වික්ටෝරියාව, සෙචිලිස් (සීෂෙල්ස්)

වික්ටෝරියාව (ඉංගිරිසි ඉසිරැවීම: //වික්ටෝරියා//; ප්රන්ස ඉසිරැවීම: //වීක්තොහියා//, //viktɔʁja//) යනු සෙචිලිස් ජනරජයේ අගනුවර ද විසල්තම නගරය ද වන අතර එය කොදිව් පෙළේ (archipelago) ප්‍රධාන දූව වන මාඒ දූවෙහි ඊසානදිගු පසැ පිහිටා ඇති. නගරය මුලින් මැ පිහිටැවුණේ බ්‍රිතාන්‍ය යටත් විජිත රජයේ නිවහන (seat) ලෙසයි. 2010 දී, මහ වික්ටෝරියාවේ (Greater Victoria) ජනගහනය තදාසන්න පෙදෙසුදු ඇතුළු වැ, රටේ මුළු ජනගහනය වන 99,202 න් 26,450ක් (26.66%) වියැ. [2]

Victoria
Clockwise from top: Victoria clock tower, Seychelles State House, Cathedral of Victoria, Port Victoria.
Location of Victoria on Mahé Island
Location of Victoria on Mahé Island
ඛණ්ඩාංක: 4°37′S 55°27′E / 4.617°S 55.450°E / -4.617; 55.450
Countryසැකිල්ල:SYC
IslandMahé
රජය
 • MayorDavid André
සරිය
 • මුළු20.1 කිමී2 (7.8 සතරැස් සැත)
ජනගහණය(2010)[1]
 • මුළු26,450

ඉතිහස

ප්‍රංශ යටත් විජිතවාදීයෝ 1756 දී දූපතට හිමිකම් කී පසු, වික්ටෝරියාව බවට පත්වන පෙදෙසෙහි 1778 දී විසුම් ගතු. 1841 දී බ්‍රිතාන්‍යයන් විසින් වික්ටෝරියා රැජිනගේ නමින් වික්ටෝරියාව ලෙස නම් කෙරෙන තෙක් නගරය ලෙතබ්ලීස්මෝ (L'Établissement) සේ හැඳින්විණ. [3] [4] [5]

ආර්ථිකය

දසුන්සැරියාව ආර්ථිකයෙහි වැදැගත් අංශයකි. වික්ටෝරියාවේ මුලට මැ එන අපනයන වනුයේ වැනිලා, පොල්, පොල් තෙල්, මාළු හා ගුවානෝ හා යැ. [6]

අදියෙදුම (අධ්‍යාපනය)

සෙචිලිස් සරසවියේ ම්ං ෆ්ලුහී මණ්ඩපය වික්ටෝරියාවේ වෙයි. [7]

හැදියාව

වික්ටෝරියා ඔරලෝසු කණුව

ලන්ඩනයේ ලිට්ල් බෙන් ආදර්ශයට ගත් ඔරලෝසු කණුව, [6] [8] විනිසිහල, උද්භිද උයන, දෑ ඉතිහස් කටුගෙය, සහදා ඉතිහස් කටුගෙය හා සුරු සෙල්වින් සෙල්වින්-ක්ලාක් වෙළඳපොළ ඈ නගරයේ ඇති ආකර්ෂණීය තැන් අතර වේ. [6] වික්ටෝරියා වෙළඳපොළ හා උදුල පැහැති (brightly coloured) මාළු හා පළතුරු හා වෙළඳපොපොළ සෙචිලිසි දනන් සඳහා දේසීය වැදැගත් තැනැයි.

ආගමික තැන්

නිමල පිළිසිඳ ගැන්මේ ආසන දෙව්මැදුර
අරුල්මිගු නවශක්ති විනායගර් කෝවිල

නිමල පිළිසිඳ ගැන්මේ ආසන දෙව්මැදුර (රෝමානු කතෝලික) හා සාන්ත පාවුළු ආසන දෙව්මැදුර (ඇංග්ලිකන්) හා විසින් ආසන දෙව්මැදුරු දෙකක් වික්ටෝරියාවේ වෙයි. [9] තවද එහි බැප්ටිස්ට් හා පෙන්තකොස්ත හා දෙව්මැදුරු ද [10] මුස්ලිම් පල්ලි ද හින්දු කෝවිල් ද වෙයි.

කෙළි

දෑ කෙළි පිටිය වන ස්තාද් ලිනීතේ වික්ටෝරියාවේ වෙයි. එය බොහෝ විටැ පාපන්දු තරඟ සඳහා ගැනෙයි.

ගමනාගමනය

වික්ටෝරියාවට සේවා සැපැයෙනුයේ 1971 ඉදිකැරුම් නිමහම් දැකී සෙචිලිස් දෑබැඳි ගුවන්තොටෙනි. [6] ටූනා මසුන් ඇල්ලීම හා ටින් කැරුම හා මහ කමක් (a major industry) වන නගරයට ඉක්බිති වැ නැගෙනහිරින් ඇතුළු වරාය වෙයි. [6] 2004 ඉන්දු සයුරු බිම්සැලුමෙන් ඇති වූ සුනාමි රළ පහරින් වික්ටෝරියාවේ විසල්තම පාලම් වලින් එකක් වැනැසුණි. [8]

දෙසිති (දිස්ත්රික්ක)

සෙචිලිස් දෙසිති හතරක් වික්ටෝරියාවේ වෙයි.

  • මහ වික්ටෝරියාව
    • මැදි දෙසිත්ත - ඉංගිරිසි ගඟ (//ලා හීව්යේ හෝංලේස් //)
    • සා ලුයී (සාන්ත ලුවී)
    • ම්ං ෆ්ලුහී
    • බෙල් ඒහ්

නිවුන් නගර හා සොහොවිරි නගර

වික්ටෝරියා නිවුන් ය:

රටනගරය
සැකිල්ල:රටේ දත්ත Djibouti</img>සැකිල්ල:රටේ දත්ත Djibouti </img> ජිබුටි
 Israel</img>  Israelදලියට් අල්-කර්මෙල්
 China</img>  Chinaහයිකූ

දෙස් ගුණය

වික්ටෝරියාව වසර පුරා ඉහළ උණුසුමකින් යුත් නිවර්තන වැසි වනාන්තර දේශගුණයක් (Köppen දේශගුණය වර්ගීකරණය Af ) දක්වයි. අගනුවර වසර තුළැ සැලකියැ යුතු ලෙස තෙත් හා වියලි කාලසීමාවන් ඇති අතර ජුනිය හා ජූලිය හා එහි වියළිම මාස ද දෙසැම්බරයේ සිටැ පෙබරවාරිය දක්වා තෙත්ම මාස ද වේ. කෙසේ වතදු, කිසිදු මසක දී සැමැනි මාසික වැසි වැටුම වික්ටෝරියා හි 60 මිලිමීටර or 2.4 අඟල් ට වඩා පහත නො වැටෙනුයෙන්, නගරයට සැබෑ වියළි කාල මසක් නොමැති යි. මෙම සැබෑ වියළි කාල මසක් නොමැතිකම දේශගුණය නිවර්තන වැසි වනාන්තර දේශගුණික කාණ්ඩයට අයත් වීමට මූලික හෙයකි. අගනුවර සැමැනියෙන් වාර්ෂිකව 2,300 මිලිමීටර or 91 අඟල් වැසි වැටුමක් ලබයි. ඉතා වැසි සහිත වුවද, අහස සැමැනියෙන් පැහැදිලි සිටැ අඩ පැහැදිලි තෙක් වන අතර සපුරා වළාකුළු සහිත දින වැසි සහිත මාස්වල දී පවා වසර පුරා හිඟ වේ.සැකිල්ල:Climate chart

Victoria (Seychelles International Airport) 1972–2011 සඳහා කාලගුණ දත්ත
මාසයජනපෙබමාර්අප්‍රේමැයිජුනිජූලිඅගෝසැප්ඔක්නොවැදෙසැවර්ෂය
වාර්තාගත ඉහළම උෂ්ණත්වය°C (°F)33.3
(91.9)
33.4
(92.1)
33.5
(92.3)
34.1
(93.4)
33.5
(92.3)
32.6
(90.7)
31.1
(88)
31.4
(88.5)
31.6
(88.9)
32.4
(90.3)
34.4
(93.9)
33.4
(92.1)
34.4
(93.9)
සාමාන්‍ය ඉහළම උෂ්ණත්වය °C (°F)29.9
(85.8)
30.5
(86.9)
31.1
(88)
31.5
(88.7)
30.7
(87.3)
29.2
(84.6)
28.4
(83.1)
28.6
(83.5)
29.2
(84.6)
29.9
(85.8)
30.2
(86.4)
30.2
(86.4)
30.0
(86)
දෙෙනික සාමාන්‍ය උෂ්ණත්වය °C (°F)26.9
(80.4)
27.5
(81.5)
27.9
(82.2)
28.1
(82.6)
27.9
(82.2)
26.8
(80.2)
26.0
(78.8)
26.1
(79)
26.5
(79.7)
26.9
(80.4)
27.0
(80.6)
27.0
(80.6)
27.1
(80.8)
සාමාන්‍ය අවම උෂ්ණත්වය °C (°F)24.3
(75.7)
24.9
(76.8)
25.1
(77.2)
25.3
(77.5)
25.6
(78.1)
24.8
(76.6)
24.1
(75.4)
24.1
(75.4)
24.4
(75.9)
24.6
(76.3)
24.3
(75.7)
24.2
(75.6)
24.6
(76.3)
වාර්තාගත අවම උෂ්ණත්වය °C (°F)24.1
(75.4)
21.1
(70)
22.1
(71.8)
22.3
(72.1)
21.6
(70.9)
20.9
(69.6)
20.4
(68.7)
19.6
(67.3)
20.2
(68.4)
20.5
(68.9)
21.5
(70.7)
20.0
(68)
19.6
(67.3)
වර්ෂාපතනය mm (inches)401.3
(15.799)
270.2
(10.638)
195.5
(7.697)
188.1
(7.406)
146.0
(5.748)
102.9
(4.051)
80.3
(3.161)
114.2
(4.496)
150.0
(5.906)
192.8
(7.591)
205.0
(8.071)
303.2
(11.937)
2,349.5
(92.5)
% ආර්ද්‍රතාවය83808080797980797979808280
මාසික මධ්‍යයන සූර්යපැය ගණන155.0175.2213.9231.0254.2225.0232.5232.5219.0226.3204.0176.72,545.3
දෙෙනික මධ්‍යයන සූර්යපැය ගණන5.06.26.97.78.27.57.57.57.37.36.85.76.97
මූලාශ්‍ර: Seychelles National Meteorological Services[11][12][13][14][15][16][17][18][19][20][21][22]

මේකත් බලන්නැ

  • හෝමාවීල දූව, සෙචිලිස්

යොමු කැරුම්

බැහැරි ඈඳි

  • විකිචාරිකා තුළ Victoria, Seychelles සංචාරක මාර්ගෝපදේශනය

සැකිල්ල:List of African capitals

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි