අභ්‍යවකාශය

අභ්‍යවකාශය යනු පෘථිවිය සහ වෙනත් විශ්වීය වස්තූන් වලට එපිටින් පවතින අවකාශයයි.[1] මෙය සම්පූර්ණයෙන්ම හිස් අවකාශයක් (රික්තයක්) නොවන අතර අඩු ඝනත්වයෙන් යුත් අංශූන් (ප්‍රධාන වශයෙන් හයිඩ්‍රජන් සහ හීලියම් වායුවලින් සැදි ප්ලාස්මා), විද්යුත් චුම්භක විකිරණ, චුම්භක ක්ෂේත්‍ර, නියුට්‍රිනෝ, දුහුවිලි සහ අන්තරීක්ෂ විකිරණ වලින් සමන්විත වේ. පෘථිවි වායුගෝලය සහ අභ්‍යවකාශය වෙන් කරන සීමාව ලෙස සාමාන්‍යයෙන් සැළකෙන්නේ කි.මී. 100 ක් උසින් පිහිටා ඇති (මනඃකල්පිත) කාර්මන් රේඛාවයි. එහෙත්, උන්නතාංශය සමග වායුගෝලීය පීඩණය අඩු වන්නෙ ක්‍රම ක්‍රමයෙන් බැවින්, වායුගෝලය අවසන් වී අභ්‍යාවකාශය ඇරඹෙන යම් උසක් නිශ්චිතවම කිව නොහැක.

The boundaries between the Earth's surface and outer space, at the Kármán line, 100 km (62 mi) and exosphere at 690 km (430 mi).

මිනිසා අතීතයේ සිටම අභ්‍යවකාශය පිළිබඳ උනන්දුවක් දැක්වූවද, භෞතිකව අභ්‍යවකාශය ගවේෂණය කිරීම ඇරඹුනේ විසිවෙනි ශතවර්ෂයේදී ය. මුලදී අධි-උන්නතාංශ වායු බැලූන මගිනුත්, පසුව රොකට් යානා යොදාගෙනද අභ්‍යවකාශ තරණය සිදු කෙරුනි. පෘථිවිය වටා කක්ෂයකට මුලින්ම ඇතුලු වුනු කෘතීම වස්තුව වූයේ 1957 සෝවියට් සංගමය විසින් අභ්‍යවකාශගත කරන ලද ස්පුට්නික් 1 චන්ද්‍රිකාව යි. 1961 වර්ෂයේ දී සෝවියට් අභ්‍යවකාශගාමී යූරි ගගාරීන් අභ්‍යවකාශය තරණය කළ ප්‍රථම මිනිසා බවට පත් විය. අභ්‍යවකාශ ගමන් ඉතා මිල අධික මෙන්ම ඉතාම අනතුරුදායකද වන අතර, එනිසා මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් මේ තාක් පෘථිවි කක්ෂයට සහ චන්ද්‍රයා වෙතට පමණක් සීමා වී ඇත. එහෙත්, මිනිසුන් රහිත අභ්‍යවකාශ යානා සෞරග්‍රහ මණ්ඩලයේ සෑම ග්‍රහලෝකයක් වෙතම ගමන් කර තිබේ.

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=අභ්‍යවකාශය&oldid=591255" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි