිසුන් රැගෙන යයි. රොබෝවන් යොදාගෙන කෙරෙන අභ්‍යවකාශ මෙහෙවර සඳහා භාවිතා කරනු ලබන අභ්‍යවකාශ යානා ස්වයංක්‍රීයව හෝ ටෙලිරොබොටික් ක්‍රමයට ක්‍රියාත්මක වේ. ග්‍රහවස්තුවෙන් ඉවත් වී එහි කක්ෂය වටා රැඳී සිටින රොබෝවන් සහිත අභ්‍යවකාශ යානා හඳුන්වන්නේ චන්ද්‍රිකා නමිනි. තාරකා අතර චාරිකා නිර්මාණය කරන ලද යානා තාරකා නැව් ලෙස හඳුන්වන නමුත් මෙම යානා තවමත් සිද්ධාන්තයකට පමණක් සීමා වේ. අද වන තෙක්, සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවතට යන ගමන් මාර්ගයකට පිවිස ඇති අභ්‍යවකාශ ප්‍රෝබයන් ඇත්තේ අතලොස්සකි (නිව් හොරයිසන්ස්, පයනියර් 10 සහ 11, වොයේජර් 1 සහ 2). සන්නිවේදනයට, පෘථි‍විය නිරීක්ෂණය කිරිමට, කාලගුණ විද්‍යාවට, නෞකා හැසිරවීමට, ග්‍රහ‍ලෝක ගවේෂණයට සහ අභ්‍යවකාශ සංචාර වැනි විවිධ අරමුණු සඳහා අභ්‍යවකාශ යානා භාවිතා කෙරේ. අභ්‍යවකාශ යානා සහ අභ්‍යවකාශ චාරිකා යනු විද්‍යා ප්‍රබන්ධ සඳහා බහුලව භාවිතාවන තේමාවකි.

tiny globe
ෆීනික්ස් අභ්‍යවකාශ යානය අඟහරු ග්‍රහයා මතට ගොඩ බස්වන අයුරු චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්

බාහිර අභ්‍යවකාශය ලෙස හැඳින්වෙන්නේ කාර්මන් රේඛාවට (Kármán line) ඔබ්බෙන් ඇති අවකාශයයි. එනම් පෘථිවි පෘෂ්ඨයෙන් කිලෝමීටර් 100කට (හැතැප්ම 62) එහා ඇති ඕනෑම දෙයකටය (ඇතැම් විට ඇමරිකාව විසින් මෙය කිලෝමීටර් 80 ක් එනම් හැතැප්ම 50 ක් ලෙස අර්ථ දක්වනු ලබයි).

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=අභ්‍යවකාශ_යානා&oldid=516810" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය