රන්ජන් රාමනායක

සද්ද විද්ද රාජපක්‍ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පෝන්සු, (දෙමළ: ரஞ்சன் ராமநாயக்க, ඉංග්‍රීසි: Ranjan Ramanayake; උපත 11 මාර්තු 1963) සාමාන්‍ය වශයෙන් රන්ජන් රාමනායක ලෙසින් හැඳින්වෙන, යනු ශ්‍රී ලාංකික නළුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් සහ දේශපාලනඥයෙක්.[1][2] රාමනායක 1 සැප්තැම්බර් 2015 සිට 7 අප්‍රේල් 2021 දක්වා ගම්පහ දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක්.[3] ඔහු 22 අප්‍රේල් 2010 සිට 26 ජූනි 2015 දක්වා රත්නපුර දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස ද කටයුතු කළේය.

ரஞ்சன் ராமநாயக்க
Ranjan Ramanayake
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
1 සැප්තැම්බර් 2015 – 7 අප්‍රේල් 2021
අනුප්‍රාප්තිකයාඅජිත් මාන්නප්පෙරුම
බහුතරය103,992 මනාප ඡන්ද
රත්නපුර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
22 අප්‍රේල් 2010 – 26 ජූනි 2015
බහුතරය59,318 මනාප ඡන්ද
මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
21 දෙසැම්බර් 2018 – 21 නොවැම්බර් 2019
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
Ministerකබීර් හෂීම්
සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
4 සැප්තැම්බර් 2015 – 26 ඔක්තෝම්බර් 2018
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
Ministerඑස්.බී.දිසානයක
සමාජ සේවා සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
21 ජනවාරි 2015 – 17 අගෝස්තු 2015
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
Ministerපී. හැරිසන්
සබරගමුව පළාත් සභාවේ විපක්ෂ නායක
තනතුර දරමින්
23 අගෝස්තු 2008 – 22 අප්‍රේල් 2010
පුද්ගලික තොරතුරු
උපත
සද්ද විද්ද රාජපක්‍ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පෝන්සු

11 මාර්තු 1963 (1963-03-11) (වයස 61)
මීගමුව, ශ්‍රී ලංකාව
ජාතියශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයසමගි ජන බලවේගය (2020-වර්තමානය)
වෙනත් දේශපාලන
සබැඳියා
එක්සත් ජාතික පක්ෂය (2020ට පෙර)
Relationsවිජය කුමාරතුංග
ජීවන් කුමාරතුංග
චන්ද්‍රිකා කුමාරතුංග
කාලෝ ෆොන්සේකා
වාසස්ථාන(ය)නො D 4, MPP Housing Scheme, මැදිවෙල, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ.
උගත් ශාස්ත්‍රාලයමාරිස්ටෙලා විද්‍යාලය
රැකියාවමාරිස්ටෙලා විද්‍යාලය
වෘත්තියරංගන ශිල්පී

මුල් අවධිය

1963 මාර්තු 11 වැනිදා මීගමුවේදී උපත ලැබූ රන්ජන් මහතා සිය අධ්‍යාපන කටයුතු මාරිස්ටෙලා විද්‍යාලයෙන් හදාරණ ලදී. ඔහුට ප්‍රධාන චරිතයක් මගින් ශ්‍රී ලාංකික සිනමාවට මං විවරකරදුන් චිත්‍රපටි නිෂ්පාදකවරයෙකුට ගරු කිරීමක් වශයෙන්, රන්ජන් මහතා සිය නාමයට 'රාමනායක' නමින් කොටසක් එක්කර ගත් බව පැවසෙයි.[4]

විශේෂයන්

රන්ජන් රාමනායක තරුණ කල ජීවත් වූ තම විජය මාමාගේ ගමෙහි දිල්හානි අශෝකමාලා ද පදිංචිව සිටි අතර රන්ජන් - දිල්හානී ප්‍රේම සම්බන්ධයට සහගෝගය දැක්වූයේ විජය කුමාරතුංගයන් බවද පැවසෙයි. ඔවුන්ගේ ප්‍රේමය දෙකඩ වීමක් නිසා රන්ජන් ඇය වෙනුවෙන් ඇයි අශෝකමාලා ඔය වාගේ කෝපවීලා… ඇගේ නමෙහි කොටසක් යොදා ගීතය සෑදීය. එම ප්‍රේම දෙපළු වීමෙන් පසු ඔහු තනිකඩ දිවියක් ගත කරයි. ඔහුට මෙතෙක් දරුවන් නොමැත.[5]

සිනමා දිවිය

සිය සිනමා දිවිය, වාණිජ චිත්‍රපටියක් වූ ජය කොතැනද චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් ආරම්භ කල රන්ජන් මහතා, 1990 දශකය පුරාවට සිය ප්‍රතිරූපය වාණිජ චිත්‍රපටි නළුවෙක් ලෙස පවත්වා ගන්නා ලදී. එසේ වූවත් සමහර අවස්ථාවලදී චිත්‍රපටි සඳහා, ඔහු තරමක් ගැඹුරු චරිතද නිරූපණය කොට තිබේ. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවරගිර චිත්‍රපටියේ ඔහු නිරූපණය කරන චරිතය එවැන්නකි. මෑත කාලීනව ඔහු වාණිජ සිනමා චරිත නිරූපණය කිරීමට අමතරව, පාර්ලිමන්ට් ජෝක්ස්, වන් ෂොට් වන් හා ලීඩර් වැනි චිත්‍රපටි තුලින්, අධ්‍යක්ෂණය සහ තිර රචනයටද දායක වී තිබෙයි.

රංගනයට අමතරව, ජය කොතැනද, නරලොව හොල්මන්, ලවු ඉන් බැංකොක් සහ තවත් චිත්‍රපටි කීපයක් සඳහා ගීත ගායනයෙන්ද දායක වී තිබෙන රන්ජන් මහතා, චිත්‍රපටියක් වෙනුවෙන් ගායනා කල 'රන් සමනල ජෝඩුව වාගේ' ගීතය එකල ප්‍රේකෂකයින් අතර බෙහෙවින් ජනප්‍රිය විය.[6][7]

සිනමාගමනය

වසරසිනමාපටයචරිතයවිෂේශ කරැණු
1988කෝ හතුරෝ
1989සිනාසෙන්න රත්තරනේ
1990දෑසේ මල් පිපිලා
1990වීර උදාර
1990ජය කොතනැද
1990චන්ඩි රජා
1990ක්‍රිස්තු චරිතය
1991හිම ගිර
1991ලව් ඉන් බැන්කොක්
1991රන් හදවත
1991මා ඔබේ හිතවතා
1992සල්ලි තිබුණට මදි
1992සක්විති රජා
1992චන්ඩි රැජිණ
1992සිංහයගෙත් සිංහයා
1992රජෙක් වගේ පුතෙක්
1993මැවීලා පෙනේවි ඔබෙ රෑපේ
1993කම් ඔර් චිකාගෝවික්‍රමසිංහ මුදියන්සේලාගේ රංජන් කරුණානායක
1993සඳරේඛා
1993ළඟින් ගියොත් ඇහැක් නෑ
1993ජූරියි මමයි
1993සූර වීර චන්ඩියෝ
1994නොහඬන් ලඳුනේ
1994හලෝ මයි ඩාලිං
1995අවරගිරප්‍රියංකර සැතිගල
1996වෛරයෙන් වෛරය
1996මල් 7යි
1997සූරයෝ වැඩකාරයෝ
1998රෑ දනියෙල් දවල් මිගෙල්චණ්ඩි
1998මොහොතින් මොහොත
1999බහු බාර්‍යාකපිල
2000රෑ දනියෙල් දවල් මිගෙල් 2චණ්ඩි
2001ජොන්සන් ඇන්ඩ් ගොන්සන්ඩ්ජොන්සන්
2001රෝස වසන්තේ
2002පාර්ලිමන්ට් ජෝක්ස්'ළවාරිස්ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය සහ සරසවිය සම්මාන හොඳම සිනමාපටය
2003පිස්සු ට්‍රිබල්
2003වැලා ඉන් ලන්ඩන්
2003යකඩ පිහාටු
2005වන් ෂොට්වන්ෂොට් නොහොත් විජේදෙවන සිනමා අධ්‍යක්ෂණය
2006නිළම්බරේනිර්වාන්හොඳම නළුවා සරසවිය සම්මාන
2009ලීඩර්ලීඩර්තෙවන සිනමා අධ්‍යක්ෂණය
2010පායා එන්න හිරු සේ
2011කිව්වද නහී නොකිව්වද නහීකලණ
2012ජීවිතේ ලස්සනයිවිශ්ව
2012ශ්‍රී සිද්ධාර්ථ ගෞතමසුද්ධෝදන රජු
2013රජ හොරුමහේෂ්
2014රංජාරංජා නොහොත් රන්ජන්
2014පරපුරසුරනිමල
2014රෑපාන්තරණ
2015ප්‍රවේගයකාර්‍යාල කළමනාකරුගරු රඟපෑම්
2016සිංහයා
2016මායාමායා
2018ඩොක්ටර් නවරියන්නවරියන්සිව්වන සිනමා අධ්‍යක්ෂණය

දේශපාලන දිවිය

2008 වර්ෂයේදී, සබරගමුව පළාත් සභාවේ මහ ඇමති ධූරයට තරඟ වැදුනු රාමනායක මහතා,[8] එම ඡන්දයෙන් සභාවේ ප්‍රධාන විපක්ෂ අමාත්‍යවරයා බවට පත්විය. 2010 වසරේදී එක්සත් ජාතික පක්ෂය හරහා රත්නපුර මැතිවරණ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් හිමිකරගත් රාමනායක මහතා, වත්මන් විපක්ෂයේ ප්‍රධාන සක්‍රීය සාමාජිකයෙකු ලෙස ක්‍රියාකරයි.

මතභේදයට ලක්වීම්

අත්අඩංගුවට පත්වීම

මහනුවර පාසල් ගුරුවරියක විවාහ කරගන්නා බව පවසා ඇගෙන් රු. මිලියනයක පමණ මුදලක් වංචා කරන ලදැයි රාමනායක මහතාට චෝදනා එල්ල වූ අතර, එම ගුරුවරිය විසින් ඔහුට එරෙහිව ගොනුකල පැමිණිල්ල මත, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව 2010 වසරේදී රන්ජන් මහතාව අත්අඩංගුවට ගන්නා ලදී.[9] මේ හේතුවෙන් දින කිහිපයක් බෝගම්බර බන්ධනාගාරගතව සිටි රාමනායක මහතා ඉන් ඇපමත නිදහස්ව අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිසෙන ලදී. කෙසේ නමුදු එජාප පාම රාමනායක මහතාගේ ප්‍රතිරූපය බිඳ දැමීම සඳහා, වෙනත් දේශපාලඥයෙකු විසින් අදාල චොදනාව එල්ල කල ගුරුවරිය පොළඹවාගෙන ඇතැයි පසුව කල පොලිස් පරීක්ෂණ මගින් අවසානයේ තහවුරු විය.[10]

වාද වැඩසටහනක නිවේදිකාවකට තර්ජනය කිරීම

2010 වර්ෂයේදී, ටීවී දෙරණ හී 360 දේශපාලන වාද වැඩසටහනකට එක්වූ රාමනායක මහතා එම වැඩසටහන මෙහෙයවනු ලැබූ ඩිල්කා සමන්මලී නිවේදිකාවට තර්ජනය කල බවට චෝදනා එල්ල වුණි.[11] ඊට අමතරව සමන්මලී විසින් එම වැඩසටහන තුලදී සිය ප්‍රතිරූපයට හානි කල බවට චෝදනා කරමින්, සමන්මලී මහත්මියගේ දෙමාපියන්ටද දුරකථන ඇමතුමක් මගින් තර්ජනය කල බවට රාමානායක මහතාට චෝදනා එල්ල විණි. සමන්මලී වෙත යම් කරදරයක් සිදුවිය හැකිබවට, රාමනායක මහතා විසින් එම දුරකථන ඇමතුම හරහා අනතුරු හඟවා තිබූ බවද පැවසෙයි. කෙසේ නමුදු මෙම චෝදනා ප්‍රතික්ෂේප කල රාමානායක මහතා පසුව ප්‍රකාශ කලේ, අදාල වැඩසටහන තුල ඔහුගේ දියණිය පක්ෂපාතීව ක්‍රියාකල බවට තමා විසින් ඕස්ට්‍රේලියාවේ සිටි සමන්මලීගේ පියාට දුරකථන ඇමතුමක් මගින් ආචාරශීලීව දැනුම් දීමක් පමණක් සිදුකල බවයි.[12]

සම්මාන

රන්ජන් රාමනායක මහතාගේ සම්මාන හා නිර්දේශ

රන්ජන් රාමනායක 2016දී සිව්වන වරටත් ස්ලිම් නෙල්සන් සම්මාන ද්විත්වයක් දිනා ගනු ලැබීය.
සම්මාන සහ නිර්දේශයන්
සම්මානයලබා ගැනීම්නිර්දේශිත
ස්ලිම් නෙල්සන්
1414
සරසවිය
99
සිග්නීස් සැලියුට්
22
දෙරණ
22
එකතුව
ලබා ගැනීම්27
නිර්දේයන්27

රාමනායක මහතා සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය 4 වතාවක් දිනාගෙන තිබේ.

2016 වසරේ 10 වන වතාවටත් පැවැත්වුනු ස්ලිම් නිල්සන් ජනතා සම්මාන (SLIM Nielsen People’s Awards) උලෙළේදී "ස්ලිම් නිල්සන් වසරේ ජනතාවගේ නළුවා" (SLIM Nielsen People’s Awards People’s Actor of the year) සම්මානයත්, "ස්ලිම් නිල්සන් වසරේ තරුණ තරුණියන්ගේ පි‍්‍රයතම රංගන ශිල්පියා" (SLIM Nielsen People’s Awards Youth choice Actor of the year) යන සම්මාන ද්විත්වයම රන්ජන් රාමනායක විසින් ලබාගන්නා ලදි. ඔහු මෙම ස්ලිම් නිල්සන් පීපල්ස් සම්මානය ලැබූයේ පිට පිට 10 වන වතාවටය. නළුවකු එකපිටම 10 වතාවක් එකම සම්මානයක් ලැබූ වාර්තාවටද රන්ජන් රාමනායක මහතා හිමිකම් කියයි.[13]

ස්ලිම් නෙල්සන්

වසරසම්මානයදින්නා / නැහැ
2007ජනප්‍රියතම නළුවාදිනාගති
2008ජනප්‍රියතම නළුවාදිනාගති
2009ජනප්‍රියතම නළුවාදිනාගති
2010ජනප්‍රියතම නළුවාදිනාගති
2011ජනප්‍රියතම නළුවාදිනාගති
2012ජනප්‍රියතම නළුවාදිනාගති
2013ජනප්‍රියතම නළුවා,තාරුණ්‍යයේ නළුවාදිනාගති
2014ජනප්‍රියතම නළුවා,තාරුණ්‍යයේ තේරීමදිනාගති
2015ජනප්‍රියතම නළුවා,තාරුණ්‍යයේ තේරීමදිනාගති
2016ජනප්‍රියතම නළුවා,තාරුණ්‍යයේ තේරීමදිනාගති

සරසවිය

වසරසම්මානයදින්නා / නැහැ
1990නැගී එන නළුවාදිනාගති
1990ජනප්‍රියතම නවක නළුවාදිනාගති
2001හොඳම ජනප්‍රිය නළුවාදිනාගති
2002හොඳම ජනප්‍රිය නළුවා, ජනප්‍රියතම සිනමාපටයදිනාගති
2003හොඳම ජනප්‍රිය නළුවාදිනාගති
2004හොඳම ජනප්‍රිය නළුවාදිනාගති
2005හොඳම ජනප්‍රිය නළුවාදිනාගති
2006හොඳම නළුවාදිනාගති

සිග්නීස් සම්මාන

වසරසම්මානයසිනමාපටය
2007නිර්මාණාත්මක කුසලතානිලම්බරේ
2010නිර්මාණාත්මක කුසලතාපායා එන්න හිරු සේ

දෙරණ සිනමා සම්මාන

වසරසම්මාන වාරයසම්මානය
2011දෙරණ සිනමා සම්මාන 2011ජනප්‍රියතම නළුවා
2015දෙරණ සිනමා සම්මාන 2015ජනප්‍රියතම නළුවා

මේවාද බලන්න

ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=රන්ජන්_රාමනායක&oldid=665117" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය