විද්‍යුත් තැපෑල

communicatoin

E – mail (විද්‍යුත් තැපෑල) – Electronic mail යන්න කෙටි කිරීමක් වන අතර එය E – mail හෝ සරලව mail ලෙස නිතර සංක්ෂිප්තව භාවිතා කරන දත්ත ගබඩා කර යැවිය හැකි ක්‍රමයකි. එනම් විද්‍යුත් සන්නිවේදන පද්ධතිය හරහා පණිවුඩ තැනීමේ, යැවීමේ, ලබා ගැනීමේ හා ගබඩා කරගැනීමේ, මේ ක්‍රමයකි. E – mail යන පදය (නාම පදයක් හෝ ක්‍රියා පදයක් ලෙස) සරල තැපැල් හුවමාරු කෙටුම් පත (SMTP) මත පදනම් වූ අන්තර්ජාල E – mail පද්ධතියට ද X – 400 පද්ධතියට හා සංවිධානයක් තුළ සිටින අයට එකිනෙකා හා E – mail කිරීමට ඉඩ සකසා දෙන අන්තර්ජාල පද්ධති සදහා ද අදාල වේ. අභ්‍යන්තර ජාල, වැඩ කණ්ඩායම් සහයෝගීත්වයට උපකාරී E – mail සේවාව උදෙසා අන්තර් ජාල කෙටුම්පත් හෝ X – 400 කෙටුම්පත් යොදා ගනී. ස්වයං කැමැත්තෙන් යවන පණිවුඩ හෝ “ස්පෑම්” රාශියක් යැවීමට E – mail බහුලව භාවිතා කරන නමුත් අවස්ථා මත රදා පවතිමින් ස්වයංක්‍රීයව මෙම පණිවුඩ සමහරක් හෝ බහුතරයක් ලොප් කිරීම සදහා පෙරහන් ක්‍රමාලේඛයන් ඇත.

Thunderbird, විද්‍යුත් තැපෑ‍ලේ සේවාදායකයෙකුගේ අතුරු මුහුණත

වි-තැපැල් හැඩකරන @ ලකුණ සැදුණු හැටි

ප‍්‍රාග් ඵෙතිහාසික යුගයෙන් පසු එළැඹි මධ්‍යතන යුගයේ වැසියෝ ඔවුන්ගේ දෛනික ජීවිතය හා බැඳුණු කාර්යයන්හි මුල්වූ විෂයයන් සඳහා විවිධ සලකුණු භාවිතා කර තිබේ. සන්නිවේදනය , හැඳින්වීම, තීරණය කිරීම, ගබඩා කිරීම සටහන් තැබීම සඳහා විවිධ ජ්‍යාමිතික හැඩ ඇති ලකුණු යොදා ගෙන ඇත.

එම යුගයේ ස්පාඤ්ඤයේ හා පෘතුග්‍රීසි වැසියෝ ස්කන්ධය නොහොත් බර තීන්දු කිරීම සදහා විශේෂ සලකුණක් හාවිතා කර ඇත. අද සෑම විද්‍යුත් තැපෑලකටම අනිවාර්ය වූ ( @) ”ඇට්” යනුවෙන් හදුන්වන විශේෂ සලකුණ උපත ලබන්නේ එම යුගයේ ස්පාඤ්ඤයේදීය. සීමිත බරක් හැඳින්වීමට ඉහත සලකුණ යොදා ගෙන ඇත. එම බර ප‍්‍රමානය සාමාන්‍යයෙන් කිලෝ ග‍්‍රෑම් 11.3 පමණවේ.

පසු කලකදී විදේශ වෙළඳාමේ ව්‍යාප්තිය සමග ඉංග‍්‍රිසීන් විසින් ඇට් යන වචනයට ඉහත සලකුණ භාවිතා කිරීමට පුරුදු විය. ඉන්පසු ස්ථානයක් හදුන්වන සලකුනක් ලෙස සමාජ ගත වුයේය. අන්තර්ජාලයේ උපත සමග ඒ හා බැඳුණු විද්යුත් තැපැල් පෙට්ටියක්ද බිහිවිය. 1971දී ඇමෙරිකානු ජාතික පරිගණක විශේෂඥයෙක් වන රේ තොම්ලින්සොන් විසින් ඉහත සලකුණ විද්යුත් තැපෑලට හඳුන්වාදී ඇත්තේය. වර්තමානයේ විද්යුත් තැපෑලක් හිමි සියල්ලෝ ඉහත සලකුණ භාවිතා කරති. අද එම සලකුණ නොමැති විද්යුත් තැපෑලක් නොමැති තරම්ය

ක්‍රියාවෙහි දළ විශ්ලේෂණය

දකුණු පස දැක්වෙන දළ රූප සටහන මගින් සිදුවීම් වල ප්‍රකෘති අනුපිළිවෙළ පෙන්නයි. මෙහිදී ඇලිස් නව පණිවුඩයක් ලිවීම ආරම්භ කරයි ඇගේ තැපැල් පරිශීලක ඒජන්තවරයා (MUA) භාවිතාකරමින්. ඇය තමන්ගේ  e-mail address ඇතුලු කරයි, ඉන්පසුව "යැවීම" බොත්තම ඔබයි.

  • ඇයගේ MUA විසින් එම පණිවුඩය විද්‍යුත් තැපැල් හැඩහුරුවට  සකසා සරල පණිවුඩ හුවමාරු ප්‍රෝටෝකෝලය (SMTP)  මගින් එම පණිවුඩය ප්‍රාදේශීය පණිවුඩ හුවමාරු ඒජන්තවරයා (MTA) ට යවයි, මෙම අවස්ථාවේදී smtp.a.org, ධාවනය වන්නේ  ඇලිස්ගේ අන්තර්ජාල සේවා සපයන්නා (ISP) මගිනි.
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=විද්‍යුත්_තැපෑල&oldid=562715" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි