කෞතුකාගාර

කෞතුකාගාරය යනු මහජනයාට විවෘත සමාජයේ හා එහි වර්ධනය පිළිබද සේවයේ නියුතු ස්ථිර ආයතනයක් වන අතර එමගින් අධයාපනය, අධ්‍යනය හා විනෝදාෂ්වාදයේ අරමුණු සදහා මානුෂ භාවය හා එහි වටපිටාවේ ඇති ස්පර්ෂීය හා ස්පර්ෂීය නොවන උරුම ලබාගැනීම, සංරක්ෂණය කිරීම, පරීක්ෂා කිරීම සන්නිවේදනය කිරීම හා ප්‍රදර්ශනය කිරීම සිදු කරයි. මෙය කෞතුකාගාර පිලිබදව වු ජාත්‍යන්තර කවුන්සිලය මගින් සිදු කරන ලද අර්ථ දැක්වීමයි. ඒකසත් රාජධානිෙය් කෞතුකාගාර සංගමය මගින් සිදු කරන ලද අර්ථ දැක්වීමක් වන්නේ (1998 දී ඇති කරන ලද)

කෞතුකාගාර
The Museo Chileno de Arte Precolombino in Santiago, Chile
The Egyptian Museum in Cairo, Egypt
The Canada Science and Technology Museum in Ottawa, Canada
The Hong Kong Museum of Art in Tsim Sha Tsui, Hong Kong
The House of Slaves in Gorée, Senegal
Diorama at the Indian Museum in Kolkata, India
Gallery at the Sukiennice Museum in Kraków, Poland

කෞතුකාගාර මගින් රුචිකත්වය, ඉගෙනීම හා විනෝදාස්වාදය සදහා එකතු පරීක්ෂා කිරීමට ඉඩ ලබාදෙයි. ඒවා ප්‍රදේශ විය හැකි මානව කෘති හා ද්‍රව්‍ය එකතු කරන ආරක්ෂා කරන හා නිපදවන ආයතන වන අතර සමාජයට විශ්වාසදායි අයුරින් ඒවා දරාසිටියි.

ලොවපුරා කෞතුකාගාර දස දහස් ගණන් පවතියි. සාපකේෂව කුඩා ලැයිස්තුවක් සදහා කෞතුකාගාර ලයිස්තුව බලන්න.

දළ විශ්ලේෂණය

කෞතුකාගාර මඟින් විද්‍යාත්මක, කලාත්මක හෝ ඓතිහාසික වටිනාකමකින් යුත් වස්තු එකතු කර ඒවා ආරක්ෂා කරන අතර ස්ථිර හෝ තාවකාලික විය හැකි ප්‍රදර්ශන භාණ්ඩ හරහා ඒවා මහජනයාට දැක බලා ගැනීමට සලස්වයි. බොහෝමයක් විශාල කෞතුකාගාර ලොව පුරා ඇති ප්‍රධාන නඟරවල ස්ථානගත වී ඇති අතර වඩා ප්‍රාදේශීය ඒවා කුඩා නඟර හා සමහරක් විට ගම්මාන ආශ්‍රිතව ද පිහිටයි. බොහෝමයක් කෞතුකාගාර වැඩිහිටියන්, ළමයින් හා පවුල් මෙන්ම විශේෂිත වෘත්තිකයන් ද ඇතුළත් ප්‍රේක්ෂකයන් විශාල පරාසයක් සඳහා වැඩසටහන් හා ක්‍රියාකාරකම් පිරිනමනයි. මහජනතාව වූ සඳහා වැඩසටහන් කෞතුකාගාර පීඨය හෝ ශ්‍රේෂ්ත්‍රයේ විශේෂඥයින්, චිත්‍රපටි, සංගීත හෝ නැටුම් ඉදිරිපත් කිරීම් හා තාක්ෂණික නිරූපණ මඟින් සිදු කරන දේශන හෝ ඉගැන්වීම්වලින් සමන්විත වේ. බොහෝ විට කෞතුකාගාර එය පිහිටා තිබෙන ප්‍රදේශයේ සංස්කෘතිය ගැන සැලකිල්ලක් දක්වයි. බොහෝමයක් කෞතුකාගාර කෞතුක ද්‍රව්‍ය‍භෞතික ස්පර්ශ කිරීමට ඉඩ ලබා නොදෙන නමුත් අන්තර් ක්‍රියාකාරී හා අතගා බැලීමට අනුබල දෙන සමහරක් ද ඇත. කෞතුකාගාර පිළිබඳ විද්‍යාවේ නූතන ප්‍රවනතා වි‍ෂයේ පරාසය පුළුල් කර ඇති අතර අන්තර්ක්‍රියාකාරී ප්‍රදර්ශන භාණ්ඩ හඳුන්වාදී තිබේ. එමඟින් මහජනයාට පුද්ලයාගෙන් පුද්ගලයාට අත්දැකීම වෙනස් වන ක්‍රියාකාරකම් තෝරාගෙන ඒවායේ නිරත වීමට අවස්ථාව ලබා දෙයි. අන්තර්ජාලය හඳුන්වාදීමත් සමඟ අතාත්වික ප්‍රදර්ශන භාණ්ඩවල ප්‍රමාණය දිනෙන් දින වර්ධනය වී ඇත. (රූප පෙන්වන හා පටිගත ශබ්ද ධාවනය කෙරෙන ප්‍රදර්ශන භාණ්ඩවල වෙබ් සංස්කරණ)

කෞතුකාගාර සාමාන්‍යයෙන් මහජනයාට විවෘතව පවතින අතර සමහරක් විට ඇතුළත් වීමේ ගාස්තුවක් අය කරනු ලබයි. සමහරක් කෞතුකාගාර මහජනයාගේ මුදලින් ක්‍රියාත්මක වන අතර ඒවාට ස්ථිරවම හෝ විශේෂිත දිනයන්හි දී නිදහස් ප්‍රවේශ ඇත. (උදාහරණ සතියකට වරක් හෝ වසරකට වරක්)

කෞතුකාගාර බොහෝවිට වස්තු විකිණීමෙහි නිරතව ඇති පුද්ගලික ගැලරි මෙන් ලාභ ඉපයීමේ චේතනාවෙන් ක්‍රියාත්මක නොවේ. රාජ්‍ය කෞතුකාගාර, රාජ්‍ය නොවන හෝ ‍ලාභ නොඋපයන කෞතුකාගාර හා පුද්ගලික හිමිකාරීත්වය දරන හෝ පවුල් කෞතුකාගාර වර්තමානයේ දී දක්නට ඇත. කෞතුකාගාර සංස්කෘතීන් හා ඉතිහාසය පිළිබඳ ශ්‍රේෂ්ට ප්‍රභවයක් වේ.


ශාන්ත පීටර්ස්බර්ග්හි පිහිටි සීත මාළිගයේ දර්ශනයක්, හර්මිටේජ් කෞතුකාගාරයේ නිවහන, මාළිග චතුරස්‍රයේ සිට.

කෞතුකාගාරය කළමණාකරණය

කෞතුකාගාරය සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වනු ලබන්නේ කළමණාකාර වරයෙකුගෙන් වනු අතර ඔහුට වස්තු හා ඒවා ප්‍රදර්ශනය කිරීම පිළිබදව සලකා බලන සහයක කාර්යය මණ්ඩලයක් හිමිය. විශාල කෞතුකාගාර වලට සාමාන්‍යයෙන් කෞතුකාගාරයේ භාණ්ඩ වලට සම්බන්ධ අධ්‍යයන සමග කටයුතු කරන පර්යේෂණ අංශයක් හෝ ආයතනයක් මෙන්ම සාමාන්‍ය ජනතාවට ද්‍රව්‍ය පිළිබද විස්තර සපයන අධ්‍යාපන දෙපාර්තමේන්තුවක් ද අයත් වෙයි. කළමණාකාරවරයා සාමාන්‍යයෙන් වග කියනු ලබන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුක් හෝ භාරකාර මණ්ඩලයක් වැනි උසස් ස්ථානයකට ය.

එකතුව සදහා භාණ්ඩ පැමිණෙන්නේ විවිධක්‍රම හරහාය. කෞතුකාගාරය මගින්ම හෝ ඒහා සම්බන්ධිත ආයතනයක් මගින් හෝ කෞතුකාගාරයට නව අයිතම හෝ ලියකියවිලි ලබාගැනීම සදහා ගවේෂණ සංවිධානය කරනු ඇත. කෙසේ නමුත් බොහෝ විට කෞතුකාගාර මගින් කෞතුක ද්‍රව්‍ය මිලදී ගැනීම හෝ මානව කෘති ලෙස ඒවා වෙළදාම් කිරීම හෝ පරිත්‍යාග ලෙස ඒවා ලබාගැනීම සිදුකරයි.

උදාහරණ ලෙස ස්වරස ප්‍රතිපාදන කලා කෘති ප්‍රදර්ශනය කරන කෞතුකාගාරයකට කෞතුකාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩවලට නොගැළපෙන ජ්‍යාමිතික රූපයන්ට අනුව අඳින ලද චිත්‍ර ආධාර ලෙස ලැබිය හැක. නමුත් එය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරන ආකාරය චිත්‍ර ලබා ගැනීම සඳහා යොදා ගත හැක. කෙසේ නමුත් වඩාත් ආශා කරන වස්තු ලබා ගැනීම සඳහා කෞතුකාගාරයේ සීමාවෙන් පිට වූ මෙම වස්තු ලබා ගැනීමේ ක්‍රියාවලිය බොහොමයක් කෞතුකාගාර වෘත්තිකයන් විසින් ආචාර ධර්මවලට පටහැනි සේ සලකනු ලැබේ. විශාල කෞතුකාගාරවලට ඔවුන්ගේ කාර්ය මණ්ඩලය පූර්ණ කාලීනව මෙම කටයුත්ත සඳහා යෙදී ඇති අයත් කර ගැනීමේ දෙපාර්තමේන්තුවක් ඇත. බොහෝමයක් කෞතුකාගාරවලට කෞතුකාගාර එකතුවට ඇතුළත් විය යුත්තේ මොනවාද? ඇතුළත් නොවිය යුත්තේ මොනවාද? යන්න තීරණය කරන එකතු කිරීම් පිළිවෙතක් ඇත.

කෞතුකාගාර සාමාන්‍යයෙන් සහයෝගීව වැඩ කරන අතර එක් කෞතුකාගාරයකට අවශ්‍ය තරම් විශාල හෝ වැදගත් එකතුවක් නොමැති විට යම් විෂයක් මත වූ කෞතුක ද්‍රව්‍ය වෙනත් කෞතුකාගාරයකින් ඒ වෙත යැවීම සිදු කරනු ලැබේ. මෙම කෞතුක ද්‍රව්‍යවලට සීමා සහිත ගිවිසුමක් තිබෙන අතර සාමාන්‍යයෙන් වියදම් ආවරණය කිරීම සඳහා ‍මහජනතාවගෙන් අතිරේක ඇතුළත් වීමේ ගාස්තුවක් අය කරයි.

ආශ්‍රිත ලිපි

  • Museums ද්වාරය
  • Audio tour
  • Cell phone tour
  • Computer Interchange of Museum Information
  • Exhibition history
  • Ennigaldi-Nanna's museum, world's first museum
  • International Council of Museums
  • International Museum Day (18 May)
  • List of museums
  • List of largest art museums
  • List of most-visited museums
  • List of most visited art museums
  • List of most-visited museums by region
  • .museum
  • Museum education
  • Museum fatigue
  • Museum label
  • Museum shop
  • Public memory
  • Science tourism
  • Types of museums
  • Virtual Library museums pages

මූලාශ්‍ර

භාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කෞතුකාගාර&oldid=656333" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි