බෝකෝ හරාම්

අන්‍යාගමීකරණය හා ජිහාඩය වෙනුවෙන් වූ සාම්ප්‍රදායේ ජනතා සභාව[2][3] (අරාබි: جماعة اهل السنة للدعوة والجهادJamāʻat Ahl as-Sunnah lid-daʻwa wal-Jihād)—නැතහොත් ඔවුන්ගේ Hausa බසින් බෝකො හරාම් (Boko Haram) ("බටහිර අධ්‍යාපනය පවිටුයි (Haraam)")[4]—යනු ඉස්ලාමීය ජිහාඩ්වාදී සහ takfiriවාදී, නයිජීරියාව,[5] උතුරු කැමරූනය සහ නයිජර්[6][7][8][9] යන රටවල් පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වන ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයකි. එය 2002 වසරේදී, මොහොමඩ් යූසුෆ් (Mohammed Yusuf)[10] විසින්, ෂරියා නීතිය යටතේ පාලනය වන "ශුද්ධ" ඉස්ලාමීය දේශයක් ගොඩනැංවීම හා එම රටවල් බටහිරකරණයට ලක්වීම වැලැක්වීම අරමුණු කර ගනිමින් බිහි කරන ලද්දකි.[11][12][13]

බෝකො හරාම්
අන්‍යාගමීකරණය හා ජිහාඩය වෙනුවෙන් වූ සාම්ප්‍රදායේ ජනතා සභාව
Boko Haram
Congregation of the People of Tradition for Proselytism and Jihad
සක්‍රීයත්වය2002–වර්ථමානය තෙක්
මතවාදයඉස්ලාමීය අන්තවාදය
ඉස්ලාමීය මූලධර්මවාදය
වහාබ්වාදය
Takfir
නායකයින්අබුබකාර් ශෙකාවු (Abubakar Shekau)[1]
Dan Hajia (POW)
Abba  
Abatcha Flatari  
Momodu Bama  
Mohammed Yusuf 
මෙහෙයුම් දියත් කරන කලාප
උතුරු නයිජීරියාව, උතුරු කැමරූනය, දකුණු නයිජරය, චැඩ්
සන්ධානයන් Ansaru
Al-Qaeda in the Islamic Maghreb
ප්‍රතිවාදීන් නයිජීරියාව
Civilian Joint Task Force (CJTF)
 කැමරූන්
 චැඩ්
 නයිජර්
සටන්
සහ යුද්ධ
නයිජීරියානු ෂරියා ගැටුම
2009 නයිජීරියානු නිකායික ප්‍රචණ්ඩත්වය
බෝකො හරාම් ත්‍රස්තවාදීන් විසින් මෙහෙයවන හා සමහර ෂරියා නීති ක්‍රියාවට නංවන ලබන, නයිජීරියාවේ ප්‍රදේශ (කොළ පැහැයෙන්).
බෝකො හරාම් ත්‍රස්තවාදීන් බහුලව ප්‍රහාර එල්ල කරනු ලබන කලාප

මෙම කුරීරු ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානය විසින්, ක්‍රිස්තියානුවන්ට සහ රජයේ ඉලක්කයන් වෙත බහුල වශයෙන් ප්‍රහාර එල්ල කිරීම සිදු කරනු ලබයි.[12] ක්‍රිස්තියානි පල්ලි තුල බෝම්බ පුපුරුවා හැරීම, පාසල් සහ පොලිස් ස්ථාන වලට ප්‍රහාර එල්ල කිරීම,[14][15] බටහිර විදෙස් සංචාරකයින් පැහැර ගැනීම, හා එසේම සමහර ඉස්ලාමීය ආයතනයන් හී පුද්ගලයින් ඝාතනය කිරීම වැනි දරුණු ක්‍රියාවන් රැසක්, පසුගිය කාලය තුල ඔවුන් විසින් වාර ගණනාවකදී දියත් කොට තිබුණි.[16] බෝකො හරාම් ත්‍රස්තවාදීන්ට සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන්, 2002 - 2013 අතර කාල සීමාව තුල පුද්ගලයින් 10,000 ක් පමණ මිය ගොස් ඇතැයි සඳහන් වෙයි.[17][18][19][20][21][22]

වර්ථමානය වනවිට (2014 මැයි) නයිජීරියාවේ බොර්නො (Borno), Adamawa, Kaduna, Bauchi, යොබ් (Yobe) සහ Kano වැනි ප්‍රදේශ තුල, බෝකො හරාම් ත්‍රස්ත බලපෑම් තදින් ක්‍රියාත්මක වන අතර, එම කලාප තුල හදිසි තත්වයක් නම් කොට තිබෙන බව සඳහන් වෙයි. මෙම ත්‍රස්ත සංවිධානයේ සැකැස්ම සහ ඊට අදාල නායකත්ව දාමය පිළිබඳව පැහැදිලි තොරතුරු නොවන අතර,[23] එය පුළුල්ව "ව්‍යාප්ත වූ"[16] සහ බෙදී ගිය කොටස් සහිත ජාලාත්මක සංවිධානයක් ලෙස හැඳින්වෙයි.[11] වාර්ථාවන්ට අනූව බෝකො හරාම් සංවිධානය කොටස් තුනකින් සමන්විත වන අතර,[12] ඉන් එක් කොටසක් ලෙස Ansaru කණ්ඩායම හඳුනාගෙන තිබෙයි. එම කණ්ඩායමේ වත්මන් නායකයා අබුබකාර් ශෙකාවු වන අතර, ආයුධ නිපදවීම පිළිබඳ විශේෂඥකු වන මොමදු බාමා (Momodu Bama) එහි දෙවන අණදෙන්නා බව පැවසෙයි.

කෙසේ නමුදු බෝකො හරාම් ත්‍රස්තවාදීන්, නයිජීරියාවෙන් බාහිරව වූ ජිහාඩ්වාදීන් සමග සම්බන්ධතා පවත්වන්නේද නැද්ද යන්න අර්බුධකාරී වෙයි. අමෙරිකානු හමුදා සේනාධිපතිට අනූව, බෝකෝ හරාම් ත්‍රස්තවාදීන් ඉස්ලාමීය Maghrebයේ අල්-කයිඩා (AQIM) වට සම්බන්ධව කටයුතු කරන බව පැවසෙයි,[24][25] නමුත් සමහර තොරතුරු වලට අනූව, බෝකො හරාම් ත්‍රස්ත සංවිධානය වෙත ද්‍රව්‍යමය වශයෙන් ජාත්‍යන්තර සහායක් හිමිවන බවට සාක්ෂි නොමැති බව පැවසෙන අතර,[26] ඔවුන් විසින් ජාත්‍යන්තර වශයෙන් දියත් කොට ඇති ප්‍රහාර සංඛ්‍යාවද බොහෝ දුරට සීමා සහිත බව පැවසෙයි.[11] 2013 නොවැම්බර් 13 වන දිනදී, එක්සත් ජනපද රජය විසින්, බෝකො හරාම් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන ලදී.

කරුණු මෙසේ සිදුවූවත් 2013 වසරේ මුල් කාර්තුවේදී, බෝකො හරාම් ත්‍රස්තවාදීන් ලෙස සැකකෙරුණු පුද්ගලයින් 950 දෙනෙකු, නයිජීරියානු හමුදා ඒකාබද්ධ කාර්ය බලකායේ (Nigeria's military Joint Task Force) රැඳවුම් භාරය යටතේදී මරණයට පත්වීමේ සිදුවීමක් සම්බන්ධව මානව හිමිකම් උල්ලංඝනය වූවේ යැයි කියමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, නයිජීරියානු රජයට චෝදනා එල්ල කරන ලදී.[27] මෙම ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානය නිසා හටගත් ගැටුමේ හේතුවෙන් 2011 වසර වන විට පුද්ගලයින් 90,000 ක ප්‍රමාණයක් අවතැන්ව ඇතැයි වාර්ථා වෙයි.[28] හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන පරිදි, මෙම ත්‍රස්ත සංවිධානයේ වැඩ කටයුතු වෙනුවෙන් වයස අවුරුදු 12 පමණ වන ළමා සොල්දාදුවන්ද, යොදවා තිබෙයි.[29]

මේවාද බලන්න

ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=බෝකෝ_හරාම්&oldid=592754" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි