වෙනිසියුලාව

වෙනිසියුලාව (ඉංග්‍රීසි:  Venezuela) නිල වශයෙන් වෙනිසියුලා බොල්වියන් සමුහාණ්ඩුව වශයෙන් හඳුන්වන අතර දකුණු ඇමරිකාවේ උතුරු වෙරළේ පිහිටි නිවර්තන කලාපීය රටකි. එය මහද්වීපික ප්‍රධාන භුමියක් වන අතර කැරබියානු මුහුදු වෙරළ තීරයේ වෙනිසියුලාවට අයත් දුපත් රැසක් ඇත. 1821 නිදහස ලද වෙනිසියුලාව ස්පාඤ්ඤයේ යටත් විජිතයක් ලෙස පැවතිණි. මෙය පෙර පැවති ස්පාඤ්ඤ කොළනියකි. එය මායිම් වන්නේ නැගෙනහිරින් ගයානා, දකුණින් බ්‍රසීලය, බටහිරින් කොලොම්බියාව, වෙනුසියුලාවේ වෙරළ තීරයෙන් එපිට උතුරට වන්නට ට්‍රිනිඩෑඩ්, ටොබෑගෝ, ග්‍රැනඩා, ශාන්ත ලුසියා, බාබඩෝස්, කුරකාවෝ, බොනයිරේ, අරූබා, ශාන්ත වින්සන්ට් හා ග්‍රැනඩයින් හා ලීවඩ්ටය. වර්ග කි.මි. 916,445 ක් වන අතර ජනගහනය 26,414,816 කි. මෙහි අගනුවර වන්නේ කරකස්ය. වෙනිසියුලාවේ ජාතික ධජයේ වර්ණ වන්නේ කහ, නිල් හා රතුය. කහ පාටින් භූමිය, නිල් පාටින් මුහුද හා අහසත්, රතු වර්ණයෙන් නිදහස වෙනුවෙන් ජිවිත පුජා කල වීරයන්ද පිළිඹිඹු කරයි. වෙනිසියුලාවට දේශසීමා පිළිබඳ ගයානාව සමඟ ආරවුල් ඇත. 1895 ඉසෙතුයි‍බෝ ගඟ පිළිබඳ පැවැති මතභේද පුළුල් වු අතර එය මධ්‍යස්ථ කමිටුවකට (සාමාජිකයන් ලෙස එක්සත් රාජධානිය, ඇමරිකාව සහ රුසියාව) යොමු වු අතර 1899 දී වෙනිසියුලාවේ ඉල්ලීමට විරුද්ධව තීරණයකට එළඹීය. වෙනිසියුලාවේ වඩා ප්‍රචලිත වන්නේ එහි ඇති පෙට්රෝලියම් කර්මාන්තය, පාරිසරික විවිධත්වය සහ එහි ඇති ස්වභාවික ලක්ෂණයන්ටය. ලොව ජෛව විවිධත්වය අතින් 17 වන ස්ථානය හිමි වන්නේ වෙනිසියුලාවටයි. ලතින් ඇමරිකාව තුල ඇති බොහෝ නාගරීකරණය වු රටවල් අතරින් වෙනිසියුලාව එකකි. විශාල වශයෙන් ජනතාව උතුරු ප්‍රදේශයේ නගරවල ජිවත් වන අතර විශේෂයෙන් අගනුවර හා විශාලතම නගරය වන්නේ කරකස් ය. අනෙකුත් නගර වන්නේ මරනයිබෝ, වැලෙන්ඩයා, මරතේ, බාර්කියුසිමෙටො, මෙරිඩා, මෙරීඩා, බාසිලෝනා, පෙට්ටෝ කෲස්, සහ සියුඩෑඩ් ගයනාය.

tiny globe
                කොඩිය
ආදර්ශ පාඨය දෙවියන් සහ සමූහාණ්ඩුව
ජාතික ගීය Gloria al Bravo Pueblo  (Spanish) Glory to the Brave People
ගොනුව:250px-Venezuela (orthographic projection).svg.png
අගනුවර කරකස්, උතුරු අක්ෂාංශ 10 30' බටහිර දේෂාංශ 66 58'
රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤ
ජාතික භාෂාව ස්පාඤ්ඤ
ජන වර්ග 67% මෙස්ටිසෝ, 21% වයිට්, 1% ඇමරිකානු, ඉන්දියන්, වෙනත් 9% (ඇෆ්රිකානු,
අරාබි, ආසියානු)
රජය ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව
ජනාධිපති ප්‍රාගෝ චැගස් ෆ්‍රියස්
නියෝජ්‍ය ජනාධිපති ඒ ලියස් ජයුආ
නිදහස ස්පාඤ්ඤයේ සිට 05 ජුලි 1811
පිළිගැනීම 30 මාර්තු 1845
                 වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 916 445 වර්ග සැතපුම් 353 841
ජලය (%) 0.32%
                 ජනගහනය
ජුලි 2009 තක්සේරුව 26 814 843
2001 ඝනත්වය වර්ග කිලෝමීටර 30.2 වර්ග සැතපුම් 77
දළ ජාතික නිෂ්පාදිතය (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 359.210
සාමාන්‍ය ඩොලර් 12 806
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 319.443
සාමාන්‍ය ඩොලර් 11 388
ගිනි (2007) 42.2 (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.844 (ඉහළ)
මුදල් බොලිවර් ෆියු‍ට්
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .ve
දුරකථන සංකේත +58

ආශ්‍රිත

  • Index of Venezuela-related articles
  • Outline of Venezuela
  • Crime in Venezuela
  • Operation Gideon (2020)

සටහන්

මූලාශ්‍ර

භාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=වෙනිසියුලාව&oldid=648379" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි