පොල් තෙල්

පොල් ගෙඩියේ ලොඳ හා මේරූ මාංශමය කොටස් වලින් ලබා ගන්නා ආහාරයට ගන්නා තෙල් වර්ගයක්

පොල් තෙල් යනු තාල වර්ගයට අයත් පොල් (කොකොස් නුසිෆෙරා) ගසෙන් නෙලා ගන්නා මේරූ පොල් ගෙඩිවල මදයෙන් හෝ මාංශයෙන් හෝ නිස්සාරණය කෙරෙන ආහාරයට සුදුසු තෙල් වර්ගයකි. එය, පරම්පරා ගණනාවක් තිස්සේ, නිවර්තන කලාපීය ලෝකය පුරාවටම, මිලියන ගණනක ජනයාගේ එදිනෙදා ආහාර වේලෙහි මේද සඳහා ප්‍රාථමික මූලාශ්‍රයව තිබී ඇත. ආහාර, බෙහෙත්, සහ කර්මාන්තයන්හී එය බොහෝ ආකාරයෙන් උපයෝගී වෙයි. අධි තාපජ තත්ත්වයන්හී පවා පොල් තෙල් ස්ථායි භාවයක් පෙන්වන බැවින්, බැදීම වැනි අධික උෂ්ණත්ව ඉවුම් පිහුම් ක්‍රම සඳහා එය සුදුසු වෙයි. එහි ස්ථායිතාවය නිසා, එය ඔක්සිකරණය වීම සෙමෙන් සිදු වන අතර, එබැවින්, මුඩුවීමට විරෝධනයක් දක්වමින් වසර දෙකක පමණ කාලයක් පැවතිය හැක්කේ සංතෘප්ත මේද අන්තර්ගතය ඉහළ ලෙසින් පවතින බැවිනි.[1] ගව සහ මස් නිෂ්පාදිත අරභයා මෙන්ම, පොල් තෙල් අරභයාද පරිභෝජනය සැලකිය යුතු පමණින් සීමා කල යුතු බවට එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පරිපාලනය,[2], ලෝක සෞඛ්‍ය සංවිධානය,[3] පෝෂණය පිළිබඳ ජාත්‍යන්තර ශාස්ත්‍රාලයය,[4] එක්සත් ජනපද සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව,[5] ආහාර පිළිබඳ ඇමරිකානු සංගමය,[6] ඇමරිකානු හෘද සංගමය,[7] බ්‍රිතාන්‍ය ජාතික සොඛ්‍ය සේවය,[8] සහ කැනඩාවේ ආහාරවේදීන්[6] යන්නන් විසින් නිර්දේශ කරන්නේ එහි සංතෘප්ත මේදයන් අධික මට්ටමකින් පැවතීම නිසාය.

හරකුන් විසින් අදිනු ලබන සෙක්කුවක් භාවිතයෙන් පොල් තෙල් නිස්සාරණය කෙරෙන සාම්ප්‍රදායික ක්‍රමය ෂිසෙල්ස්හී භාවිතා කෙරෙන අයුරු

නිෂ්පාදනය

"වියළි" හෝ "තෙත්" සැකසුම මගින් පොල් තෙල් නිස්සාරණය කළ හැක. වියළි සැකසුම සඳහා මාංශය කටුවෙන් උලුපා ඉන් අනතුරුව කොප්පරා තනනු වස් ගින්නෙන්, හිරු එළියෙන් හෝ පෝරණු භාවිතයෙන් වියලීම කළ යුතු වෙයි.[9] කොප්පරා මිරිකීම (තෙරපීම) හෝ ද්‍රාවක තුල දියකිරීම හෝ සිදු කිරීමෙන්, පොල් තෙල් සහ අධි-ප්‍රෝටීන්, අධි-කෙඳි සහිත පල්පයක් නිපැයේ. මෙම පල්පය මානව පරිභෝජනය සඳහා සුදුසු තත්ත්වයක නොපවතින අතර ඒ වෙනුවට වමාරා කන සතුන්ට ආහාරයක් ලෙසින් දෙනු ලැබේ; මෙම පල්පයෙන් ප්‍රෝටීන් නිස්සාරණය කිරීමට ක්‍රමයක් නොමැත.

පොල් තෙල්හි ඇති සෞඛ්‍යමය වටිනාකම

  • ප්රතික්ෂා රෝග, එඩ්ස්,චර්ම රෝග, සෙංගමාලය, සරම්ප වැනි රෝග මර්දනය කරයි
  • බැක්ටීරිය විනාශ කරන අතර එමගින් පිළිකා, උගුරේ අසාදන, මුත්රාශ ප්රදේශයේ ඇති වන ආසාදන,දත්වල කුහර, නියුමෝනියාව හා උපදංෂය වැනි රෝග වලක්වයි.
  • පටි පණුවන්, උකුණන් සහ අනෙක් පරපෝෂිත සත්වයන් එලවා දමයි.
  • බාහිර හා ශක්තිය ලබාදෙන අහරයක් වේ.බාහිර හා මලල ක්රිඩා ක්රියාකාරකම් වල නිරත වීමේ හැකියාව වැඩි වේ.
  • ආහාර දිරවීම හා පෝෂන ද්රව්ය උරා ගැනීම පහසු කරයි.
  • ඉන්සියුලින් වැඩි කර ශරීරයේ ඇති සීනි ප්රමාණය පාලනය කරයි.
  • අග්න්යශයේ හා පිත්තාශයේ ආසාදන අවම කරයි.
  • දියවැඩියාවෙන් ඇති සෞඛ්යමය අසාදන අවම කර ආසාදනයන් මුදා හැරීමට උදව් කරයි.
  • කැල්සියම් හා මැග්නීසියම් උරා ගැනීමෙන් දත් හා අස්ථි ශක්තිමත් කිරීමට හා වර්ධනය කීරීමට උපකාරී වේ.
  • ඔස්ටියෝපොරෝසිස් යන රෝගයෙන් අරාක්ෂා කරයි.
  • මහා බඩ වැලෙහි ඉදිමීම්, බඩේ අමාරු වැනි ආසාදන වලක්වයි.
  • පටක වල උපශමනය හා නැවත සකස් කීරිමට උපකාරී වේ.
  • ප්රතිශක්ති පද්ධතිය සදහා උපකාර හා අධාර ලබාදේ.
  • මහාබඩවැල සහ පපුව ඇතුලු ශරීරය පිළිකා වලින් අරක්ෂා කරයි.
  • කොලොස්ටරොල් ප්රතිශතය වැඩි කර හදවත් රෝග වලින් ඇතිවන අවදානම අඩු කරයි.


මූලාශ්‍ර

ආශ්‍රිත

භාහිර සබැඳි

  • පොල් තෙල් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=පොල්_තෙල්&oldid=605119" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි