රියෝ ද ජැනෙයිරෝ

රියෝ ද ජැනෙයිරෝ (/ˈr di ʒəˈnɛər,_ʔd ʒəʔ,_ʔdə əʔ/; පෘතුගීසි උච්චාරණය: [ˈʁi.u dʒi ʒɐˈnejɾu];[2] River of January), හෝ රියෝ (Rio) ලෙස කෙටියෙන් හැඳින්වෙන්නේ බ්‍රසීලයේ දෙවන වැඩිම ජනගහණයක් සහිත නගරයයි. එය ඇමෙරිකා මහද්වීප තුළ හයවන වැඩිම ජනගහණයක් සහිත නගරය ද වෙයි. රියෝ ද ජැනෙයිරෝ, එනමින්ම හැඳින්වෙන රියෝ ද ජැනෙයිරෝ ජනපදයේ අගනුවරයි. එම ජනපදය බ්‍රසීලයේ තෙවන වැඩිම ජනගහණයක් සහිත ජනපදය වෙයි. රියෝ නගරයේ කොටසක් යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වශයෙන් නම්කොට ඇත. එය හැඳින්වෙන්නේ "රියෝ ද ජැනෙයිරෝ: කඳුකරය සහ මුහුද අතර කැරියෝකා භූ දර්ශන" නමිනි. යුනෙස්කෝව විසින් එහි සංස්කෘතික වැදගත්කම සළකා 2012 ජුලි 1 දින ලෝක උරුම ලැයිස්තුවට එක් කරන ලදී.

රියෝ ද ජැනෙයිරෝ
මහනගර
Município do Rio de Janeiro
Municipality of Rio de Janeiro
ඉහළ සිට, වමේ සිට දකුණට: [[ක්‍රයිස්ට් ද රෙඩීමර්]], Botafogo's බොක්ක, රියෝ නගර මධ්‍යය, Rio–Niterói bridge, මරකානා ක්‍රීඩාංගණය සහ Barra da Tijuca හි පුළුල් දර්ශනයක් Pedra da Gávea සිට
ඉහළ සිට, වමේ සිට දකුණට: ''ක්‍රයිස්ට් ද රෙඩීමර්'', Botafogo's බොක්ක, රියෝ නගර මධ්‍යය, Rio–Niterói bridge, මරකානා ක්‍රීඩාංගණය සහ Barra da Tijuca හි පුළුල් දර්ශනයක් Pedra da Gávea සිට
Flag of රියෝ ද ජැනෙයිරෝ
Coat of arms of රියෝ ද ජැනෙයිරෝ
අපනාමය(න්): Cidade Maravilhosa (විශ්මයජනක නගරය) Princesa Maravilhosa (විශ්මයජනක කුමරිය)
රියෝ ද ජැනෙයිරෝ (ජනපදය) තුළ පිහිටීම
රියෝ ද ජැනෙයිරෝ (ජනපදය) තුළ පිහිටීම
Country බ්‍රසීලය
Regionගිනිකොණ
State රියෝ ද ජැනෙයිරෝ
Founded1 මාර්තු 1565
රජය
 • නගරාධිපතිඑදුවාර්දෝ පේස් (PMDB (2009–present))
සරිය
 • මහනගරසැකිල්ල:තොරතුරුකොටුව ජනාවාසය/මෙට්‍රික්/mag
 • පුරවර4,557 කිමී2 (1,759.6 සතරැස් සැත)
උන්නතාංශයfrom 0 to 1,020 මී (from 0 to 3,349 අඩි)
ජනගහණය(2014)[1]
 • මහනගර6,453,682
 • අනුස්ථිතිය2nd
 • ඝණත්වය5,377/කිමී2 (13,930/වර්ග සැත)
 • නාගරික11,616,000
 • පුරවර12,090,607 (2nd)
ජනනාමය(න්)Carioca
වේලා කලාපBRT (UTC−3)
 • ගිම්හානය (DST)BRST (UTC−2)
Postal Code20000-000
දුරකථන කේතය(න්)+55 21
වෙබ් අඩවියRio de Janeiro, RJ
Type:Cultural
Criteria:vi
Designated:2012 (36th session)
Reference No.1100
State Party:Brazil
:Latin America and Europe

රියෝ නගරය පිහිටුවන ලද්දේ පෘතුගීසි ජාතිකයින් විසින් 1565 වසරේ දී ය. එවකට එය පෘතුගීසි අධිරාජ්‍යයට අයත් විය. 1889 සිට 1960 දක්වා එය බ්‍රසීල ජනරජයේ අගනගරය විය. 1960 දී බ්‍රසිලියා නගරය, බ්‍රසීලයේ අගනුවර බවට පත් කරන ලදී.

බ්‍රසීලයේ දෙවන විශාලතම නාගරික GDP අගය සහිත නගරය වන්නේ රියෝ ද ජැනෙයිරෝ වන අතර, 2008 වසරේදී ඇස්තමේන්තුගත බ්‍රසීලියානු රියාල් බිලියන 343 (IBGE, 2008) (ආසන්න වශයෙන් US$ බිලියන 201) ක අගයක් වාර්තා කරමින් ලෝකයෙන්ම 30 වන විශාලතම නාගරික GDP අගය සහිත නගරය බවට පත් විය. බ්‍රසීලියානු තෙල්, පතල් සහ ජනසන්නිවේදන සමාගම් වල මූලස්ථානය වන්නේ රියෝ නගරයයි. එමෙන්ම විශ්ව විද්‍යාල සහ ආයතන රැසක්ම පිහිටා ඇත්තේ රියෝ නගරයේයි.

රියෝ නගරය දක්ෂිණ අර්ධගෝලයේ වැඩිම සංචාරක ආකර්ෂණයක් සහිත නගර අතුරින් එකක් වෙයි. එහි සැණකෙළි, සම්බා නර්තන, bossa nova (බ්‍රසීලියානු සංගීත ආකාරයක්) සහ බාරා ඩා ටිජුකා (Barra da Tijuca), කොපකැබනා (Copacabana), ඉපනේමා (Ipanema) සහ ලෙබ්ලොන් (Leblon) වැනි දර්ශනීය balneario වෙරළ තීරයන් නිසා එය ප්‍රසිද්ධියට පත් වී ඇත. තවද කොර්කොවාඩෝ (Corcovado) කඳු මුදුනෙහි පිහිටා ඇති, නව ලෝක පුදුම හතෙන් එකක් ලෙස නම් කර ඇති ක්‍රයිස්ට් ද රෙඩීමර් (Christ the Redeemer) ප්‍රතිමාව, එමෙන්ම කේබල් කාර් සහිත සර්ගාලෝෆ් කන්ද, Sambodromo ලෙස හැඳින්වෙන කානිවල් සමයේ පෙරහැර සඳහා භාවිතයට ගැනෙන වීදිය සහ ලොව විශාලතම පාපන්දු ක්‍රීඩාංගණයක් වන මරකානා ක්‍රීඩාංගණය ආදිය රියෝ නගරයේ සුප්‍රසිද්ධ භූ ස්මාරක වෙයි.

2016 ගිම්හාන ඔලිම්පික් සහ 2016 ගිම්හාන පැරාලිම්පික් උළෙල සඳහා සත්කාරකත්වය දරනු ලබන්නේ රියෝ ද ජැනෙයිරෝවයි. දකුණු ඇමෙරිකානු රටක මෙන්ම පෘතුගීසි භාෂාව කතා කරනු ලබන රටක ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ පළමු වරටයි. එමෙන්ම දක්ෂිණ අර්ධගෝලයේ නගරයක ඔලිම්පික් උළෙල පවත්වනු ලබන තෙවන අවස්ථාව ද මෙය වෙයි. 1950 සහ 2014 FIFA ලෝක කුසලාන අවසාන මහා තරග, 2013 Confederations cup සහ XV පෑන් ඇමරිකන් ක්‍රීඩා උළෙල මරකානා ක්‍රීඩාංගණයේ පවත්වා ඇත.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=රියෝ_ද_ජැනෙයිරෝ&oldid=455583" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි