බ්‍රහ්මන්

පර බ්‍රහ්මන් (IAST: Para Brahman; / සංස්කෘත දී: परब्रह्मन्) යනු සියලු වර්ණනයන්, සංකල්පීකරණයන් පරයන විශ්වයේ පරම තත්වයයි.[1][2][3] එය විශ්වයේ නිර්මාණයට පැවැත්මට සහ විනාශය මුඛ්‍ය වන අන්ත කාරණාවයි. එය විශ්වයේ සියලු නියමයන් පරයන් විශ්වය දරා සිටින සර්ව උත්තරීතර සර්ව ව්‍යාප්ති මූලයයි.

නිරාකාර බ්‍රහ්මන් ඕම් යන ප්‍රණව අක්ෂරයෙන් දැක්විය හැකිය.

බ්‍රහ්මන් අකාර ත්‍රිත්වයක් ඔස්සේ දැක්විය හැකිය. එනම් සත් (සත්‍ය) - චිත් (විඥානය) - ආනන්ද (ප්‍රමෝදය) ලෙසිණි. එය කිසිදා නොවෙනස් වන නමුත් සියලු වෙනස් වීම් වල මූලය එයයි.[2][4][5] බ්‍රහ්මන් යන්නෙන් අදහස් කරන්නේ පාරභෞතික සංකල්පයක් ලෙස විශ්වයේ පවතින සියලු විවිධත්වයන් පිටුපස ඇති තනි බැඳීමයි.

බ්‍රහ්මන් යනු වෛදික වාක්‍යකි. බ්‍රහ්මන් වේදයේ යතුර ලෙසද දැක්වෙන අතර මුල් කාලීන උපනිෂද් තුළ එය පුළුල් ලෙස සාකච්ඡා කෙරේ.[6] වේදයන් තුළ බ්‍රහ්මන් විශ්වීය මූලධර්මය ලෙස සංකල්පනය කරත් [7] උපනිෂද් තුළ එය පරම සත්‍ය, පරම විඥානය සහ පරම ප්‍රමෝදයට ලෙසත් එසේම ආකාරයක් සහිත සහ වෙනස් නොවන, ස්ථිර, ඉහළම යථාර්ථය ලෙස දක්වා ඇත.

බ්‍රහ්මන් හින්දු ග්‍රන්ථවල ආත්මන් යන සංකල්පය සමඟ සාකච්ඡා කරත් විවිධ ගුරු සම්ප්‍රදායන් සමඟ වෙනස් වේ.[8] ද්වෛත වේදාන්ත දර්ශනයට අනුව බ්‍රහ්මන් සෑම ජීවියෙකු තුළම ආත්මයට වඩා වෙනස් ය.[5][9][10] අද්වෛත වේදාන්ත දර්ශනයට අනුව බ්‍රහ්මන් ආත්මයට සමාන ය, බ්‍රහ්මන් සෑම ජීවියෙකු තුළම සහ සෑම තැනකම පැතිර පවතින අතර, පැවැත්මේ සියලු කොටස් එකතු කරන ඒකීයත්වයයි.[11][12]

නිරුක්තිය සහ සබැඳි නියමයන්

බ්‍රහ්මන් (ब्रह्म) යනු පුරුෂ ස්වරූපයකින් සිටින ත්‍රිමූර්තියේ මැවුම්කරු වන බ්‍රහ්මයා සමඟ වෙන් කොට හඳුනාගත යුතු අලිංගික නාමයකි. (එනම් බ්‍රහ්මන්ට ලිංගයක් නැත.) බ්‍රහ්මන් යනු ලිංග බේදය ඉක්මවන අතිමහත් අපෞරුෂත්වයක් ගම්‍ය වන සංකල්පයකි. බ්‍රහ්මන් උත්තරීතර ආත්මය ලෙස හැඳින්වේ. රාමක්‍රිෂ්න පුලිගන්ද්ල එය හඳුන්වනු ලබන්නේ ලෝකය ඉක්මවා පවතින වෙනස් නොවන යථාර්ථය ලෙසයි.[13]

සංස්කෘත තුළ:

  • බ්‍රහ්ම (ब्रह्म), බ්‍රහ්මන් (ब्रह्मन्) යනු හින්දු ආගමේ උත්තරීතර හා ය අවසාන යථාර්ථය, උත්තරීතර විශ්වීය ආත්මය යන සංකල්පයයි.
  • බ්‍රහ්මා (ब्रह्मा) යනු ප්‍රජාපති බ්‍රහ්මා දෙවියන්ය. ඔහු ත්‍රිමූර්තිය තුළ සිටින නිර්මාණ කාර්යය භාරව සිටින පුරුෂ ස්වරූපයයි. එනමුත් බ්‍රහ්ම දෙවියන් වටා ගෙතුනු වන්දනයක් ඉන්දියාව තුළ නැත, මන්ද නිර්මාණ කාර්‍ය බාරව සිටින බ්‍රහ්මාගේ ආයුෂ දීර්ඝ වුවත් ඔහුද සදාකාලික නොවන බැවිනි. ඔහුද කල්ප අවසානයේ පරම පුරුෂ සමඟ එක් වන අතර නව කල්ප ආරම්භයේදි නැවත ජන්මය ලබයි.
  • බ්‍රාහ්මණ (ब्राह्मण) යනු වෛදික මන්ත්‍ර පිළිබඳ ගද්‍ය විවරණයකි
  • බ්‍රාහ්මණ (ब्राह्मण) යනු පූජකයන් වේ.
  • ඊශ්වර යනු අද්වෛතය අනුව පරම සත්‍ය හෙවත් අවසාන යථාර්ථය වන බ්‍රහ්මන් ගේ අර්ධ ලෞකික ප්‍රකාශනයක් ලෙස හඳුනාගෙන ඇත.

ඉතිහාසය සහ සාහිත්‍යය

බ්‍රහ්මන් යනු වෛදික සංහිතා තුළ පවතින සංකල්පයකි. බ්‍රහ්මන් සංකල්පය වේදයන්හී සිය ගණනක ගීතිකා වල සඳහන් වේ.

උපනිෂද්

මුල් කාලීන උපනිෂද් වල මූලික අවධානය යොමු වී ඇත්තේ බ්‍රහ්මන්ගේ සහ ආත්මන් පිළිබඳ දැනුම එනම්, බ්‍රහ්මවිද්‍යාව සහ ආත්මවිද්‍යාව කෙරෙහිය.

උපනිෂද් තුළ බ්‍රහ්මන් සංකල්පය පිළිබඳව මහා වාක්‍යන් කිහිපයක් අඩංගු වේ.

වගන්තියඋපනිෂද්පර්වර්තනයයොමුව
अहं ब्रह्म अस्मि
අහම් බ්‍රහ්මාස්මි
බ්‍රිහදරන්‍යක උපනිෂද් 1.4.10"මා වෙමි බ්‍රහ්මන්"[14]
अयम् आत्मा ब्रह्म
අයම් ආත්මා බ්‍රහ්ම
බ්‍රිහදරන්‍යක උපනිෂද් 4.4.5"ආත්මය යනු බ්‍රහ්මන් වේ"[15]
सर्वं खल्विदं ब्रह्म

සර්වම් ඛල්විදම් බ්‍රහ්ම

චන්දෝග්‍ය උපනිෂද් 3.14.1"මේ සියල්ල බ්‍රහ්මන්ය"[16]
एकमेवाद्वितीयम्
එකම් එවද්විතියම්
චන්දෝග්‍ය උපනිෂද් 6.2.1"එය (බ්‍රහ්මන්) ද්විත්ව නොවන ඒකීයත්වයයි"[17]
तत्त्वमसि
තත් ත්වම් අසි
චන්දෝග්‍ය උපනිෂද් 6.8.7 et seq."ඔබ එයයි" ("ඔබ බ්‍රහ්මන් වේ")[18][19]
प्रज्ञानं ब्रह्म

ප්‍රඥාන බ්‍රහ්ම

ඓතරේය උපනිෂද් 3.3.7"ප්‍රඥාව යනු බ්‍රහ්මන් ය"[20]

උපනිෂද් විවිධ ආකාරවලින් බ්‍රහ්මන්ගේ පාරභෞතික සංකල්පය සාකච්ඡ චොන්දෝග්‍ය උපනිෂද් අවධාරණය කරන්නේ ආත්මය (අභ්‍යන්තර සාරය) පවතින බවත්, බ්‍රහ්මන් එම ආත්මය හා සමාන බවත්ය.


විශ්වයම බ්‍රහ්මන් ය. සන්සුන්ව, යමෙක් එයට නමස්කාර කළ යුතුය,

— චන්දෝග්‍ය උපනිෂද් 3.14.1[21][22]

ආශ්‍රේයයන්

ග්‍රන්ථ නමාවලිය

  • Puligandla, Ramakrishna (1997), Fundamentals of Indian Philosophy, New Delhi: D. K. Printworld (P) Ltd. 
"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=බ්‍රහ්මන්&oldid=493355" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි