අමිස් ජනයා

අමිස් (චීන: 阿美族; පින්යින්: āměi-zú; හෙවත් අමි හෝ පන්ග්කා) යනුවෙන් හැඳින්වෙන්නේ තායිවානයට ස්වදේශික ඔස්ට්‍රොනේසියානු ජන කණ්ඩායමකි. ඔවුන් විසින් අමිස් නම්වූ ඔස්ට්‍රොනේසියානු භාෂාවක් භාවිතා කරනු ලබන අතර, තායිවාන ආදිවාසීන් ලෙස නිල වශයෙන් පිළිගැනීම හිමිවූ ජන කණ්ඩායම් දහසය අතුරින් එක් කණ්ඩායමක් ද වේ. අමිස් ජනයාගේ පාරම්පරික භූමි ප්‍රදේශයට මධ්‍යම කඳු සහ වෙරළාසන්න කඳු අතර පටු දිගැති නිම්නය (හුවාටුං නිම්නය), වෙරළාසන්න කඳු ප්‍රදේශ දක්වා නැගෙනහිරට පැසිෆික් වෙරළාසන්න තැන්න සහ හ්‍යුංචුන් අර්ධද්වීපය ඇතුළත් විය.

අමිස්
පන්ග්කා
阿美族
මුළු ජනගහනය
200,604 (2014)
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ
තායිවානය
භාෂා
අමිස්, මැන්ඩරින්
ආගම
ප්‍රාණවාදය, ක්‍රිස්තියානි ආගම
ආශ්‍රිත මිනිස් ජාතීන්
සකිසායා, තායිවාන ආදිවාසීන්

2014දී, අමිස් ජනගහනය 200,604ක් ලෙස වාර්තා විය.[1] මෙය තායිවානයේ සමස්ත ස්වදේශික ජනගහනයෙන් 37.1% වන අතර, එරට විශාලතම ස්වදේශික ජනකොට්ඨාසය වන්නේ ද මොවුන් ය.[2] වෙරළාසන්න පිහිටීම හේතුවෙන් අමිස්වරු ප්‍රධාන වශයෙන්ස ධීවරයන් ලෙස කටයුතු කළහ. ඔවුන් සම්ප්‍රදායිකව මාතෘවංශික යැයි පිළිගැනේ.[3] සම්ප්‍රදායික අමිස් ගම්මාන ස්ව‍දේශික ජන කොට්ඨාස හා සැලකීමේ දී සංඛ්‍යාවෙන් වැඩි අතර, එය සාමාන්‍යයෙන් 500 සහ 1,000 අතර වේ. වර්තමාන තායිවානයේ, අමිස්වරුන් "නාගරික ආදිවාසීන්" අතුරින් ද බහුතරය නියෝජනය කරන අතර, දිවයින පුරාම ඔවුන්ගේ නාගරික ප්‍රජා දැකගත හැක. මෑත දශකවල දී අමිස්වරුන් බහිර්ජන්‍යව හන් මෙන්ම අනෙකුත් ස්වදේශික ජනයා සමග ද විවාහ සම්බන්ධතා පවත්වා ඇත.[4]

අනන්‍යතාව සහ වර්ගීකරණය

දෙවන ලෝක යුද්ධයට පෙර අමිස්වරුන් නිරූපිත තැපැල්පතක්
අස්වනු උත්සවය
අමිස් ජන මධ්‍යස්ථානය.

අමිස් ජනයා සාමාන්‍යයෙන් තමන්ව පන්ග්කා ලෙස හඳුන්වාගනු ලබයි. මෙහි අර්ථය "මිනිසා" හෙවත් "අපේ වර්ගයේ ජනයා" යන්නයි. එසේවුව ද, වර්තමානයේ තායිවානය තුළ, අමිස් යන වදන බහුලව භාවිතා වේ. මෙම නාමය පැනනැගී ඇත්තේ "උතුර" යන අරුතැති අමිස් නම් වදනෙනි. පන්ග්කාවරුන්ව ඇමතීම සඳහා "අමිස්" යන වදන භාවිතයට පැමිණි අයුරු පිළිබඳ විද්වතුන් අතර තවමත් පොදු එකඟතාවක් නැත. එක් මතයක් වන්නේ මෙම යෙදුම මුලින් පුයුමාවරුන් විසින් පන්ග්කාවරුන් ඇමතීමට භාවිතා කළ බවකි. එයට හේතුව පන්ග්කාවරුන් ඔවුනට උතුරින් ජීවත් වීමයි. ‍තවත් මතයකින් කියැවෙන්නේ තායිටුං තැන්නේ විසූ ජනයා තමන්ව හඳුන්වා ගැනීමට "අමිස්" යන වදන භාවිතා කළේ සිය මුතුන් මිත්තන් උතුරේ සිට පැමිණි නිසා බවයි. බන්සොකු චෝසා හෝකොකුෂෝ[5] තුළ සඳහන් වන පසුකාලීන මතයකින් කියැවෙන්නේ මානවවිද්‍යාඥයන් විසින් ෆැලැන්ගාව් අමිස් නමින් හඳුන්වන වර්තමාන චෙංගොං සිට තායිටුං තැන්න දක්වා ප්‍රදේශයේ ජීවත්වන අමිස් ජන කණ්ඩායම අතරින් ස්මභවය වන්නට ඇති බවයි. ඔවුන්ගේ සමීපතම ප්‍රවේණික ඥාතීන් ලෙස ‍ෆිලිපිනෝවරුන් හඳුනාගැනේ.[6][7]

Taiwanese Aboriginal History: Amis ග්‍රන්ථය අනුව, අමිස්වරුන් කාණ්ඩ පහකට වර්ග කෙරේ:

  • උතුරු කණ්ඩායම (චිහ්ලායි/හුවාලියෙන් තැන්නේ දක්නට ලැබේ)
  • මධ්‍ය කණ්ඩායම (වෙරළාසන්න කඳුවලට බටහිරින් පිහිටා ඇත)
  • වෙරළාසන්න කණ්ඩායම (වෙරළාසන්න කඳුවලට නැගෙනහිරින් පිහිටා ඇත)
  • ෆැලැන්ගාව් සමූහය (චෙංගොං සහ තායිටුං තැන්නේ දක්නට ලැබේ)
  • හෙංචුන් කණ්ඩායම (හෙංචුන් අර්ධද්වීපයේ දක්නට ලැබේ)

මෙම වර්ගීකරණය කෙසේ පිළිගැනීමකට ලක්වුව ද, මේ සඳහා පාදක කොටගෙන ඇත්තේ හුදෙක් භූගෝලීය වයාප්තිය සහ ජනවාර්ගික සංක්‍රමණයයි. මෙය සංස්කෘතියේ, භාෂාවේ සහ භෞතිකව දක්නට ලැබෙන වෙනස්කම් හා ගැළපේනනේ නැත.

වෙනත් තොරතුරු

අමි සම්ප්‍රදාය තුළ පවුලේ මූල්‍ය කටයුතු ඇතුළු පවුලේ සබඳතා මෙහෙයවනු ලබන්නේ ගෘහ මූලිකාවිය විසිනි. බොහෝදෙනකු අමි ජනයා දැකනොමැති වුව ද, ඔවුන් පිළිබඳ අසා ඇත. එනිග්මා නම් සංගීත ව්‍යාපෘතිය තුළ සිය දෙවන ඇල්බමය වන ද ක්‍රොස් ඔ‍ෆ් චේන්ජස් තුළ එන "රිටර්න් ටු ඉනසන්ස්" ගීතය සඳහා අමි ජප කිරීම් ඇතුළත් කොට ඇ. මෙම ගීතය 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේ තේමා ගීතය ද විය. මෙහි ප්‍රධාන ධ්‍රැව කොටස ගායනා කරන ලද්දේ තායිවාන ආදිවාසී සංස්කෘතික නිරූපණ කණ්ඩායමක සාමාජිකයන් වන ඩිෆෑං (චීන නම කුවෝ යිං-නන්) සහ ඔහුගේ බිරිඳ වූ ඉගායි (චීන නම කුවෝ හ්සියු-චු) විසිනි. ඔවුන් සංචාරයේ යෙදුණු සමයේ Maison des Cultures du Monde විසින් ඔවුන්ගේ ගායනය පටිගත කළ අතර, CD තැටියක් ලෙස එය මුදාහරින ලදී. අනතුරුව එය එනිග්මා (ගීතයේ සම්භවය සහ ගායකයන් පිළිබඳ සඳහන් නොකරම) භාවිතා කෙරිණි. පසුකාලීනව මේ සම්බන්ධයෙන් උසාවියේ නඩුවක් ගොනුකෙරිණි. අමි ගායනා ප්‍රසිද්ධ වී ඇත්තේ එහි ඇති සජ්ඣායනාවක බඳු ස්වරූපය නිසායි.

මොවුන්ගේ වඩාත්ම වැදගත් සම්ප්‍රදායික මංගල්‍යය වනුයේ අස්වනු උත්සවයයි. අමිවරුන්ගේ අස්වනු උත්සවය මගින් දෙවිවරුන්ට ස්තූති කිරීම සහ ඇගයීමත්, ඊළග වර්ෂයේ හොඳ අස්වැන්නක් වෙනුවෙන් යාඥා කිරීමත් සිදුවේ. මෙය සෑම වර්ෂයකම ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලයේ පැවැත්වේ.[8]

වැදගත් අමිස් ජනයා

ටෑන්ක්.
  • ඉක්යැං පැරොඩ්, ස්වදේශික ජන කවුන්සිලයේ අමාත්‍ය
  • කාව්ලෝ ඉයුන් පසිදල්, ව්‍යවස්ථාදායක යුවෑන්හි සාමාජික
  • සුෆින් සිලුකෝ, ව්‍යවස්ථාදායක යුවෑන්හි සාමාජික
  • මයාව් දොන්ගි, ස්වදේශික ජන කවුන්සිලයේ අමාත්‍ය (2013-2016)
  • චෑං චෙන්-යුඒ, ගායක
  • ඩිෆැං සහ ඉ‍ගයි ඩුවානා, සැමියා-සහ-බිරිඳ ජන සංගීතඥ දෙපළ
  • වෑන් ෆෑන්, ගායක, නළු
  • ජෑම් හ්සියාඕ, ගායක
  • එහ්ලෝ හුවාං, නළුවා සහ 183 ක්ලබ් පොප් කණ්ඩායමේ සාමාජික
  • ලි තායි-හ්සියාං, ගීත නිර්මාණ ශිල්පී සහ ජන ගී රචක[9]
  • ලින් චිහ්-චියෙහ්, බාස්කට්බෝල් ක්‍රීඩක
  • ෂොව් ලුඕ, ගායක සහ නළු
  • ටෑන්ක්, ගායක
  • ට්සෙං ලි-චෙං, 2012 ඔලිම්පික් ටයිකොන්ඩෝ ලෝකඩ පදක්කම් ලාභියා
  • චින් හුයි-ත්සාඕ, බේස්බෝල් ක්‍රීඩක
  • චෙන් චිහ්-යුවෑන්, බේස්බෝල් ක්‍රීඩක
  • යැං චුවෑන්-ක්වං, ඔලිම්පික් දසප්‍රයාම තරගකරු
  • තෙරුඕ නකමුරා, තායිවානයේ උපන් අධිරාජකීය ජපන් හමුදාවේ සෙබලෙකි.
  • ඒ-ලින්, ගායක, ගීත රචක
  • සුමිං, නළු, ගායක, ගීතරචක. ඔහුගේ සංගීත ිනර්මාණ තුළ සම්ප්‍රදායික අමිස් සංස්කෘතික ලක්ෂණ දැකගත හැක.
  • ඉලිඩ් කඔලෝ, ගායක සහ ගීත රචක
  • කුවෝ දායි-චි, බේස්බෝල් ක්‍රීඩක
  • දායි කං-යැං, බේස්බෝල් ක්‍රීඩක
  • කුවෝ හ්සිං-චුන්, ඔලිම්පික් බර එසවුම් ක්‍රීඩක
  • ට්සෙං ටේ-පිං, ගායකයා

මේවාත් බලන්න

  • තායිවානයේ ජන විකාසනය
  • තායිවාන ආදිවාසීන්
  • අමිස් ජන මධ්‍යස්ථානය

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=අමිස්_ජනයා&oldid=591271" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි