ඇමරිකානු සන්ධාන ජනපදය

ඇමරිකානු සන්ධාන ජනපදය (ඇසජ හෝ ස.ජ.) —සන්ධානය ලෙසින් පොදුවේ ව්‍යවහාර වන— යනු, 1861 වසරෙහි සිට 1865 වසර දක්වා උතුරු ඇමරිකාවෙහි පිහිටා තිබුණු නොපිළිගැනුණු ජනරජයකි[1].[2] වහලුන්-සන්තකත්වය සහිතවූ, එක්සත් ජනපදයෙහි පහළ දකුණු පෙදෙසෙහි පිහිටි, කෘෂිකර්මය මත, විශේෂයෙන් කපු වගාව මත, ඔවුන්ගේ ආර්ථිකය බෙහෙවින් රඳා පැවැති සහ අප්‍රිකානු-ඇමරිකානු වහලුන්ගේ ශ්‍රමය මත යැපුනු වතු වගා ක්‍රමයක් සහිත වූ බෙදුම්වාදී ජනපද හතක් —දකුණු කැරොලයිනා, මිසිසිපි, ෆ්ලොරිඩා, ඇලබාමා, ජෝර්ජියා, ලුවීසියෑනා, සහ ටෙක්සාස්—විසින් මුලින්ම සන්ධානත්වය අරඹන ලදි.[3] එ.ජ. ජනාධිපති ධූරය සඳහා නොවැම්බර් 1860 මැතිවරණයෙහි රිපබ්ලිකානු අපේක්ෂක ඒබ්‍රහම් ලින්කන්ගේ මැතිවරණ ව්‍යාපාරයෙහිදී, බටහිර ප්‍රදේශ වලට වහල් සේවය පැතිර යෑමට විරුද්ධ වීමේ තත්ත්වය මත, වහල් සේවයෙහි පැවැත්ම තර්ජනයකට ලක්ව ඇති බව [4][2] සැක හැර දැනගත් සන්ධානය විසින් එක්සත් ජනපදයට කැරලි ගසමින් බෙදී වෙන්වීම ප්‍රකාශයට පත් කල අතර, ඉක්බිතිව සිදුවූ ඇමරිකානු සිවිල් යුද්ධයෙහිදී එක්සත් ජනපදයට පක්ෂපාතිවූ ජනපද හැඳින්වුනේ සංගමය ලෙසිනි. සන්ධාන උප ජනාධිපති ඇලෙක්සැන්ඩර් එච්. ස්වීවන්ස් විසින් සන්ධානයේ මතවාදය පැහැදිලි කරමින් එහි මධ්‍යගත පදනම විස්තර කලේ " නිග්‍රෝවරුන් සුදු මිනිසුන් හා සමාන නොවන බව දැක්වෙන මහා සත්‍යය පදනම්ව, උත්තරීතර ජාතියට ගැති කම් කිරීමට වහලුන් අනුගත වීම ස්වභාවික මෙන්ම සාමාන්‍ය තත්ත්වයකි " යනුවෙනි. [5]

ඇමරිකානු සන්ධාන ජනපදය

1861–1865
ඇමරිකානු සන්ධාන ජනපදය හී කොඩිය
ධජය (1863–65)
{{{coat_alt}}}
මුද්‍රාව (1863–65)
උද්යෝග පාඨය: "ඩියෝ වින්ඩිකේ" (ලතින්)
"අපට හිමිකම දෙන දෙවියන්වහන්සේ යටතේ"
ජාතික ගීය: 
  • නිල කිසිවක් නොමැත
  • "ගෝඩ් සේව් ද සවුත්" (නොනිල)
  • "ද බොනී බ්ලූ ෆ්ලෑග්" (ජනප්‍රිය)
  • "ඩික්සී" (තත්වාකාර)
තත්ත්වය නොපිළිගත් රාජ්‍යය[1]
ඉතිහාසය 
• ස්ථාපිත කළේ
1861
• අහෝසි කළේ
1865

ග්‍රාමීය සහ නාගරික ජනගහනය

අ හෝම් ඔන් ද මිසිසිපි, කරියර් ඇන්ඩ් අයිව්ස්, 1871

ඇසජ අතිමහත් ලෙසින් ග්‍රාමීය විය. සුළුනගර කිහිපයක ජනගහනය 1,000 ට වැඩි විය– ආකෘතික ග්‍රාම කොට්ඨාශයක ජනගහනය 500 කට වඩා අඩු විය. නගර ඉතා විරල විය. 1860 වසරෙහි පැවැත්වූ සංගණනය අනුව විශාලතම එ.ජ. නගර විස්ස අතරින්, සන්ධාන බලප්‍රදේශය තුල වූයේ නිව් ඕර්ලියන්ස් පමණක්[6] – වූ අතර 1862 වසරෙහිදී සංගමය විසින් නිව් ඕර්ලියන්ස් අත්පත් කර ගති. සන්ධාන-පාලනය යටතේ පැවැති නගර 13ක් පමණක්, 1860 වසරෙහිදී ඉහළතම එ.ජ. නගර 100 අතරට අනුස්ථිතිය ලැබූ අතර, වරාය නගර වූ ඒවායින් බොහෝමයක ආර්ථික ක්‍රියාකාරකම් සංගමය යෙදූ අවරෝධය හමුවේ වියැකී යෑමට හෝ අතීශය පීඩාවට හෝ ලක් විය. සන්ධාන අගනගරය බවට පත් වීමෙන් පසුව, රිච්මන්ඩ් හී ජනගහණය අධික ලෙස ඉහළ නැගුණු අතර, 1864 වසර වන විට ඇස්තමේන්තු ගත 128,000 ක් විය.

සටහන්

ආශ්‍රිත

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි