ප්‍රස්තාව පිරුළු

ප්‍රස්තා පිරු

කිසි [1]යම් වචනයක හෝ වාක්‍යයක අර්ථය වඩාත් කැපී පෙනෙන පරිදි උකහා දැක්වීම සඳහා සිංහල සම්ප්‍රධායේ යම් යම් යෙදුම් යොදා ගනී. මේවා යුගල පද, ඉඟි වැකි, ප්‍රස්ථාව පිරුළු වශයෙන් කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය. එදා සිංහලයා මෙන්ම අද සිංහලයාද මේ ප්‍රස්තාව පිරුළු උපයෝගී කරගනිමින් තමන්ගේ අදහස වඩාත් කැපී පෙනෙන පරිදිත් වඩාත් අලංකාරවත් වන පරිදිත් අදහස් ඉදිරිපත් කිරීමට යොදා ගනී. මෙම ප්‍රස්තාව පිරුළු ලිවීමේදී මෙන්ම ව්‍යවහාරයේදීත් එක සේ භාවිතා කළ හැකිය.

උදාහරණ කිහිපයක් පහතින් දැක්වේ.

ප්‍රස්තාව පිරුළතේරුම නම් ය
අකලට හටගත් ගෙඩියහදිසියේ ඇති වූ ලාභයම
අඟින් කිරි දෙවීමනිෂ්ඵල වැඩක කිරීම
අත්තික්කා ගහේ මල් පිපීමඉතා පුදුම දෙයක් සිදු වීම

ඈත අතිතයේ සිට ම සිද්ධියක් හෝ අවස්ථාවක් අරබයා ගොඩ නැගී ඇති නියමයන් ප්‍රස්තාව පිරුළු වශයෙන් ගැනේ. මේවා භාෂිත මෙන්ම ලේඛණ ව්‍යහාරයේ දී ත් යොදා ගැනෙන්නේ පවසන අදහස රසවත් හා අර්ථවත් කිරීමට ය. එම ප්‍රස්තාව පිරුළු ද පහත සඳහන් පරිදි වර්ග කළ හැකිය.

1. ඥාතීත්වය හැඟවෙන ප්‍රස්තාව පිරුළු

හොරාගෙ අම්මාගෙන් පේන අහනවා වගේ

-තොරතුරු වසන් කරන අයෙකුගේන් එම තොරතුරු ඇසීම.

උණහපුලුවාට උගේ දරුවා මැණිකක්ලු -තමාගේ දෙය කොතරම් නොවටිනා වුනත් තමාට වටිනා බව.

එපා වාහෙට හොදි බෙදන්නා වගේ
- අකමැත්ත ප්‍රකාශ කිරීම. නැන්දම්මාගේ ආදරේ වගේ
-දිනෙන් දින හීනවන ආදරය.

2.එදිනෙදා ජීවිතය හා සම්බන්ධ ප්‍රස්තාව පිරුළු‍

අපි කන හැටි ලිපා දනී - අග හිඟකම් වැඩි බව

අටුව කඩා පුටුව හැදුවා වෙගේ - වැඩි අගය ඇති දෙය විනාශ කර අඩු අගයක් ඇති දෙයට තැන දීම.
අනුන්ගෙ පානින් එළිය බලන්නා වාගේ - අනුන්ගෙන් යැපීමට කටයුතු කිරීම.

නරියාට කුකුල් කොටුව බාර දුන්නා වගේ - නුසදුස්සෙකුට කාර්යයන් පැවරීම

කබලෙන් ලිපට වැටුණා වගේ - කරදරය පිට කරදර එලඹීම.

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි