පිළිස්සීම

පිළිස්සීමක් යනු මාංශ වලට හෝ සමට තාපය,විදුලිය,රසායන ද්‍රව්‍ය හෝ ඝර්ෂණය නිසා සිදුවන හානියකි.පාෂ්ඨිය සමට පමණක් බලපෑම් ඇති කරන පිළිස්සීම් පාෂ්ඨිය නැතහොත් පළමු මට්ටමේ පිළිස්සීම් ලෙස හැදින් වේ.හානිය සමට මතුපිටින් යටින් පවත්නා ස්තරයට කා වදියි නම් එය පාර්ශවික ඝනකම හෝ දෙවන මට්ටමේ පිළිස්සීමක් නම් වේ.පරිපූර්ණ ඝනකම හෝ තෙවන මට්ටමේ පිළිස්සිමකදී සමේ සියලුම ස්තර කරා හානිය පැතිරී යනු ලබයි.අස්ථි හා මාංශ පේශි වැනි ගැඹුරු පටක වලට සතර වන මට්ටමේ පිළිස්සීම හානි සිදු කරනු ලබයි.

පිළිස්සීම
වර්ගීකරණය සහ බාහිර සම්පත්
අතෙහි දෙවන මට්ටමේ පිළිස්සීමක්

පිළිස්සීමේ සැරකම අනුව එයට අවශ්‍ය ප්‍රතිකාරය තෝරාගත යුතුය. සරල වේදනා නාශකයක් මගින් පාෂ්ඨිය පිළිස්සීම් පාලනය කරා ගැනීමට පුළුවන්කම ඇත,නමුත් අධික පිළිස්සීම් සදහා විශේෂිත පිළිස්සුම් මධ්‍යස්ථානයකින් දිඝු කෙරුණු ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.ජල කරාමයකින් වෑස්සෙන ජලය භාවිතා කර සිසිල් කර ගැනීම මගින් වේදනාව සමනය කරන අතරම හානිය අඩු කරනු ලැබේ,කෙසේ වෙතත් දිගින් දිගට නිරාවරණය වී තිබීම ශරීර උෂ්ණත්වය පහල බැසීමට හේතු විය හැකිය.පාර්ශවික ඝනකම් පිළිස්සුමකට ලක් වී ඇත් නම් සැරහුමක් අනුගතව සබන් හා ජලය යොදා ගනිමින් පිරිසිදු කර ගැනීම වඩා සුදුසු වේ.නමුත් ඒ හා ඇති වන බිබිලි හසුරුවා ගැනීම ගැන පැහැදිලි අදහසක් නොමැත.නමුත් එම බිබිලි පුළුවන් තරම් කඩා නොගන තබා ගැනීම වඩා යෝග්‍ය වේ.පරිපූර්ණ ඝනකම් පිළිස්සීම් සදහා සාමාන්‍යයෙන් ශල්‍යකර්මයක් අයත් වූ ප්‍රතිකාරයක් අවශ්‍ය වේ,උදාහරණයක් ලෙස සම බද්ධ කිරීම.පැතිරුණු පිළිස්සීමක් සදහා බොහෝ විට අන්තශ්ශෛරික තරලය විශාල වශයෙන් අවශ්‍ය වේ.එයට හේතු වන්නේ ගිණි ඇවිලිමකදී සැලකිය යුතු ලෙස කේශ නාලිකා තුල තරල වැස්සිමක් සිදු වේ.පිළිස්සීම් වල පොදු සංකුලත්වයක් වන්නේ ආසාදනයන් වීම් වලට ලක් වීමයි.


අධික පිළිස්සීම් මාරක වන අතරතුර ,1960 සිට සංවර්ධිත වූ නවීන ප්‍රතිකාර සැලකිය යුතු ලෙස විශේෂයෙන්ම දරුවන් හා යොවුන් වැඩිහිටියන්ගේ ප්‍රතිඑල වල සැබෑ වෙනසක් පෙන්නුම කර ඇත.මුළු ලෝකයම ගත් කල වසරකට මිලියන 11 ක් පිළිස්සීම් සදහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න අතර,තවත් 300,000 ක් පිළිස්සීම් හේතුවෙන් මිය යයි.ඇමෙරිකා එක්සත් ජනපදය තුල පිළිස්සීම් මද්‍යස්ථාන වලට ඇතුලත් කරන පිරිසෙන් දළ වශයෙන් 4% ක් පමණ දෙනා ඔවුනගේ ආබාධ තත්වය හේතු කරගෙන මිය යනු ලැබේ.පිළිස්සීමේ ප්‍රමාණය හා පිළිස්සීමට යොමු වූ පුද්ගලයාගේ වයස යන කරුණු දීර්ඝ කාලින ප්‍රතිඑල සමග ප්‍රාථමික සම්බන්ධයක් පෙන්නුම් කරයි.


සලකුණු සහ ලක්ෂණ

පිළිස්සීමක ගතිලක්ෂණය රදා පවතින්නේ එහි ගැඹුර මතය.පාෂ්ඨිය පිළිස්සීම් වල වේදනාව දෙදිනක් හෝ තෙදිනක් තිබී ඉන් පසු දින කිහිපයේ සමෙහි පොතු ගැලවී යාමක් දක්නට ලැබේ.වඩා තීව්‍ර පිළිස්සීම් වලින් වේදනා විදින්නෙකු අපහසු බවක් පෙන්නුම් කරන අතරම පිඩනයක් දැනීම,වේදනාව පෙන්නුම් කරනවාට වඩා දක්නට ලැබේ.පරිපූර්ණ ඝනකම් පිළිස්සීම මුළුමනින්ම වාගේ ඉතා සියුම් ස්පර්ශ වලට අසංවේදී වීමට පවා හේතු වේ.පාෂ්ඨිය පිළිස්සීම් බොහෝ විට රත් පැහැයක් ගන්නා අතර තීව්‍ර පිළිස්සීම් රෝස,සුදු හෝ කළු පැහැයක් ගනී.මුඛය අවට හෝ නාසය තුල පිළිස්සුනු කෙස් තිබීමෙන් හැගී යනු ලබන්නේ පිළිස්සීම වා මඟ කෙරෙහිද පැතිරී ගොස් ඇති බවයි.නමුත් මෙම නිගමනය කිරීම ස්ථිර නොවීමට හැකියාවක් ඇත.තවත් ලක්ෂණ තිබේ :ආශ්වාශයේ ප්‍රශ්වාශයේ අමාරුකම්,ස්වහංගය,ගුගුරුව,කරුකුරුව,පිළිස්සීම් උපසමන කාලය තුළ කැසීම ඇති වීම සාමන්‍යය වේ.මේ 90% ක් පමණ වූ වැඩිහිටියන්ටද සියළුම ළමයින්ටද ඇති වේ.විදුලිය වැදිමකට පසු ඇති වන හිරි ගතිය නොනැවතී යම් කාලයක් දිගින් දිගටම යම් කාලයක් පවතී.එලෙසම පිළිස්සීම් මානසික හා චිත්තවේගී පීඩනයක් ඇති කරයි.

ආකාරයසම්බන්දව ඇති ස්ථරමුහුණුවරස්වභාවයවේදනාවඋපශමන කාලයරෝග විග්‍රහයනිදර්ශනය
පාෂ්ඨිය (පළමු මට්ටමේ)පිට සිවියබිබිළි නොමැතිව රත් පැහැයවියළිවේදනාකාරීදින 5 සිට 10 දක්වාහොදින් සනීප වේ.දිගින් දිගටම අව්වට පිළිස්සීම චර්ම පිලිකා ඇති කිරීමේ ප්‍රවනතාව වැඩි කරයි.
පාෂ්ඨිය පාර්ශවික ඝනකම (දෙවන මට්ටමේ)පාෂ්ඨිය(පීටීකා) ඇතුල් සම දක්වා පැතිර යයි.පැහැදිලි බිබිලි සමග රත් පැහැය.තෙරපුමක් ඇති කල විට සුදුමැලි වේ.තෙත් සුළුයඉතා වේදනාකාරියිසති 2 ක 3 කට වඩා අඩුවෙන්ප්‍රාදේශීය ආසාධනයක්/සෛලීයදාහය නමුත් කැළැල් ඇති නොවේ.
ගැඹුරු පාර්ශවික ඝනකම (දෙවන මට්ටමේ)ගැඹුරු චර්මය කරා පැතිර යයිකහ හෝ සුදු,අල්ප සුදුමැලි වීමක්,යම් විටෙක බිබිලි.තරමක් වියළිපීඩනය හා අපහසුව3සති 3 සිට 8 දක්වාකැළැල් ඇති වේ, සමෙහි විසන්තුලනය (චර්ම බද්ධයක් අවශ්‍ය වේ)
පරිපුරන ඝනකම (තෙවැනි මට්ටමේ)සම්පුර්ණ චර්මය කරා පැතිරී යයිඅප්‍රිය සහ සුදු/දුබුරු , සුදුමැලි වීමක් නැතචර්මලවේදනාවෙන් තොරයිදිග්ගැස්සී ඇත (මාස ගණනක්) සහ අසම්පුර්ණයිකැළැල්, සමෙහි විසන්තුලනය, අංගච්ඡෙදනය (කල් තබා විච්ඡේදය අවශ්‍ය වේ)
සතරවන මට්ටමසම හරහා සම්පුරණයෙන් විනවිද ගොස් පටක හා අස්ථි වලටද බලපෑම් ඇති කරයිකළු පැහැයවියළිවේදනාවෙන් තොරයිවිච්ඡේදය අවශ්‍ය වේඅංගච්ඡෙදනය,සැලකිය යුතු කෘත්‍යත්ම අපචය කිරීම සහ සමහර අවස්ථා වලදී මරණය

හේතුව

පිළිස්සීම සදහා හේතු වන්නේ විවිධ බාහිර ප්‍රභවයි.උදාහරණ ලෙස තාප කැළඹූම්,රසායන ද්‍රවය,විදුලිය හා විකිරණ.ඇමෙරිකාව තුල පිළිස්සුම් සදහා පොදු හේතු වන්නේ ගිණි ඇවිලීම්(44%), ආතප්තය(33%),උණුහුම් ද්‍රව්‍ය(9%),විදුලිය(4%) හා රසායනික ද්‍රව්‍ය(3%). 69% ක් පමණ වූ පිළිස්සීම් හට ගන්නේ නිවෙස් වල හෝ රැකියා ස්ථාන වල වේ(9%).තවත් බොහෝ අනතුරු වලින් 2% ක් පමණ වෙනත් අයෙකු පහර දීම නිසා,1-2% අහර ප්‍රමාණයක සියදිවි නසා ගැනීමට උත්සහ ගැනීම හේතුකොට ගෙන සිදු වේ.මේ ප්‍රභව වාමග හා පෙනහළු වල ස්වසන හානිකිරීම් වලට හේතු වේ.දුප්පත් මිනිසුන් අතර මේ පිළිස්සීම් හානි ඇති විම බොහෝ විට පොදු කරුණක් වේ.දුම්පානය අවදානම් සාධකයකි.ගිනිගැනීම් ආශ්‍රිත පිළිස්සීම් ඇති වීම සිතල කාලගුණයන් වල බහුල වේ.සංවර්දනය වෙමින් පවත්නා රටවල පවතින අවධානම් සාධකයක් වනුයේ බිමක් මත විවෘත දහනයෙන් පිසීම කිරීමයි.

තාප කැළඹූම

ඇමෙරිකාව තුල ගින්න හා උණුසුම් ද්‍රව පිළිස්සීම් සදහා ප්‍රධාන ලෙස හේතු වේ.නිවාස ගිනිගැනීම් මරණ සදහාද ,25% ක් දුම්පානය නිසාද,22% තාපන උපකරණ නිසාද පිළිස්සීම් වලට හේතු වේ.බොහෝවිට සිදු වන හානියෙන් භාගයක් පමණ සිදුවන්නේ ගින්න සමග සටන් කිරීමට යාමේදිය.ආතප්තයට හේතු වන්නේ උණුසුම් ද්‍රව හා වායු වන අතර ,බොහෝ විට සිදු වන්නේ උණුසුම් ද්‍රව වලට නිරාවරණය වීම ,අධි උෂ්ණත්ව ක්‍රම ජලය මගින් ස්නානය කිරීම,උණුසුම් පිසින තෙල් හෝ හුමාලය.ආතප්ත හානි වයස් අවුරුදු 5 ට අඩු දරුවන් අතර පොදු වේ,ඇමෙරිකාව හා ඕස්ට්‍රේලියාව තුල උණුසුම් ද්‍රවය හා ගැටීම් වලින් 20-30% අතර ප්‍රමාණයක් ළමයින්ගේ පිළිස්සිම් වලට හේතු වේ.සාමාන්‍යයෙන් ආතප්ත පළමු හෝ දෙවන මට්ටමේ පිළිස්සීම් වේ.නමුත් තෙවන මට්ටමේ පිළිස්සිම්ද ඇති විය හැකිය.විශේෂයෙන් දිගින් දිගටම සම්බන්ද වී තිබීම හේතුවෙන් විය හැකිය.

රසායනික ද්‍රව්‍ය

රසායන ද්‍රවය 2 සිට 11% දක්වා පිළිස්සීම් වලට හේතු වන අතර පිළිස්සීම් මරණ සදහා 30% දායකත්වයක් දක්වයි.රසායන පිළිස්සීම් සදහා ධාතු 25000 ක් පමණ හේතු වේ.ඒවායින් බොහෝ ඒවා ප්‍රබල භෂ්ම(55%) හා ප්‍රබල අම්ල(26%) වේ.බොහෝ මෙම මරණ අධිග්‍රහණය හේතු කොට ගෙන සිදු වේ.පොදු සාධක වලට හේතු වන්නේ:ස්ල්ෆියුරික් අම්ලය වැසිකිලි පිරිසිදු කාරක වල අඩංගු විම,සෝඩියම් හයිපක්ලොර්යිඩ් සායම් වල අඩංගු වීම,හැලජන හයිඩ්රකාබන සායම් ඉවත්කාරක වල අඩංගු වීම. හයිඩ්‍රොfප්ලුවොරික් අම්ලය වඩා ගැඹුර පිළිස්සීම් සදහා හේතු වේ.නමුත් එයට නිරාවරණය වී කාලයක් යන තුරු පිටට මතු නොවේ.ෆොමික් අම්ලය සැලකිය යුතු ලෙස රතු රුධිරානු බිද වැටීමට හේතු වේ.

විදුලිය

විදුලිය මගින් පිළිස්සීම් අපට අධි වෝල්ටීයතා(වෝල්ට් 1000 ට වඩා වැඩි හෝ සමාන) හා අඩු වෝල්ටීයතා(වෝල්ට් 1000 ට වඩා අඩු) නැතහොත් ඇවිලෙන පිළිස්සීම්,විද්‍යුත් චාප වල ද්වීතියික වේ.විද්‍යුත් අපමුඛය(14%) අනුගතව විද්‍යුත් රැහැන්(60%) මගින් ළමයිනට පිළිස්සුම් ඇති වේ.අකුණු සැරද පිළිස්සුම් සදහා හේතු වේ.මෙහි අවදානම් සාධක වනුයේ අකුණු අවස්ථාවන් වල නිවසෙන් පිටත සිදු කරන ක්‍රියාකාරකම් වේ.උදාහරණ ලෙස කදු තරණය,ගොල්ෆ් හා පිටියේ ක්‍රීඩා හා ගෘහයෙන් පිටත් එළියේ රැකියා වල නිරත වීම.අකුණු සැර වැදි මිය යාමේ ප්‍රවණතාව 10%කි.විදුලිය මගින් පිළිස්සීම් ඉතා ප්‍රාථමික තත්ත්වයක තිබෙන අතර.එලෙසම එය අස්ථි කැඩුම් බිදුම් හා විස්ථානයට හේතු වන අතර, එය මාංශ පේශි සංකර්ශනයට පවා හේතු විය හැකිය.අධි වොල්ටියත්වකදී හානිය ශරීරයේ අභ්‍යන්තරයට සිදුවන අතර එය පිටත සම නිරීක්ෂණය මගින් හදුනා ගත නොහැක.අඩු හෝ අධි වොල්ටියතාව යොමු වීම හදවතේ ක්‍රියාකාරිත්වය නැවතීමකට පවා හේතු විය හැකිය.

විකිරණ

විකිරණ පිලිස්සිම්කට හේතුව වන්නේ දිගින් දිගටම පාරජම්බුල ආලෝකයට නිරාවණය වීම නිසාය.උදාහරණ ලෙස සූර්යයා,සම පදම් කිරීමේ කුටිය,චාප වෙල්ඩිම හෝ අයනිකරණ විකිරණ(එක්ස් කිරණ,විකිරණශීලි බිදවැටීමක්) හේතුවෙන් සිදුවිය හැකිය.සූර්යයාට නිරාවරණය වීම මේ අතරින් පොදු වන අතර පිට පිට නිරාවරණය වීම පාෂ්ඨිය පිළිස්සීම් සදහා හේතු වේ.මෙහෙදී එක් එක් පුද්ගලයාගේ සමෙහි ආකාරය අනුව සිදුවන පිළිස්සීමේ සැලකිය යුතු වෙනස්කම් ඇත.අයනිකර විකිරණ මගින් සමට සිදුවන බලපෑම රදා පවතින කාරණා කිහිපයක් ඇත.ඒවා නම් නිරාවරණය වූ ප්‍රදේශය,3Gy කට පසු හිසකේ ගැලවී යාම,10Gy කට පසු රත් පැහැ ගැනීම,20Gy කට පසු සම තෙත් වීමහා පොතු ගැලවී යාම,30Gy කට පසුපටක හා අස්ථි ක්ෂය වීම.නිරාවරණය සුළු කාලයක් යන තුරු රත් පැහැ ගැනීම දර්ශනය නොවේ.මෙම විකිරණ පිළිස්සීම් වලටද අනෙක් පිළිස්සීම් වලට මෙන්ම ප්‍රතිකාර කල හැක.තාප කැළැඹුම් හරහා සුක්ෂම තරංග පිළිස්සීම් ඇතිවිය හැකිය.මෙයට තත්පර 2ක කාලයක් නිරාවරණය වීම මගින්ද හානියක් සිදු විය හැකිය.නමුත් මෙය බොහෝ කලාතුරකින් සිදු වේ.

අනතුරු නොවන

ආතප්තය හෝ ගින්නෙන් පිළිස්සීම නිසා රෝහල් ගත ලද පිරිසගෙන් 3 - 10% පිරිස යම් පහර දීමක් නිසා පිළිස්සීම් සිදු වූ අය වේ.මේවාට හේතු වන්නේ ළමා අපචාර,පුද්ගලික ආරවුල් ,වැඩිහිටි අපචාර,ව්‍යාපාර ආරවුල්.හානිය හෝ පිළිස්සීම නොපෙන්වීම ළමා අපචාරයක් වේ. එය සිදු කරන ලබන්නේ යටත් ශරීරය(තට්ටම) උණු ජලය පෘෂ්ටයක් යට රදවා ගෙන සිටීමෙනි.තවත් ගෘහශ්‍රිත ප්‍රචණ්ඩත්වයක් වනුයේ මනාලි පිළිස්සීම.මේ සිදුවන්නේ ඉන්දියාව වැනි සංස්කෘතියක් ඇති රටක ඇයගේ ස්වාමියා හෝ ඔහුගේ පවුලේ අයට ප්‍රමාණවත් නොවුණු දැවද්දක් ලැබුණු විට එයට අමනාප වූ විටය.පකිස්ථානය තුල සිතා මතාම කරන ලද අම්ල ප්‍රහාර 13% ක් පමණ ඇත.මේවා බෝහෝ විට ගෘහශ්‍රිත ප්‍රචණ්ඩත්වය හා සබැදියාවක් ඇත.තවත් ඉන්දියානු මිනිසුන් අතර ඇති දෙයක් වන්නේ විරෝධය දැක්වීම පිණිස තමන් විසින් ගින්නට බිලිවීමයි.මෙය බෝහෝ විට කාන්තාවන් හා සම්බන්ධ වේ.

ව්‍යථවේදය හා භෞතවේදය

තෙවැනි මට්ටමේ පිලිස්සිමක්

උෂ්ණත්වය 44 °C (111 °F)වඩා වැඩි වූ විට ප්‍රෝටීන වල ත්‍රිමාණ හැඩය නැති වී ඒවා ඉරිමකට ලක් වේ.මේ හේතුවෙන් සෛල හා පටක තුල හානි සිදුවීම් වේ.පිළිස්සීමක් නිසා සෞඛ්‍යය කෙරෙහි ඇති වන ප්‍රධාන බලපෑමක් වන්නේ සාමාන්‍ය සමක් භේදනය කිරීමයි.සමෙහි සංවේදීතාව භේදනය කිරීම,සම හරහා ශරීරයේ ඇති වැඩි ජලය වාශ්පිභවනය වැලැක්වීම,ශරීර උෂ්ණත්වය පාලනය කිරීම.සෛල තුනී පටලය භේදනය කිරීම සෛල පිටත අවකාශයට පොටෑසියම් පිට කිරීම හා සෝඩියම් හා ජලය ලබා ගැනීම අවහිර කරයි. විශාල ගණයේ පිළිස්සීම් වලදී(ශරීරයේ 30% වඩා පිළිස්සීමට ලක් වූ විට) කේශනාලිකා තුලින් තරල වැස්සිම,උදරරෝගය වැනි දේ ඇති වේ.මෙය ශරීරයේ රුධිර පරිමාව අඩු වීමට හේතු වන අතර ඉතිරි රුධිරයේ ප්ලාස්මා අඩුවීමක් පෙන්නුම් කරයි.මෙම රුධිර අඩු වීම නිසා වකුගඩු හා අනෙක් අභ්‍යන්තර අවයව වලට රුධිරය ලැබීම අඩු වී ඒවායේ ක්‍රියාකාරිත්වයට හානි ඇති විය හැකිය.

රෝග විනිශ්චය

පිළිස්සීම් වර්ග කල හැකි ක්‍රම කිහිපයක් පවතී.ඒවා නම් ගැඹුර,තුවාලය ක්‍රියා කරන අන්දම,ප්‍රමාණය,සංඝටිත හානි.පොදු ලෙස වර්ගීකරණයට යොදා ගන්න ක්‍රමය වනුයේ තුවාලයේ ගැඹුර වේ. තුවාලයේ ගැඹුර බොහෝ විට පිරික්සනු ලබන්නේ පරික්ෂා කිරීම මගිනි.එසේ වුවත් ශරීරයේ පටක විශ්ලේෂණයද භාවිතා කරනු ලැබේ.එක පරික්ෂාවක් මගින් පිළිස්සුනු තුවාලයක ගැඹුර නිර්ණය කිරීම තරමක් අපහසු වේ. එම නිසා එයට දින කිහිපයක් වැය කොට දිගින් දිගට පරීක්ෂණ පැවැත්වීම අවශ්‍ය වේ.එම පුද්ගලයක් අතරින් යමෙකුට හිසේ කැක්කුමක් හෝ හිස කරකැවිල්ල ගතියක් හෝ ගින්නක් නිසා ඇති වූ පිළිස්සීම් ලකුණු ඇති නම් එම පුද්ගලයාට කාබන් මොනොක්සයිඩ් හෝ සයිනයිඩ් විෂ ශරීර ගත වී ඇද්දයි පරික්ෂා කල යුතුය.

ප්‍රමාණය

පිළිස්සීමක දරුණු බව නිර්ණය කිරීම සදහා එය ශරීරයේ බලපා ඇති ප්‍රමාණය වැදගත් වේ.මේ පින්තුරයෙන් ශරීරයේ විවිධ ස්ථාන පිළිස්සීම් විය යුතු ප්‍රමාණය දැක් වේ.

පිලිස්සිම්ක ප්‍රමාණය මිනුම් කිරීමට පාර්ශවික ඝනකම හෝ පරිපුර්ණ ඝනකම මගින් බලපෑ සම්පුර්ණ ශරීර පාෂ්ඨිය ප්‍රමාණයේ (total body surface area (TBSA)) ප්‍රතිශතය අවශ්‍ය වේ.පළමු මට්ටමේ පිළිස්සීම් රත් පැහැ පමණක් ගන්නා අතර බිබිලි ඇති වීමක් දක්නට නොලැබෙන අතර එය මෙම නිමානය තුල අන්තර්ගත වී නොමැත.70% ක් පමණ වූ පිළිස්සීම් වල TBSA 10% වඩා අඩු වේ.මෙම TBSA අගය නිර්ණය කිරීමට බොහෝ විධික්‍රම ඇත.උදාහරණයක් ලෙස "rule of nines", Lund and Browder charts.මෙම නිමානය කිරීම් සදහා පුද්ගලයාගේ අත්ලේ ප්‍රමාණය මත පදනම් වේ.මෙම rule of nines ක්‍රමය මතක තබා ගැනීමට බොහෝ ලේසි වන අතර නමුත් එය නිරවද්‍ය වනුයේ අවුරුදු 16 වඩා වැඩි අයට පමණි.තව බොහෝ නිරවද්‍ය නිමානයක් සැදිය හැකි ක්‍රමයක් වන්නේ Lund and Browder charts උපයෝගී කරා ගනිමිනි.මෙය මගින් වැඩිහිටියන්ගේ හා ළමයින්ගේ ශරීරයේ කොටස් වල විවිධ සමානුපතිකයන් ලබා ගනියි.පුද්ගලයෙකුගේ අතේහි මුද්‍රාව(ඇගිලි හා අත්ල ඇතුලත්ව) සදහා TBSA ආසන්න වශයෙන් 1%ක් පමණ වේ.

උග්‍රත්වය

ඇමෙරිකානු පිළිස්සුම් සංගමය උග්‍රතා වර්ගීකරණය
සුළුමධ්‍යමඅධික
වැඩිහිට්යන් <10% TBSAවැඩිහිට්යන් 10-20% TBSAවැඩිහිට්යන් >20% TBSA
යොවුන් හෝ මහළු < 5% TBSAයොවුන් හෝ මහළු 5-10% TBSAයොවුන් හෝ මහළු >10% TBSA
<2% පරිපුර්ණ ඝනකම් පිළිස්සීම2-5% පරිපුර්ණ ඝනකම් පිළිස්සීම>5% පරිපුර්ණ ඝනකම් පිළිස්සීම
අධි වොල්ටියතා හානියඅධි වොල්ටියතා පිළිස්සීම
ආශ්වශ ආබාධ ඇති වීමේ ප්‍රවණතාවගම්‍ය ආශ්වශ ආබාධ
වටාකර පිළිස්සීම්සැලකිය යුතු පිළිස්සීම් මුහුණට,සන්ධි වලට,අත් වලට හා පාද
අනෙකුත් සෞඛ්‍යය ගැටළුසමගාමී වූ ආබාධ

විශේෂිත පිළිස්සුම් ඒකක සදහා යොමු වූ අවශ්‍යතා හදුනා ගැනීමට,ඇමෙරිකානු පිළිස්සුම් සංගමය මේ සදහා වර්ගීකරණ පද්ධතියක් උපක්‍රමයක් ලෙස සකස් කරනු ලබනවා.මේ පද්ධතිය යටතේ පිළිස්සීම් ක්‍රම 3 කට වර්ග කරනු ලැබේ.ඒවා නම් ඉතා බලවත් (Major), මධ්‍යම (Moderate) , සුළු (Minor).මෙම තක්සේරු කිරීම පදනම් වන්නේ කරුණු කිහිපයක් මත වේ.සම්පුර්ණ ශරීර පාෂ්ඨය බලපෑමට ලක් වූ,විශේෂ ව්‍යවච්ඡෙදක ලක් වූ ප්‍රදේශ,පුද්ගයාගේ වයස,සමගාමිව පවත්නා ආබාධ.සුළු පිළිස්සීම් වලට ප්‍රතිකාර නිවසේදීම කරගත හැකි අතර, මධ්‍යම පිළිස්සීම් වලට ප්‍රතිකාර රෝහලකදිත්,අධික පිළිස්සුම් තත්ත්ව පිළිස්සුම් මධ්‍යස්ථානයකදීත් ප්‍රතිකාර කල යුතුය.

නිවාරණය

ඉතිහාසය හා බලන විට සිදු වූ සියලුම පිළිස්සීම් වලින් හරි අඩක් පමණ කල්පනාකාරීව වලක්වා ගත හැකි ඒවා බව පෙනී යයි.පිළිස්සීම් නිවාරණ වැඩසටහන් සැලකිය යුතු ලෙස බරපතල පිළිස්සුම් වල අනුපාතය අඩු කර ඇත.නිවාරණ ක්‍රියාමාර්ග වලට ඇතුලත් වනුයේ උණුසුම් ජලයේ උෂ්ණත්වය සිමා කිරීම,දුම් අනතුරු නිවේදන,දිය ඉසීමේ පද්ධති,ගොඩනැගිලි නියමාකාරයෙන් ගොඩනැගීම,දහන ප්‍රතිරෝධක ඇදුම්.විද්වතුන් අනුමත කරන පරිධි ජාල තාපක 48.8 °C (119.8 °F) උෂ්ණත්වට වඩා අඩුවෙන් තැබීම.ආතප්තය වලක්වා ගැනීමට තවත් ක්‍රම වන්නේ ස්නාන ජලයේ උෂ්ණත්වය මැන ගැනීමට උෂ්ණාපකයක් යොදා ගැනීම සහ පෝරුණු වල කෑලි ඉසීම වලක්වා ගැනීමට ආරක්ෂකයක් යොදා ගැනීම.තවද ගිනිකෙළි වලින් සිදු වන බලපෑම ඒවායේ සදහන් වී නොමැති නම්,ප්‍රතිලාභයේ තාවකාලික සාධක සමග ඇති නිර්දේශ උපයෝගී කරගෙන දරුවන්ට ගිනිකෙළි අලෙවි කිරීම සිමා කිරීම කල හැකිය.

කළමනාකරණය

පුද්ගලයන්ගේ වාමග ,ශ්වසනය හා ප්‍රචාරණය මගින් නැවත තක්සේරු කිරීම හා ස්ථායිකරණය ප්‍රබෝධ කිරීම ආරම්භ කල හැක. ආශ්වාශය ගැන අවිශ්වාශයක් ඇති නම් පෙරාතු අනාලනය අවශ්‍ය වේ.පැතිරුණු පිළිස්සීම් සහිත පුද්ගලයින් පිරිසිදු රෙදි කඩකින් එම පිළිස්සුනු ප්‍රදේශය ආවරණය කොට රෝහලකට රැගෙන යා යුතුය.පිළිස්සිම නිසා ඇති වූ තුවාල ආසාධනය වීමකට හුරු කමක් දක්වයි නම් එම පුද්ගලයාට වසර 5ක කාලය තුල ප්‍රතිශක්තිකරණය කරා නැත් නම් පිටගැස්ම හුවනයක් ලබා දිය යුතුය.ඇමෙරිකාව තුල හදිසි දෙපාර්තුමේන්තුව කරා පිළිස්සීම් හේතුවෙන් පැමිණෙන 95% දෙනා ප්‍රතිකාර කර මුදා හරින අතර,5% දෙනාට රෝහල් නේවාසිකාගාර ප්‍රතිකාර අවශ්‍ය වේ.අධික පිළිස්සීම් සදහා පෙර ආහාර ලබා දීම වැදගත් වේ.සම්ප්‍රදායික ප්‍රතිකාර වලට අමතර ලෙස හයිපර්බැරික් ඔක්සිකරණය ප්‍රයෝජනවත් වේ.

තුවාල රැක බලාගැනීම

පෙරාතුවම පිළිස්සුනු ස්ථානය සිසිල් කර ගැනීමෙන් තුවාලයේ ගැඹුර හා වේදනාව අඩු කරා ගත හැකිය.(පිළිස්සීම සිදු වී මිනිත්තු 30 ඇතුලත).නමුත් පමණට වඩා සිසිල් කිරීම ශරීර උෂ්ණත්වය අස්වාභාවිකව අඩුවීමට හේතු විය හැකිය.මෙම ජලය 10–25 °C (50.0–77.0 °F) අතර උෂ්ණත්වයේ තිබිය යුතු අතර එම ජලය අයිස් වතුර වුවහොත් වෙනත් ආබාධ ඇති විය හැකිය. රසායනික පිළිස්සීමක් සදහා පුළුල් ජාල සම්පාදනයක් අවශ්‍ය වේ.ජලය හා සබන් යොදා ගෙන පිරිසුදු කිරීම,මැරුණු පටක ඉවත් කිරීම සහ සැරහුමකින් ආවරණය කිරීම වැනි කාරණා තුවාල රැක බලාගැනීමකදී ඉතා වැදගත් වේ.මෙහිදී නොකැඩුණු බිබිලි පවතී නම් ඒවා නොකඩා ගෙන සිටීම බෙහෙවින් වැදගත් වේ.දෙවන මට්ටමේ පිළිස්සීමකදි දින දෙකකට පසු තුවාලයේ තත්වය පරික්ෂා කිරීම අවශ්‍ය වේ.පළමු මට්ටමේ පිළිස්සීමක් සැරහුමක් නොයොදා ගෙන කළමනාකරණය කර ගැනීම සිදු කල හැකිය.එහිදී කාලෝචිත ප්‍රතිජිවක නිර්දේශ කෙරේ.ඍණ පීඩන චිකිත්සා හෝ රිදී සල්ෆඩයිසින්(ප්‍රතිජිවක ආකාරයක්)වල සහය ගැන වැඩිදුර තොරතුරු සදහන් නොවේ.

වෙදකම්

පිළිස්සීම් බොහෝ වේදනාකාරී වන අතර එය මැඩ පැවැත්වීමට බොහෝ ක්‍රියාමාර්ග උපයෝගී කර ගනී.මේ සදහා සරල නිර්වේදනික හා මෝපින් යොදා ගනී.නිර්වේදනික වලට අමතරව Benzodiazepines යොදා ගැනීමෙන් අවුල් බව අඩු කිරීමට හැකිය.උපෂමන කාලය තුල ප්‍රතිහිස්ටමින්,සම්බාහනය නැතහොත් උත්තේජනය යන ඒවා කැසීම අඩු කිරීමට පාවිච්චි කල හැකිය.ප්‍රතිහිස්ටමින් බලපෑම් කරනු ලබන්නේ 20% ක් පමණ වූ පුද්ගලයන්ට පමණයි.විස්තාරණය වූ පිළිස්සීම් සදහා ශල්‍යකර්ම කිරීමට පෙර අන්තශ්ශෛරික ප්‍රතිජීවක ලබා දීම නිර්දේශ කරා ඇත.(>60% TBSA).2008 දි මාර්ගසුචකය ප්‍රතිජීවක වලට ඇති වන ප්‍රතිරෝධය සලකා හා දිලිර ආසාදනය වීම ගැන සලකා සාමාන්‍ය භාවිතය නිර්දේශ කරන්නේ නැත.නමුත් අස්ථිර සාක්ෂි පෙන්නුම් කරන පරිදි මේවා ප්‍රවර්තනයේ අනුපාතයේ වැඩි වීමක් පෙන්නුම් කරයි.

ශල්‍යකර්මය

යම් විටෙක පිළිස්සීමක් වීමෙන් ඇතිවන තුවාලයක් සදහා චර්ම බද්දයක් භාවිතා කොට ශල්‍යකර්මය සංවෘතියක් සිදු කල හැකිය.බාහු හා ලය වටා ඇති වන පිළිස්සුම් වලට ඉක්මන් ශල්‍යකර්මයක් මගින් සම නිදහස් කිරීමක් අවශ්‍ය වේ.මෙය escharotomy නම් වේ.මෙය ප්‍රතිකාර කිරීමට හෝ දුර ප්‍රචාලනය හෝ විජනය සමග ඇතිවිය හැකි ගැටළු මග හරවා ගැනීමටයි.නමුත් මෙහෙදී අංගුලිකා හෝ ගෙල ආශ්‍රිතව මෙය සිදුකිරීමේ හැකියාව ස්ථිර නැත.කවලිකාව කපා අහක් කිරීම විදුලි පිළිස්සීම් සදහා අවශ්‍ය වේ.

විකල්ප ඖෂධ

අතීත කාලයේ සිට පිළිස්සුම් සනීප කිරීමට මි පැණි යොදා ගන්න ලද අතර මේ පළමු මට්ටමේ හා දෙවන මට්ටමේ පිළිස්සීම් සදහා එලදායී වේ.කෝමාරිකා භාවිත කිරීම එලදායී වීම ගැන එතරම් විශාල සටහනක් දැක්වෙන්නේ නැත. එය වේදනාව අඩුකිරිමේදී එලදායී වන අතර,2007 දි සිදුකරන ලද සමාලෝචනයකින් පෙන්වා දෙන්නේ සමනය කිරීමේ කාලය වර්ධනය කරන අතරම,2012 දි කරන ලද සමාලෝචනයකින් සොයාගත් දෙයක් වනුයේ රිදී සල්ෆඩයිසින් වලට වඩා වැඩි සමනය කිරීමේ කාලය වර්ධනය කිරීමේ දෙයක් සොයා නොගත් බවයි.එලෙසෙම විටමින් E කැළැල් අඩු වීමට උපකාරී වේ.නමුත් ගිතෙල් අනුමත කරන්නේ නැත.අඩු ආදායම් රටවල පිලිස්සිම්වලට සම්ප්‍රදයික ක්‍රම වලට ප්‍රතිකාර කරන අතර,මෙවැනි දේ වලට බිත්තර,මඩ,ශාක පත්‍ර හා ගව ගොම තැවරීම අඩංගු වේ. ශල්‍යකර්ම කිරීම වැනි දේ බෝහෝ විට මුල්‍යම සම්පත් හා ඒවා ලබාගැනීමේ නොහැකියාව නිසා සිමා වී ඇත.වේදනාව හා කැසීම අඩුකිරීමට මේවට අමතරව තවත් බොහෝ විධික්‍රම පවතී.ඒවා නම් තාත්වික ප්‍රාය තථ්‍යතා චිකිත්සාව,මෝහන විද්‍යාව.

රෝග විග්‍රහය

ඇමෙරිකාව තුල රෝග විග්‍රහය
TBSAමරණ ප්‍රමාණය
<10%0.6%
10-20%2.9%
20-30%8.6%
30-40%16%
40-50%25%
50-60%37%
60-70%43%
70-80%57%
80-90%73%
>90%85%
ආනනකරණය23%

ඉතා මහළු මෙන්ම එවැනි කාන්තාවන්ගේ විශාල පිළිස්සීම් ඇත්නම් එම පුද්ගලයින්ගේ රෝග විග්‍රහය බෙහෙවින් දුර්වල වේ.දුම් ආනනකරණය තත්වයක් ස්වභාවය,දිගුඇට බිදීම් වැනි අනෙකුත් සැලකිය යුතු ආබාධ,අනෙකුත් සහකාර රෝගාබාධ(හදවත් රෝගාබාධ,දියවැඩියාව,මානසික ආබාධ,සියදිවි නසාගැනීමේ චේතනාව) රෝග විග්‍රහය කෙරෙහි බලපෑම් ඇති කරයි.ඇමෙරිකාව තුල පිළිස්සීම් මද්‍යස්ථාන වලට ඇතලත් කරන පිරිසෙන් 4%ක් පමණ දෙනා මිය යනු ලබයි.ඇෆ්ගනිස්ථානය තුල TBSA 60% වඩා වැඩි පුද්ගලයින්ගේ ජිවත් වීම බෝහෝ අඩු වේ.විශාල පිළිස්සුම් වල රෝග විග්‍රහය කිරිමට "Baux score" යොදා ගෙන ඇත.

සංකුලතාවයන්

පිළිස්සීම් සමග බොහෝ සංකුලත්වයන් හටගන්නා අතර,ආසාදනය වීම් මේ අතරින් පොදු වේ.තවත් විය හැකි සංකුලතාවයන් වනුයේ නියුමෝනියාව,සෛලීයදාහය,මුත්‍ර කාර්ශය ආසාදනය සහ ශ්වසන බිදවැටීම්.ආසාදනය සදහා අවධානම් කාරණා වනුයේ,30% කට වඩා TBSA පිළිස්සීම්,පරිපුර්ණ ඝනකම් පිළිස්සීම්,වයස(මහළු හෝ තරුණ) හා පිළිස්සීම පාද වලට යොමුව තිබේද යන්න.නියුමෝනියාව වැඩිපුර හට ගනු ලබන්නේ ස්වසන ආබාධ ඇති පුද්ගලයන්ටයි.TBSA 10%කට වඩා වැඩි වූ පරිපුර්ණ ඝනකම් පිළිස්සීම්කදී ලේ අඩුවීම පොදු වේ.පේශි බිදවැටීම නිසා එක්තැන් වීමද,6 සි 15% දක්වා පුද්ගලයින්ට පාද වල නහර වල ලේ කැටි ගැසීම්ද දක්නට ලැබේ.

වසංගත අධ්‍යයනය

2004 දි නිවැසියන් 100,000 කට ආබාධිතාව--"රෝග හා ආබාධ පිළිබඳ ඇස්තමේන්තුව". ලෝක සෞඛ්‍ය සංවිධානය. 2009. සම්ප්‍රවේශය Nov 11, 2009.
  no data
  < 50
  50–100
  100–150
  150–200
  200–250
  250–300
  300–350
  350–400
  400–450
  450–500
  500–600
  > 600

2004 වන විට මිලියන 11 කට පිළිස්සීම් සදහා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වූ අතර 300,000 දෙනාගේ මරණ වලට පිළිස්සීම් හේතු විය.මෙය පුද්ගල ආබාධ ඇති වීමේ හේතු වල සතර වන ස්ථානය ලබා ගනී.මෙයට ඉදිරියෙන් ඇත්තේ වාහන අනතුරු,ඇද වැටීම් හා ප්‍රචණ්ඩත්වය.90% පමණ වූ පිළිස්සීම් හට ගන්නේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් වලයි.මෙය අනාරක්ෂිත ආහාර පිසීම් හා අතිවාසය වීම සදහා අඩ වශයෙන් ආරෝපිත වී තිබේ.මුළුමනින්ම සැලකු විට 60% ක් පමණ වූ දරුණු පිළිස්සීම් සිදු වන්නේ දකුණු ආසියාවේ වන අතර අනුපාතය වන්නේ 100,000 ට 11.6 ක් වේ.1990 280,000 ක් දරුණු පිළිස්සීම් 2010 වන විට 338,000 ක් දක්වා වැඩි වී ඇත. සංවර්ධිත රටවල් තුල පිළිස්සීම් නිසා සිදු වන පිරිමි මරණ ගණන ගැහැණු මරණ ගණනට වඩා දෙගුණයක් වැඩි වේ.මෙයට බොහෝ විට හේතු වන්නේ වැඩි අවධානම් රැකියා හා අවධානම් සහගත ක්‍රියාකාරකම් විය හැකිය.සංවර්ධනය වෙමින් පවත්නා රටවල කාන්තාවන්ට පිරිමන්ට වඩා දෙගුණයක් අවධානම් සහගත තත්වයක් ඇත.මෙයට හේතු වන්නේ මුළුතැන්ගේ සිදු වන අනතරු හා ගෘහශ්‍රිත ප්‍රචණ්ඩත්වය වේ.සංවර්ධිත රටවල් වලට වඩා සංවර්ධනය වෙමින් පවත්නා රටවල් වල පිළිස්සීම් නිසා මිය යන දරුවන් ගණන 10 ගුණයකින් පමණ වැඩි වේ.1980 සිට 2004 දක්වා බොහෝ රටවල් වල දරුණු පිළිස්සීම් වල හා සාමාන්‍ය පිළිස්සීම් යන දෙකෙහිම අඩුවක් දක්නට ලැබේ.

සංවර්ධිත රටවල්

ඇමෙරිකාව තුල වසරකට වෛද්‍ය මධ්‍යස්ථාන කෙරෙහි පිළිස්සීම් නිසා එන පුද්ගල ගණන 500,000 ක් පමණ වේ.2008 වර්ෂයේදී එයින් 3,300 ක් මියගොස් ඇත.70% පමණ වූ පිළිස්සීම් හා මරණ වැඩිපුර සිදු වන්නේ පිරිමි පුද්ගලයින් අතරයි.වැඩිම ගිණි ගැනීම් නිසා සිදුවන පිළිස්සීම් සිදුවන්නේ වයස අවුරුදු 18 ත් 34 ත් පසුවන පුද්ගලයින් අතර,වැඩිම ආතප්ත පිළිස්සීම් සිදු වන්නේ වයස අවුරුදු පහට අඩු දරුවන්ට හා අවුරුදු 65 ට වඩා වැඩි අයට වේ.විදුලිය නිසා ඇති වන පිළිස්සීම් නිසා වසරකට මරණ 1,000 ක් පමණ වන අතර අකුණු සැර නිසා වසරකට 60 දෙනෙක් පමණ මිය යයි.යුරෝපය තුල චේතනාන්විත පිළිස්සීම් වැඩිපුර දක්නට ලැබෙන්නේ මැදි වයසේ පුද්ගලයින් තුලයි.

සංවර්ධනය වෙමින් පවත්නා රටවල්

ඉන්දියාව තුල පුද්ගලයින් 700,000 සිට 80,000 දක්වා ප්‍රමාණයක් සැලකිය යුතු ප්‍රමාණයක් පිළිස්සීම් වලට බදුන් වන නමුත් එයින් ස්වල්ප දෙනෙක් පමණක් විශේෂඥ පිළිස්සුම් ඒකක වලට යොමු වේ.වයස අවුරුදු 16 ත් 35 අතර ප්‍රමාණය වැඩි අනුපාතයක කාන්තවන් මෙයට යෝමු වේ.ඉන්දියාව තුල මෙයට වැඩිපුර හේතු සාධක වී ඇත්තේ අනාරක්ශිත මුළුතැන්ගෙවල් හා ශරීරයට ලිහිල් ඇදුම් නිසා වේ.එලෙසෙම ඉන්දියාව තුල පිළිස්සීම් වලට බෝහෝ හේතු වන්නේ ඇදුම් විවෘත ගිනිදැල් වලට නිරාවරණය වීම නිසාය.චේතනාන්විත පිළිස්සීම් පවා වැඩි අනුපාතයක් තරුණ කාන්තාවන් පෙරමුණ ගන්නා අතර අතුරු වශයෙන් ගෘහශ්‍රිත ප්‍රචණ්ඩත්වය හා සිය හානි කරා ගැනීම් වේ.

ඉතිහාසය

Guillaume Dupuytren (1777–1835) පිළිස්සීම් පිළිබද මට්ටම් වර්ගීකරණය වැඩි දියුණු කරන ලද පුද්ගලයා

වසර 3500ක් පමණ පැරණි ගල් ගුහා ච්ත්‍ර පිළිස්සීම් සහ ප්‍රතිකර්ම ගැන සඳහන් කරයි. පැරණි ඊජිප්තු ලේඛන වලට අනුව පිරිමි ළදරුවන්ගේ මව්වරුන්ගෙන් ලබාගත් කිරි වලින් පිළිස්සුම් තුවාල වලට ප්‍රතිකර්ම කර ඇත. ක්‍රි.පූ. 1500 එඩ්වින් ස්මිත් පැපිරස් ලේඛනය මීපැණි සහ ලාටු භාවිතයෙන් කල ප්‍රතිකර්ම ගැන සඳහන් කරයි. මිට අමතරව චීන ජාතිකයින් ක්‍රි .පූ. 600දී පමණ තේ දළු වලින් ද, හිපොක්රේට්ස් විසින් ඌරු මේදය සහ විනාකිරි ද, සෙල්සස් විසින් ක්‍රි.පූ. 100දී වයින් සහ සුවද ලාටු වලින් ද කරන ලද ප්‍රතිකර්ම ගැන සඳහන් වේ. ප්‍රන්ෂන් ජාතික ශල්‍ය වෛද්‍ය පාරේ විසින් ප්‍රථම වරට පිළිස්සුම් මට්ටම් වර්ගීකරණය කලේ ක්‍රි. ව. 1500දී ය.ගියුම් ඩුපිට්රෙින් මෙම වර්ගීකරණය තවත් වර්ධනය කළේය.එංගලන්තයේ ලන්ඩන්හිදී පිළිස්සීම් වලට ප්‍රතිකාර කිරීම සදහා පළමු රෝහල විවෘතකරන ලද අතර,1800 හා 1900 ත් අතර කාලයේදී පිළිස්සුම් රැකවරණය සංවර්ධිත විය.පළමු ලෝක යුද්දය අතරතුර හෙන්රි ඩර්යිස්ඩේල් ඩකින් සහ ඇලේක්ස්සිස් කරෙල් යන දෙදෙනා විසින් සෝඩියම් හයිපොක්ලොර්යිට් කාරකය භාවිතා කර පිළිස්සීම් හා තුවාල පිරිසිදු කිරීම හා විෂබීජ නාසනය කිරීම පිළිබද සම්මතයන් ගොඩනැංවූ අතර මේවා සැලකිය යුතු ලෙස මරණ ප්‍රමාණය අඩු කරන ලදී.1940 දි පෙර ඡේදනය හා චර්ම බද්ධය පිළිගත් අතර සමකාලීනව තරල ප්‍රබෝධය හා සූත්‍රයන් වැඩි දියුණු කෙරිණි.

වැඩිදුර කියවීම්

සටහන්

බාහිර යොමු

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=පිළිස්සීම&oldid=592587" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි