ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ

ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ (ඉංග්‍රීසි: Grand Theft Auto; GTA) යනු ඩේවිඩ් ජෝන්ස් සහ මයික් ඩේලි විසින් නිර්මාණය කරන ලද විදෘශ්‍ය ක්‍රීඩා මාලාවකි. මෙය ප්‍රධාන වශයෙන් බ්‍රිතාන්‍ය විදෘශ්‍ය ක්‍රීඩා සංවර්ධක ආයතනයක් වන රොක්ස්ටාර් නෝර්ත් (පෙරදී ඩීඑම්ඒ ඩිසයින්) විසින් සංවර්ධනය කෙරෙන අතර, එහි මව් ආයතනය වන රොක්ස්ටාර් ගේම්ස් විසින් ප්‍රකාශයට පත් කෙරෙයි. ක්‍රීඩා මාලාවේ නම වන ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ යනු රථවාහන සොරකම හැඳින්වීමට එක්සත් ජනපදයේ භාවිත කෙරෙන නාමයයි.

ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ
Grand Theft Auto
ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ III (2001) ක්‍රීඩාවේ සිට භාවිත වූ ලාංඡනය
වර්ගයක්‍රියාදාම-ත්‍රාසජනක
ප්‍රවර්ධකයෝ
  • රොක්ස්ටාර් නෝර්ත්
  • ඩිජිටල් එක්ලිප්ස්
  • ‍රොක්ස්ටාර් ලීඩ්ස්
  • ‍රොක්ස්ටාර් කැනඩා
ප්‍රකාශකයෝරොක්ස්ටාර් ගේම්ස්
Platforms
ලැයිස්තුව
  • ඇන්ඩ්‍රොයිඩ්
  • ඩ්‍රීම්කාස්ට්
  • ෆයර් ඕඑස්
  • ගේම් බෝයි ඇඩ්වාන්ස්ඩ්
  • ගේම් බෝයි කලර්
  • අයිඕඑස්
  • මැක්ඕඑස්
  • මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්
  • එම්එස්-ඩොස්
  • නින්ටෙන්ඩෝ ඩීඑස්
  • නින්ටෙන්ඩෝ ස්විච්
  • ඔකියුලස් ක්වෙස්ට් 2
  • ප්ලේස්ටේෂන්
  • ප්ලේස්ටේෂන් 2
  • ප්ලේස්ටේෂන් 3
  • ප්ලේස්ටේෂන් 4
  • ප්ලේස්ටේෂන් 5
  • ප්ලේස්ටේෂන් පෝටබල්
  • වින්ඩෝස් ෆෝන්
  • එක්ස්බොක්ස්
  • එක්ස්බොක්ස් 360
  • එක්ස්බොක්ස් වන්
  • එක්ස්බොක්ස් සීරීස් එක්ස්/එස්
පළමු නිකුතුවග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ
1997 නොවැම්බර් 28
නවතම නිකුතුවග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ: ද ට්‍රිලොජි – ද ඩෙෆිනිටිව් එඩිෂන්
2021 නොවැම්බර් 11

මෙම ක්‍රීඩාවල මූලිකම අංගයක් වන්නේ ක්‍රීඩකයාට සීමා රහිතව ගවේශනය කළ හැකි විවෘත ලෝකයක් ලබා දීමයි. එහිදී ක්‍රීඩකයාට ක්‍රීඩාවේ ප්‍රධාන කථාන්තරය සමග ඉදිරියට යෑම සඳහා මෙහෙයුම් සිදු කිරීමටත්, විවිධ වෙනත් ක්‍රියාකාරකම් වල නියැලීමටත් නිදහස ලැබෙයි. ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ ක්‍රීඩා වල ලෝකයන් නිර්මාණය කර ඇත්තේ සැබෑ ලෝකයේ ඇති නගර පාදක කරගෙනය. මුලින්ම පලවූ ක්‍රීඩා වල තිබූ ලිබර්ටි සිටී, සැන් ඇන්ඩ්‍රියාස් සහ වයිස් සිටී නම් නගරයන් පිළිවෙලින් නිව් යෝක් නගරය, සැන් ෆ්‍රැන්සිස්කෝ සහ මියාමි පාදක කරගෙන නිර්මාණය වී ඇත. ක්‍රීඩා මාලාවෙහි ප්‍රධාන චරිතයන් වන්නේ අපරාධ ලෝකය තුල ඉහළට ගමන් කිරීමට තැත් කරන අය වන අතර, ප්‍රතිවාදීන් වන්නේ ප්‍රධාන චරිතයව පාවා දෙන ලද හෝ ඔවුන්ගේ ප්‍රගතියට බාධා කරන පුද්ගලයන් ය.

ඩීඑම්ඒ ඩිසයින් ආයතනය විසින් 1997 දී ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ නමින් පළමුවන ක්‍රීඩාව ප්‍රකාශයට පත් කරමින් ක්‍රීඩා මාලාව ආරම්භ කෙරුනි. 2020 වන විට ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ ක්‍රීඩා 7 ක් ප්‍රකාශයට පත් වී ඇත. ක්‍රීඩා මාලාවේ සන්ධිස්ථානයක් ලෙස 2001 දී පළවූ ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ III ක්‍රීඩාව හැඳින්වෙන්නේ එය ක්‍රීඩා මාලාවේ පළවූ ප්‍රථම ත්‍රිමාණ (3D) ක්‍රීඩාව වූ බැවිනි.

ක්‍රීඩා මාලාව දැඩි ලෙස විචාරක පැසසුමට ලක් විය. ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ මාලාවෙහි ත්‍රිමාණ ක්‍රීඩා සියල්ලක්ම පාහේ ඉතිහාසයේ විශිෂ්ටතම සහ වැඩියෙන්ම අළෙවි වූ විදෘශ්‍ය ක්‍රීඩා අතරට අයත් විය. මෙහි පිටපත් මිලියන 350 කට අධික ප්‍රමාණයක් මේ වන විට අළෙවි වී ඇති අතර, පස් වැනියට වැඩියෙන්ම අළෙවි වූ ක්‍රීඩා මාලාව ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ වේ. ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ ක්‍රීඩා ඒවායේ ප්‍රචණ්ඩකාරී තේමාවන් සහ වැඩිහිටියන්ට පමණක් සුදුසු අන්තර්ගතයන් නිසා මතභේදයට ද තුඩු දී ඇත.

ක්‍රීඩා

වර්ෂයක්‍රීඩාවසංවර්ධකයාPlatform(s)ක්‍රීඩා විශ්වය
කොන්සෝලපරිගණකHandheldජංගමවෙනත්
Main series
1997ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝඩීඑම්ඒ ඩිසයින්PS1
GBC2D
1999ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ II
  • PS1
  • Dreamcast
WindowsGBC
2001ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ III
  • PS2
  • Xbox
  • Windows
  • OS X
3D
2002ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ: වයිස් සිටීරොක්ස්ටාර් නෝර්ත්
  • PS2
  • Xbox
  • Windows
  • OS X
  • Android
  • iOS
  • Fire OS
2004ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ: සැන් ඇන්ඩ්‍රියාස්
  • Windows
  • OS X
  • Android
  • iOS
  • WP
  • Fire OS
Oculus Quest 2[upper-alpha 3]
2008ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ IV
  • PS3
  • Xbox 360
WindowsHD
2013ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ V
  • PS3
  • Xbox 360
  • PS4
  • Xbox One
  • PS5
  • Xbox Series X/S
Windows

ආශ්‍රිත


උපුටාදැක්වීම් දෝෂය: "upper-alpha" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="upper-alpha"/> ටැග සොයාගත නොහැකි විය.

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි