නියැන්ඩර්තාල්

නියැන්ඩර්තාල් [4] යනු, හෝමෝ ගණයට අයත් නෂ්ට මානව විශේෂයක් වන අතර, බොහෝ විට හෝමෝ සේපියන්ස් හී උපවිශේෂයක් විය හැක. [5] නූතන මානවයන්ට ඉතා කිට්ටු බන්ධුතාවයක් දක්වන ඔවුහූ,[6][7] ඩීඑන්ඒ අතින් වෙනස් වන්නේ 0.12% කින් පමණි.[8] නියැන්ඩර්තාල් විසින් ඉතිරි කර ගිය නෂ්ටාවශේෂ අතර අස්ථිමය සහ පාෂාණමය මෙවලම් ඇති අතර, ඒවා හමුවීඇත්තේ යුරේසියාව, බටහිර යුරෝපය සිට මධ්‍යම සහ උතුරු ආසියාව අතර ප්‍රදේශය යන පළාත් වලිනි. මෙම ජීවි විශේෂය නම් කර ඇත්තේ, ඔවුන් මුලින්ම සොයාගත්, ජර්මනියේ පිහිටි නියැන්ඩර්ටල් ("නියැන්ඩර් නිම්නය") නම් ස්ථානය අනුව යමිනි.

Neanderthal
කාලීන ව්‍යාප්තිය: මධ්‍ය ප්ලෙස්ටොසීන සිට පශ්ච ප්ලෙස්ටොසීන0.43/0.25–0.04 Ma
පසුකාලීන නියැන්ඩර්තාල් හිස්කබලක්
(La Chapelle-aux-Saints 1)
නියැන්ඩර්තාල් ඇටසැකිල්ලක දළ යළිතැනුමක්. මධ්‍ය central rib cage, including the sternum, and parts of the pelvis are from modern humans.
විද්‍යාත්මක වර්ගීකරණය edit
Unrecognized taxon (fix):Homo
විශේෂය:H. neanderthalensis
ද්වීපද නාමය
Homo neanderthalensis
කිං, 1864
Known Neanderthal range in Europe (blue), Southwest Asia (orange), Uzbekistan (green), and the Altai Mountains (violet).
පර්යාය නාම(ය)

Homo stupidus (Haeckel 1866)[1]
Homo mousteriensis (Klaatsch 1909)[2]
Palaeoanthropus neanderthalensis[3]

සාමාන්‍යයෙන් පාෂාණිධාතු විද්‍යාඥයින් විසින් නියැන්ඩර්තාල්වරුන් හඳුන්වන්නේ හෝමෝ නියැන්ඩර්තාලෙන්සිස් නම් විශේෂය ලෙසින් වුවද, සුළුතරයක් විසින් සලකනු ලබන්නේ, ඔවුන් හෝමෝ සේපියන්ස් වරුන්ගේ උපවිශේෂයක් ලෙසින් (හෝමෝ සේපියන්ස් නියැන්ඩර්තාලෙන්සිස්) බවයි. [9] පූර්ව-නියන්ඩර්තැල් ලක්ෂණ සහිත පළමු මානවයන් යුරේසියාවේ ජීවත්වූයේ 600,000–350,000 වසර ගණනකට පෙර තරම් ඈත අතීතයේ බව විශ්වාස කෙරෙන අතර [10] පළමු "සත්‍ය නියැන්ඩර්කාල්වරුන්" බිහිවීඇත්තේ 200,000 සහ 250,000 අතර වසර ගණනකට පෙරය.[11]



ආශ්‍රිත

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=නියැන්ඩර්තාල්&oldid=440590" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි