101955 බෙන්නු

ග්‍රහක

101955 බෙන්නු (යාවකාලීන නිල නාමය 1999 RQ36)[8] යනු, 1999 සැප්තැම්බර් 11 දිනදී ලීනියර් ව්‍යපෘතිය විසින් සොයා ගන්නා ලද ඇපලෝ සමූහයට අයත් අංගාරමය ක්ෂුද්‍ර ග්‍රහලෝකයකි. එය විභව්‍ය ලෙසින් අන්තරායකර වස්තුවක් ලෙසින් සෙන්ට්‍රි අන්තරාය වගුව තුල ලැයිස්තුගත කොට ඇති අතර පැලෑර්මෝ තාක්ෂණික ඝට්ටන අන්තරාය පරිමාණය තුල දෙවන-උච්චතම සමුච්චිත ප‍්‍රමාණනය දරයි.[9] 2175 වසර සහ 2199 වසර අතරතුර කාලය තුලදී පෘථිවිය හා ගැටීමට එය වෙත 1 ට 2,700 ප්‍රමාණයක සම්භාවතාවයක් පවතියි.[10][11] සූර්යයා, මැවීම සහ යළි-උපත පිළිබඳව පුරාතන ඊජිප්තියානු මිථ්‍යා පක්ෂියා වූ බෙන්නු අනුව යමින් එය නම් කර ඇත.

101955 බෙන්නු
කිමී 24 ක පරාසයක සිට ඔසයිරිස්-රෙක්ස් විසින් 2018 දෙසැම්බර් 2 දිනදී ලබාගත් 12 පොලිකැම් රූප වෙතින් සමන්විත බෙන්නු ක්ෂුද්‍ර ග්‍රහයාගේ බහුරූපි රූපයක්.
සොයාගැනීම[1] සහ නිලනාමය
සොයාගත් තැනැත්තේලීනියර්
සොයාගත් ස්ථානයලින්කන් පර්යේෂණාගාරයෙහි පර්යේෂණාත්මක අත්හදාබැලීම් අඩවිය
සොයාගත් දිනය11 සැප්තැම්බර් 1999
නිලනාමයන්
ශබ්දනැගීම/ˈbɛn/[2]
නම් කෙරුණේබෙන්නු
විකල්ප නම්1999 RQ36
සුළු ග්‍රහ වර්ගයඇපලෝ · NEO · PHA · අන්තරාය ලැයිස්තුගත කොට ඇත
කක්ෂීය ලක්ෂණ[1]
කාලාරම්භය 31 ජූලි 2016 (ජූදි 2457600.5)
විහේලිකය1.3559 au (202.84 Gm)
අපහේලිකය0.89689 au (134.173 Gm)
අඩ-මහා අක්ෂය1.1264 au (168.51 Gm)
උත්කේන්ද්‍රියතාවය0.20375
කක්ෂීය කාලාවර්තය1.20 වසර (436.65 දින)
සාමාන්‍යය කක්ෂීය වේගය28.0 km/s (63,000 mph)
මධ්‍යන්‍යය විෂමතාවය101.7039°
ආනතිය6.0349°
ආරෝහණ මංසලෙහි දේශාංශකය2.0609°
පරිතාරාන්තිකයේ විස්තාරය66.2231°
නියමානුකූල කක්ෂීය ලක්ෂණ[3]
නියමානුකූල උත්කේන්ද්‍රියතාවය0.21145
නියමානුකූල ආනතිය5.0415°
නියමානුකූල මධ්‍යන්‍ය චලනය301.1345 අංශක / වසර
නියමානුකූල කක්ෂීය කාලාවර්තය1.19548 වසර
(436.649 දි)
භෞතික ගුණාංග
මාන565 m × 535 m × 508 m[1]
මධ්‍යන්‍යය අරය245.03±0.08 m
සමක අරය282.37±0.06 m
ධ්‍රැවීය අරය249.25±0.06 m
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය0.782±0.004 km2
පරිමාව0.0615±0.0001 km3
ස්කන්ධය(7.329±0.009)×1010 kg
මධ්‍යන්‍යය ඝණත්වය1.190±0.013 g/cm3
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය6.27 ක්ෂුද්‍ර-g[4]
භ්‍රමණ කාලාවර්තය4.296057±0.000002 h
ආක්ෂක ආනතිය177.6±0.11°
උත්තර ධ්‍රැවය විෂුවදංශය+85.65±0.12°
උත්තර ධ්‍රැවය ක්‍රාන්තිය−60.17±0.09°
ජ්‍යාමතික ප්‍රභානුපාතය0.044±0.002
පෘෂ්ඨීය උෂ්ණත්වයඅවමමධ්‍යන්‍යයඋපරිම
කෙල්වින්[7]236259279
ෆැරන්හයිට්-34.66.842.8
වර්ණාවලී වර්ගයB[1][5]
F[6]
නිරපේක්ෂ විශාලත්වය (H)20.9

101955 බෙන්නු වෙත 490 m (1,610 ft; 0.30 mi) ප්‍රමාණයක මධ්‍යන්‍ය විෂ්කම්භයක් සතුවූ අතර අරිසිබෝ නිරීක්ෂණාගාරයෙහි ග්‍රහලෝක රේඩාරය සහ ගෝල්ඩ්ස්ටෝන් අත්‍යන්ත අභ්‍යාවකාශ ජාලය විසින් පුළුල් ලෙසින් නිරීක්ෂණය කර ඇත.[5][12][13]

ඔසයිරිස්-රෙක්ස් මෙහෙවරෙහි ඉලක්කය වන්නේ බෙන්නු වන අතර තවදුරටත් අධ්‍යයනය සඳහා 2023 වසරෙහිදී පෘථිවිය වෙත එහි නියැදි ප්‍රත්‍යාගමනය කිරීම මෙහෙවරෙහි අභිලාෂය වෙයි.[14] [15] [16] වසර දෙකක දිගු ප්‍රයාණයකින් අනුතුරුව 2018 දෙසැම්බර් 3 දිනදී ඔසයිරස්-රෙක්ස් අභ්‍යාවකාශ යනය බෙන්නු වෙත ලඟාවිය.[17] ක්ෂුද්‍ර ග්‍රහලෝකය වටා කක්ෂගතවූ එය විසින් බෙන්නුගේ පෘෂ්ඨයෙහි විස්තර ප්‍රමාණනය කල අතර විභවීය නියැදි රැස්කිරීම් අඩවි අන්වේෂණය කෙරිණි. කක්ෂ විශ්ලේෂණය වෙතින් බෙන්නුගේ ස්කන්ධය සහ එහි ව්‍යාප්තිය ගණනය කිරීම හැකිවිය. [18]

2019 ජූනි 18 දිනදී, නාසා ආයතනය විසින් නිවේදනය කෙරුණේ ඔසයිරිස්-රෙක්ස් අභ්‍යාවකාශ යානය විසින් බෙන්නුගේ පෘෂ්ඨය වෙත තවදුරටත් ලඟාවීමට හැකිවූ අතර 600 මීටර (2,000 ft) ප්‍රමාණයක දුරක සිට රූපයක් ලබාගැනීමට හැකිවූ බවයි.[19]

නියැදියක් එකතු කර ගැනීමෙහි අභිලාෂය සහිතව දිග හැරිය හැකි හස්තයක් උපකාරයෙන් බෙන්නු වෙත සාර්ථක ලෙසින ගොඩ බැසීමට 2020 ඔක්තොම්බර් 20 දිනදී ඔසයිරිස්-රෙක්ස් හට හැකිවිය.[20]

සොයාගැනීම සහ නිරික්ෂණය

බෙන්නුගේ භ්‍රමණය දක්වන ගෝල්ඩ්ස්ටෝන් රේඩාර් රූප පෙළක්.

1999 සැප්තැම්බර් 11 දිනදී ලින්කන් සමීප-පෘථිවි ක්ෂුද්‍ර ග්‍රහලෝක පර්යේෂණය (ලීනියර්) විසින් සිදු කල පෘථිවි-සමීප ක්ෂුද්‍ර ග්‍රහලෝක සමීක්ෂණයක් අතරතුර බෙන්නු සොයාගන්නා ලදි.[21] යාවකාලීන නිල නාමය ලෙසින් 1999 RQ36 යන්න ක්ෂුද්‍ර ග්‍රහලෝකය වෙත ලබා දෙන ලද අතර, පෘථිවි-සමීප ක්ෂුද්‍ර ග්‍රහලෝකයක් ලෙසින් වර්ගීකරණය කරන ලදි. 1999 සැප්තැම්බර් 23 දිනදී පෘථිවිය වෙත බෙන්නු සමීප ලෙස පැමිණි විට රේඩාර් රූප ගැනීම භාවිතයෙන් අරිසිබෝ නිරීක්ෂණාගාරය සහ ගෝල්ඩ්ස්ටෝන් අත්‍යන්ත අභ්‍යාවකාශ ජාලය විසින් බෙන්නු සවිස්තර ලෙසින් නිරික්ෂණය කරන ලදි.[22][12]

නම් තැබීම

2012 වසරෙහිදී ඇරිසෝනා විශ්වවිද්‍යාලයය, ද ප්ලැනටරි සොසයිටි, සහ ලීනියර් ව්‍යාපෘතිය විසින් පැවැත්වුනු "නේම් දැට් ඇස්ට්‍රොයිඩ්!" තරගයට සහභාගී වූ ලොව පුරා රටවල් දුසිමකට පමණ අයත් අට දහසකට වැඩි ශිෂ්‍ය තරගකරුවන්ගේ ඉදිරිපත් කිරීම් අතරින් බෙන්නු යන නම තෝරා ගන්නා ලදි.[1][8] නෝර්ත් කැරොලිනා වෙතින් ඉදිරිපත්වූ තෙවන ශ්‍රේණියෙහි ශිෂ්‍ය මයිකල් පුසියෝ විසින් ඊජිප්තියානු මිථ්‍යාමත පක්ෂියෙක් වූ බෙන්නු ආශ්‍රයෙන් යෝජිත නම යෝජනා කරන ලදි. ටීඒජීඑස්ඒඑම් රොබෝ හස්තය දිගු කර ගත් ඔසයිරිස්-රෙක්ස් අභ්‍යාවකාශ යානය, කොකෙකු ලෙසින්ද හැඳින්වෙන ඊජිප්තියානු දෙවියා ගේ හැඩරුව ගත් බවක් පුසියෝ දුටුවෙිය.[1]

ක්ෂුද්‍ර ග්‍රහයාගේ සියළු ගුණාංග නම් කරනු ලබනු ඇත්තේ මිථ්‍යා කථාවන්හී එන පක්ෂීන් සහ පක්ෂීන් වැනි සතුන්ගේ නම් අනුව යමිනි.[23]

ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=101955_බෙන්නු&oldid=460300" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි