කෝමාරිකා

කෝමාරිකා

සත්ව වර්ගයාගේ පැවැත්මට අවශ්‍යවු ආහාර,ඖෂධ,ඡලය පරිසරය විසින්ම මිනිසාට සපයනඅතර,සත්ව වර්ගයා පෝෂණය කරමින් සත්වයින්ගේ අපද්‍රව්‍ය උපයෝගිකර ගනිමින්,ශාකලෝකය විශ්මඡනකදේ නිර්මානය කරයි.ඒ සත්ත්ව වර්ගයා ඡිවත්කරවිම සදහාය. සත්ත්ව වර්ගයාගේ අබණ්ඩ පැවැත්මට පරිසර පද්ධතියට අයත් විවිධ ශාක මගින් ආරක්ෂිතව අනාගතය කරා රැගෙන යනු ඇත.

ඇමරිකාව,අප්‍රිකාව,ඉන්දියාව,පකිස්තානය,සහ ශ්‍රි ලංකාව වැනි රටවල උෂ්ණ කලාපිය ප්‍රදේශ ආශිතව සරැවට වැඩෙන කටු සහිත,දික් හැඩැති කොළ ඇති ශාක විශේෂයකි කෝමාරිකා.මෙය ලිලියාසේ (LILIACEAE) කුලයට අයත් ඇලෝ ඉන්ඩිකා(ALOE INDICA) යන උද්භිත විද්‍යාත්මක නමින් හැදින්වේ.මෙය ස්ත්‍රි පක්ෂයේ රෝග විශාල සංබ්‍යාවක් සුවකිරීමට යොදාගන්නා ඹෟෂධයක් බැවින් කුමාරි,ගෘහ කන්‍යා,කන්‍යා,සෘතු කුමාරි,කුමාරිකා ආදි විවිධ නම් වලින් හැදින්වේ.

Lilliacae කුලයට අයත් කොමාරිකා ශාකයේ උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ Aloe barbandensis miller යන්නයි. “First Aid plant” යන නමෙන් විදේශීය රටවල හදුන්වන කෝමාරිකා, අපේ දේශිය වෙදකමේදී මෙන්ම ආයුර්වේද විද්‍යාවේදී; කුමාරි, ගෘහ, කන්‍යා, ගෘත කුමාරි, ස්තුල දාලා, තලාතු පත්‍ර වැනි නම් වලින්ද මෙම ශාකය හදුන්වනු ලැබේ. මෙම ශාකයේ නිජබිම උතුරු අප්‍රිකාව ලෙස සලකන අතර අරාබියේ කාන්තාර ප්‍රදේශවල ද බහුලව ව්‍යාප්ත වී තිබේ. ශ්‍රි ලංකාවේ යාපනය, කල්පිටිය, මන්නාරම සහ කන්කසන්තුරේ ප්‍රදේශ වල බහුලව දක්‌නට ලැබුණ ද, ලංකාව තුල ඕනෑම පළාතක කෝමාරිකා ශාකය පහසුවෙන් වගා කළ හැකිය. අඩියක්,අඩි දෙකක් පමණ උසට පදුරක් ලෙස වැඩෙන කෝමාරිකා ශාකයේ පත්‍ර මාංසල ස්වාභාවයකින් යුක්තයිhttps://herbalvoice.lk/%e0%b6%9a%e0%b7%9d%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f-komarika-natural-skin-care/.

කෝමාරිකාවල ඹෟෂධීය ගුණය

මිනිස් සිරුරට අවශ්‍යය ඇමයිනෝ අම්ල විසි දෙකකින් විස්සක්ම අඩංගුය.ශාරීරයට නිපදවාගත නොහැකි අත්‍යවශ්‍ය(ESSENTIAL PROTEIN) ඇමයිනෝ වර්ග හතක්ම ඵහි අඩංගුය.අධිකපෝටීන ප්‍රමානයකින් සමන්විත වේ.මෙහි විටමින් ඵ්, විටමින් ඊ, විටමින් සි, සහ විටමින් බි, අඩංගුය.පැරැන්නෝ විටමින් ඵ් ඌනතාවය නිසා ඇතිවන රාත්‍රි අන්ධභාවය සඳහා ඹෟෂධයක් ලෙසින් මෙය භාවිතා කර ඇත.සමහර පිළිකා,රුධිරය තුළ ඇතිවන ප්‍රෝටීන ඌනතාවය වැළැක්වීමට පිළියමක් ලෙස කෝමාරිකා යුෂ වලින් සාදන පානයක් භාවිතා කළේය.රෝගියකු දරුණු ආබාධිත තත්වයනට පත්වESR නමැති රුධිර පරීන්ෂණයේ ඉහල අගයක් ඇතිවිට ඵය ඉක්මනින් පහළ මට්ටමට ගෙන ඵ්මට කෝමාරිකා යුෂ භාවිතා කෙරේ.

මෙහි ඇතුල් ස්ථරයේ 99%ක්ම අඩංගු වන්නේ ජලයයි. ‍ඉතිරි 1%ක තුල ඉහත සදහන් කළ ඇමයිනෝ අම්ල, ලිපිඩ, ග්ලුකොමොනාස්, ස්ටෙරෝල සහ විටමින් අන්තර්ගත වේ. ක්ලියෝපැට්රා රැජින, සිය රූ සපුව අලංකාර කිරිමට යොදා ගත් කෝමාරිකාhttps://herbalvoice.lk/%e0%b6%9a%e0%b7%9d%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f-komarika-natural-skin-care/

කෝමාරිකාවල ප්‍රයෝඡන

විවිධ රෝග නිවාරණය

අක්ෂි රෝග ,පෝෂණ ඌනතා රෝග,රක්තහීනතාවය,දුර්වල ප්‍රතිශක්තියක් ඇතිවිට ඵය මර්ධනයට,ආමාශික තුවාල(GASTRITIS) අන්ත්‍රගත තුවාල(ULCRATIVE COLITIS),ගුදය මගින් රක්තවහනය වීමෙදි(RECTAL BLEEDING), අර්ශස්වලට සම්බන්ධ අන්ත්‍රගත පිළිකා,චර්ම පිළිකා,ලේ පිළිකා ආදියට,ඔසප් චක්‍රය ආශ්‍රිත විවිධ රෝග සඳහා,ආර්තව හරණය නිසා ඇතිවන රෝග,සුවනොවන තුවාල සුවකිරීමට,රූපලාවන්‍ය ප්‍රතිකාර,සම විකිරණ මඟින් ආරක්ෂාව,දියවැඩියා සහ උන්මාද රෝග ආදි විවිධ රෝග සඳහා ප්‍රතිඵලදායක ඖෂධයකි.

පිළිකා රෝග නිවාරණය

මෙහිදි කෝමාරිකා ඖෂධයක් ලෙස භාවිතා කිරීමෙදී ක්‍රම දෙකකින් ඵම පිළිකාව හෝ ගෙඩිය විනාශකර දමයි.ඵනම් කෝමාරිකා තුළ ඇති පොලිසැකරයිඩ සහ අල්කොලොයිඩි වලට ශාරිරය තුළ වෙනස්වු DNA අණු මුල් ස්වරූපයට ගෙනඵ්මේ හැකියාව ඇත.මෙහි ප්‍රතිඵලයක් ලෙස 1.වෙනස්වු සෛල මුල් ස්වරූපයට ගෙන ඵ්ම නිසා පිළිකා සෛල ඇති නොවේ. 2.කෝමාරිකාවල ඇති අධික ප්‍රතිශක්තියක් ඇතිකරදීමේ හැකියාව නිසා T4 ලිම්පොසයිට් සහ භක්ෂක සෛල වැඩිපුර ඇතිකර වෛරසය විනාශකරන අතර, වැඩි ප්‍රතිශක්තියක්ද ඇතිකරනු ලබයි.නිතර වැළදෙන රෝගාබාධවලින් ශාරීරය ආරක්ෂාකරදීම ඵමඟින් සිදුවේ. ඵමඟින් පිළිකා සෛල ඡනනය කළ හැකි වෛරස් වර්ග ප්‍රතිශක්තියෙන් විනාශ කරයි.ඵවිට පිළිකා සෑදීමේ ප්‍රවනතාවය අඩුවේ.

අම්ල පිත්ත රෝගය නිවාරණය

මෙම රෝගය සඳහා විවිධ ඖෂධ වර්ග දක්නට ලැබුනත්, රෝගය සුවවන ආකාරයේ ගුණයක් නොලැබෙන බව නොරහසකි.ඵම රෝගී අවස්ථාව සඳහා කෝමාරිකා වටිනා ඖෂධයකි.අම්ල පිත්ත හෙවත් ආමාශයික ප්‍රදාහයේ දී (GASTRITIS) ආමාශයික යුෂ ප්‍රමාණය ඉහල යාමක් සිදුවේ. ආමාශය වටා ඇතුළතින් ඇති ආවරන පටලය(EPITHILIUM)ඉදිමේ.පසුව ඵය ආමාශයික තුවාල ඇතිවීම දක්වා වැඩිවේ.ඵවැන් අවස්ථාවක කෝමාරිකා ශාකයේ ඡෙලි වැනි කොටස බීමක් වශයෙන් ගත්විට ප්‍රත්‍යන්ෂ ලෙස සුවය ලැබේ.කෝමාරිකාවල ඇති සිසිලන ගුණය නිසා ආමාශයේ වේදනාව නැති කරනු ලැබේ.ඵහි ඇති හිරිවැටිමේ ගණය මඟින්(ANASTHATIC) ආමාශයේ වේදනාව තව දුරටත් අඩු කරනු ඇත. ප්‍රදහ සමන ගුණය මඟින්(ANTI INFLAMMATIONRY) ඉදිමුම අඩු කරයි.මෙහි ඇති ශාරීය ගුණය මඟින්ආමාශයේ ආම්ලික ගතිය නැතිකරයි.මෙහි ඇති විශේෂවු ඇල්කොලයිඩ මඟින් ගැස්ට්‍රිස් හෝමෝනය පාලනය කර ආමාශයික යුෂ වැඩිපුර ගලායාම සීමා කෙරේන, ඵසේම සමහර ඇල්කොලයිඩ මඟින් මිනිස් මොළයේ සමහර ස්ථාන වෙත බලපෑමක් කර,මානසික සන්සුන් බව ඇත්කීරීමෙන් ආමාශයික යුෂ ගලාඵ්ම පාලනය කරයි.මෙහි අඩංගු සමහර පොලිසැකරයිඩ මඟින් ආමාශයේ අභ්‍යන්තර ආවරණ පටලය (EPITHELIUM) වේගයෙන් වර්ධනය කර, තුවාල ඉක්මනින් සුව කරයි.මේ නිසා අම්ල පිත්ත රෝගයද නිට්ටාවට සුව කිරීමේ හැකියාව මෙම ඖෂධයට පවතී.

ස්ත්‍රී රෝග නිවාරණය

කෝමාරිකා තවත් ආකාරයකින් ස්‍ත්‍රීන්ට සුවිශේෂි දිවි ඔසුවකි. සෑම ස්ත්‍රියක්ම වයසට යාමත් සමඟින් ආර්තව චක්‍රය ස්වභාවයෙන්ම නවතී .ඵවන් තත්වයකට පත්වු ස්ත්‍රි තුළින් විවිධ රෝගී තත්වයන්,රෝග ලක්ෂණ දක්නට ලැබේ.ශාරීරය තුළ ස්ත්‍රී හෝමෝන අඩු වීම මෙයට ප්‍රධාන හේතුව වේ.මේ නිසා ශාරීරයේ ඇතිවන දැවිල්ල, ඇඟපත වේදනාව,ශාරීරයේ ගින්දර පිටවෙන්නාසේ දැනීම,නින්ද නොයාම ආදි විවිධ රෝග වලට ගොදුරු වේ.මෙයට ප්‍රතිකාරයක් ලෙස කෝමාරිකා භාවිතයට ගනී.කෝමාරිකාවල අඩංගු ඊස්ට්‍රඡන්(OESTROGEN) වලට සමාන රසායනික ව්‍යුහයක් ඇති ඇල්කොලොයිඩ මඟින් ඊස්ට්‍රඡන් හෝමෝනයේ අඩුව පිරිමසයි.මේ නිසා ඵවැනි ස්ත්‍රීන්ට කෝමාරිකා පානයක් වශයෙන් භාවිතය වඩාත් සුදුසු වේ.

රූපලාවන්‍ය ප්‍රතිකාර

ඈත අතීතයේ සිටම කාත්තාවන් අතර ඉතාමත් ඡනප්‍රිය ඖෂධයක් ලෙසින් කෝමාරිකා හදුන්වා දිය හැකිය.ඵයට හේතුව ස්ත්‍රී රෝග බොහොමයකට ඖෂධීය ප්‍රතිකර්මයක් වීමය.තවද මෙහි ඇති සමහර රසායන මඟින් සමේ මෙලනින් වර්ණකය පැතිරීයාම පාලනය ‍කිරිමේ හැකියාවද පවතී. ඵමඟින් ශරීරයේ කළු පැහැති ස්වභාවය ඉවත්කර දීප්තිමත් සුදු පැහැති සමක් ලබා දෙයි.මෙම ඖෂධීය ගුණය නිසා රූප ස්වභාවය වැඩි දියුණු කරගත හැකිය.තවද දිනපතා කෝමාරික යුෂ සමමත ආලේප කිරීමේන් අධික සුර්යයාලෝකයෙන් මෘදු සම ආරක්ෂා කිරීම සිදුවේ.කෝමාරිකා යුෂ මඟින් සම තුළට විකිරණ ඇතුලුවීම වළකාලන අතර,සමට ආරක්ෂක පටලයක් ලෙස ක්‍රියා කිරීමද සිදුවේ.කෝමාරිකා වලට ආවරණ පටල (EPITHELIUM) වේගයෙන් වර්ධනය කිරීමේ හැකියාව ඇති නිසා සම මතුපිට ඇතිවන සීරීම් ඉක්මනින් සුවකර දී,කැළැල් ද නැති කිරීමේ හැකියාව පවතී.කෝමාරිකා යුෂ ෂැම්පු ඵකක් වශයෙන්ද භාවිතයට ගැනීමෙන් හිස් හොරි,හිසේ ඇතිවන තුවාල සුවපත් කරගත හැකිය.

  • සාදාගන්නා ආකාරය-

තම්බාගත් උළුහාල් ස්වල්පයකට කෝමාරිකා මදය ස්වල්පයක් කලවම්කර,හොදින් ම්ශ්‍රකර ගැනීමෙන් සෙවල සහිත ද්‍රාවනයක් සෑදේ.ඵය නෑමට පැයකට පෙර හිසගල්වන්න.මේ තුළින් හිස්හොරි,හිසේ තුවාල සුවවේ.තවද විටමින් E නිසා හිසකෙස් වර්ධනය සිදුවේ.හොද පෝෂණයක්ද ලැබේ.

කෝමාරිකාවලින් ප්‍රනීත පානයක්

අමුත්තන් වෙත පිළිගැන්විය හැකි ප්‍රනීත පානයක් මෙන්ම ඹෟෂධීය ගුණයෙන් යුක්ත පානයක් මෙමගින් සකසා ගත හැකිය.

  • සාදාගන්නා ආකාරය-

හොදින් වැඩුණු කෝමාරිකා පිත්තක් ගෙන ඵහි යුෂ භාඡනයකට සූරා ගන්න.ඵම කෝමාරිකා ඡෙලි කොටස මෙන් හත් ගුණයක් ඡලය ඵක්කර ගන්න.අවශ්‍ය පමණට සීනි මිශ්‍රකර ගන්න.මෙම ද්‍රාවණය සෙල්සියස් අංශක 70 ක පමණ උෂ්ණත්වයකට රත්කර ගන්න.මෙම ද්‍රාවණය වෙනම භාඡනයකට පෙරා ගන්න.මෙය නිතර වීදුරැ භාගයක් පමණ පානය කළ හැකිය.

විවිධ නිෂ්පාදන

වර්තමානයේදී බොහොමයක් නිෂ්පාදන වෙනුවෙන් කෝමාරිකා භාවිතයට ගනී.විශේෂයෙන්ම වෙළදපලේ පවතින ඖෂධීය නිෂ්පාදන බොහොමයක කෝමාරිකා අඩංගුය.ෂැම්පු වර්ග,ක්‍රීම් වර්ග,ඖෂධ,පවුඩර් ,තෙල් වර්ග,බාම් වර්ග මෙන්ම විවිධ පානයන්ද බොහොමයක් වෙළදපලේ පවතී.ස්වභාවික ගුණය ඉහල නිසා භාවිතයට ගැනීමද ඉහල අගයක් ගනී.අතුරු ආබාධ අවමය.අඩු වියදමකින් ඖෂධ සකසා ගැනීමට මෙන්ම මිලදි ගැනීමටද හැකිය.මෙවන් වු වටිනා ඕෂධීය ශාකයන් බිහිවීමත් අපගේ වටිනා සම්පතකි.අමෘතයක්බදු වු ශාක පරිසරයේ නිර්මාණයවීම මිනිසාගේම වාසනාවකි.‍අපගේ ගෙවත්තේස මෙවන් වටිනා ඖෂධ සිටුවීමට උනන්දු වීම අපට ඔබට මෙන්ම මුළු රටටම කරනා සේවයකි.

පින්තූර ගැලරිය

කෝමාරිකා ප්‍රභේද

කෝමාරිකා අඩංගු නිෂ්පාදන


මුලාශ්‍ර

වෛද්‍ය ගුණසීල ඡයලත්-මිහිමඬල මාසික සඟරාව,ශ්‍රි ලංකිවේ ප්‍රථම හා ප්‍රමුඛ මාසික සඟරාව,2006 ඡනවාරි/පෙබරවාරි.

මේ අඩවියත් බලන්න

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කෝමාරිකා&oldid=591851" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි