මිහිකත රූ රැජිණ

මිහිකත රූ රැජිණ යනු පාරිසරික දැනුවත්භාවය ඇතිකිරීම අරමුණු කර ගනිමින්[1][2] වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. විශ්ව රූ රැජිණ, ජාත්‍යන්තර රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරඟ හැරුණු විට, ලෝකයේ පවත්වන අනෙක් දැවැන්තම රූ රැජිණ තරඟය වන්නේ මිහිකත රූ රැජිණ තරඟයයි.[3][4][5]

මිහිකත රූ රැජිණ
Miss Earth
මිහිකත රූ රැජිණ ලාංඡනය.
ආදර්ශ පාඨයඅභිප්‍රායක් වෙනුවෙන් සුන්දරත්වය
(Beauties for a Cause)
සංස්ථාපනය2001
වර්ගයරූ රැජිණ තරඟයකි.
මූලස්ථානයමැනිලා,  පිලිපීනය
නිල භාෂා
ඉංග්‍රීසි
President
Ramon Monzon
Key people
Lorraine Schuck
වෙබ් අඩවියOfficial website

මිහිකත රූ රැජිණ ධූරය හිමි කර ගන්නා යුවතිය වසරක කාලයක්, පාරිසරික සහ අනෙකුත් ගෝලීය කරුණු කෙරේ අවධානය යොමු කරමින් විවිධ ව්‍යාපෘති සඳහා දායක විය යුතු වෙයි.[6][7]

මිස් එර්ත් පදනමේ සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) කථානායක ධූරය හිමිවන්නේද එම වසරේ මිහිකත රූ රැජිණ හටයි.[8]


ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 5 න් එකක් ලෙසද මිහිකත රූ රැජිණ තරඟය නම් දරයි.[9]

ඉතිහාසය

මිහිකත රූ රැජිණ 2007 තරඟය

පරිසරය සංරක්ෂණය අවධාරණය කිරීමේ අරමුණින් 2001 වසරේදී, Carousel Productions ආයතනය මිහිකත රූ රැජිණ නමින් තරඟය සංවිධානය කරන ලදී.[10][11]

මිහිකත රූ රැජිණ ප්‍රකාශනය

පොදු පාරිසරික අරමුණු ක්‍රියාවට නැංවීම පදනම් කර ගනිමින්, 2011 වර්ෂයේදී මිහිකත රූ රැජිණ ප්‍රකාශනය නමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එලි දැක්විනි.[12]

තනතුරු

තරඟයේ ජයග්‍රාහිකාවට මිහිකත රූ රැජිණ ධූරය හිමිවන අතර, සිව්වන ස්ථානයට Miss Fire තනතුරත්, තෙවන ස්ථානයට Miss Water තනතුරත්, දෙවන ස්ථානයට Miss Air තනතුරත්[13] හිමිවේ. ජයග්‍රාහිකාව හැරුණු විට අනු ස්ථාන ලබාගත් කුමරියන්ටද තනතුරු නාමයන් පිරිනමන්නේ මිහිකත රූ රැජිණ තරඟයේ පමණි.[14][15]

මෑත කාලීන ජයග්‍රාහිකාවන්

වසරරටමිහිකත රූ රැජිණජාතික ජයග්‍රහණයස්ථානයතරඟකාරියන් සංඛ්‍යාව
2014  පිලිපීනයJamie HerrellMiss Philippines EarthQuezon City, පිලිපීනය85
2013  වෙනිසියුලාවAlyz HenrichMiss Earth VenezuelaMuntinlupa City, පිලිපීනය88
2012  චෙක් ජනරජයTereza FajksováČeská Miss EarthMuntinlupa City, පිලිපීනය80
2011  ඉක්වදෝරයOlga ÁlavaMiss Ecuador TierraQuezon City, පිලිපීනය[16]84
2010  ඉන්දියාවNicole FariaFemina Miss IndiaNha Trang, වියට්නාමය84
2009  බ්‍රසීලයLarissa Ramos[17]Miss Terra BrasilBoracay, පිලිපීනය80
2008  පිලිපීනයKarla HenryMiss Philippines EarthAngeles City, පිලිපීනය85
2007  කැනඩාවJessica TriskoMiss Earth CanadaQuezon City, පිලිපීනය88
2006  චිලිHil HernándezMiss Earth Chileමැනිලා, පිලිපීනය82
2005  වෙනිසියුලාවAlexandra BraunMiss Earth VenezuelaQuezon City, පිලිපීනය80
2004  බ්‍රසීලයPriscilla MeirellesBeleza BrasilQuezon City, පිලිපීනය61

ගැලරිය

එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව

රටවාර සංඛ්‍යාවජයගත් වසර
 වෙනිසියුලාව22005, 2013
 පිලිපීනය2008, 2014
 බ්‍රසීලය2004, 2009
 චෙක් ජනරජය12012
 ඉක්වදෝරය2011
 ඉන්දියාව2010
 කැනඩාව2007
 චිලි2006
 හොන්ඩියුරාස්2003
 කෙන්යාව2002
 ඩෙන්මාර්කය2001

හොඳම තරඟකාරී රටවල් 10

ස්ථානයරටමිහිකත රූ රැජිණMiss Air (දෙවන ස්ථානය)Miss Water (තෙවන ස්ථානය)Miss Fire (සිව්වන ස්ථානය)අවසන් වටයටඑකතුව
1  බ්‍රසීලය230207
2  වෙනිසියුලාව203229
3  පිලිපීනය2220612
4  ඉන්දියාව120036
5  ඉක්වදෝරය110013
6  චෙක් ජනරජය100056
7  බොස්නියා සහ හර්සෙගොවිනා1 (නෙරපන ලදී)00034
7  චිලි100034
9  හොන්ඩියුරාස්100012
10  කැනඩාව100001
10  ඩෙන්මාර්කය100001
10  කෙන්යාව100001

එක් එක් කලාප වල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව

2013 වන විට මිහිකත රූ රැජිණන් බිහිවූ රටවල්.
කලාපයවාර සංඛ්‍යාවරට
ඇමෙරිකාව
8
බ්‍රසීලය සහ වෙනිසුවෙලාව (2), කැනඩාව, චිලී, ඉක්වදෝරය සහ හොන්ඩුරාස් (1)
යුරෝපය
3
චෙක් ජනරජය, බොස්නියා/හර්සෙගොවිනා* සහ ඩෙන්මාර්කය (1)
ආසියාව සහ පැසිපික්
3
ඉන්දියාව සහ පිලිපීනය (2)
අප්‍රිකාව
1
කෙන්යාව

* *2002 දී, මිහිකත රූ රැජිණ වූ බොස්නියා සහ හර්සෙගොවිනාවේ Džejla Glavović ව තනතුරින් පහකල අතර එම ධූරය, තරඟයේ දෙවන ස්ථානය ලත් කෙන්යාවේ Winfred Adah Omwakwe ට හිමිවිය.

විශේෂ කරුණු

  •  වෙනිසියුලාව= නාන ඇඳුම් තරඟයේ වැඩිම ජයග්‍රහණ.:
    • 2005: Alexandra Braun.
    • 2006: Marianne Puglia.
    • 2007: Silvana Santaella.
  •  වෙනිසියුලාව= දිගම ගවුම් තරඟයේ වැඩිම ජයග්‍රහණ.:
    • 2007: Silvana Santaella.
    • 2008: Daniela Torrelba.
    • 2013: Alyz Henrich.
  •  පිලිපීනය= ඡායාකාන්ත (Photogenic) තරඟයේ වැඩිම ජයග්‍රහණ.:
    • 2002: April Rose Perez.
    • 2007: Jeanne Angeles Harn.
    • 2008: Karla Henry.
  • මිහිකත රූ රැජිණන් දෙදෙනෙක් ඡායාකාන්ත (Photogenic) තරඟයේ ජයග්‍රහණය ලබා තිබේ:


මූලාශ්‍ර: [18]

මේවාද බලන්න

මූලාශ්‍ර

භාහිර සබැදි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=මිහිකත_රූ_රැජිණ&oldid=595005" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි