විශ්ව රූ රැජිණ

විශ්ව රූ රැජිණ යනු විශ්ව රූ රැජිණ සංවිධානය (Miss Universe Organization) විසින් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. ජාත්‍යන්තර රූ රැජිණ, මහා ජාත්‍යන්තර රූ රැජිණ, මිහිකත රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරඟ හැරුණු විට, ලෝකයේ පවත්වන අනෙක් දැවැන්තම රූ රැජිණ තරඟය වන්නේ විශ්ව රූ රැජිණ තරඟයයි. ඊට සහභාගී වන්නේ එක් එක් රටවල ජාතික මට්ටම් නියෝජනය කල තරඟකාරියන් වෙයි.[1][2][3]

විශ්ව රූ රැජිණ
Miss Universe
විශ්ව රූ රැජිණ ලාංඡනය.
ආදර්ශ පාඨයනිසැකවම සුන්දරයි
(Confidently Beautiful)
සංස්ථාපනය1952
වර්ගයරූ රැජිණ තරඟයකි.
මූලස්ථානයනිව්යෝර්ක්
 ඇමරිකානු එක්සත් ජනපද
නිල භාෂා
ඉංග්‍රීසි
President
Paula Shugart
Key people
Charles Bluhdorn
වෙබ් අඩවියwww.missuniverse.com

1952 දී කැලිෆෝනියානු රෙදි සමාගමක් වූ පැසිෆික් මිල් (Pacific Mills) විසින් ඇරඹූ මෙම තරඟය පසුව Kayser-Roth, සහ ඉන්පසුව Gulf+Western සමාගම් වල කොටසක් විය. 1996 වර්ෂයේදී Donald Trump විසින් තරඟයේ හිමිකාරීත්වය ලබා ගන්නා ලදී.[4][5]

තරඟය විකාශනය කරන්නේ අමෙරිකානු NBC-TV නාලිකාව ඔස්සේ වන අතර, ඊට සමගාමී විකාශයක් ස්පාඤ්ඤයේ Telemundo නාලිකාව සිදු කරයි. මීට අමතරව Xbox Live විසින් අන්තර්ජාල විකාශනය සිදු කරයි.

වර්ථමාන විශ්ව රූ රැජිණ තරඟයේ නිල ලාංඡණය වන "තරු පිරිවරා සිටින කාන්තාවකගේ රුව", හඳුන්වා දුන්නේ 1998 වසරේදීයී. ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 5 න් එකක් ලෙසද විශ්ව රූ රැජිණ තරඟය නම් දරයි.[6]

ඉතිහාසය

1951 අමෙරිකා රූ රැජිණ (Miss America) වූ Yolande Betbeze, එම තරඟයේදී, අනුග්‍රාහක පැසිෆික් මිල් (Pacific Mills) සමාගමේ නිශ්පාදන නාමයක් වූ Catalina Swimwear යටතේ පැවති නාන ඇඳුම් තරඟයට පෙනී සිටීම ප්‍රතික්ෂේප කරන ලදී. මේ නිසා මිස් අමෙරිකා වෙතින් ඉවත් වූ පැසිෆික් මිල් සමාගම 1952 දී Miss USA සහ විශ්ව රූ රැජිණ (Miss Universe contests) නමින් නව තරඟයක් කැලිෆෝනියාවේ, ලෝන්ග් බීච් හී පැවැත්වූ අතර එය වර්ථමාන විශ්ව රූ රැජිණ තරඟයේ ආරම්භය ලෙස සැලකේ.

1998 වසරේදී, කැලිෆෝනියාවේ පිහිටුවා තුබූ විශ්ව රූ රැජිණ ප්‍රධාන මූලස්ථානය වෙනස්කොට එය නිව්යෝර්ක් නගරය වෙතට ගෙන යන ලදී.

කිරුළ

2002–2007 අතර කාලය තුල භාවිතා කල කිරුළ නිර්මාණය කලේ, විශ්ව රූ රැජිණ සංවිධානයේ නිල ආභරණ අනුග්‍රාහක වූ Mikimoto විසිනි. කිරුළ සතුව කැරට් 30 ක (ග්රෑම් 6)දියමන්ති 500 ක්, සවුත් සී සහ අකෝයා මුතු 120 ක් පවතී. කිරුළේ වටිනාකම අමෙරිකා ඩොලර් 250,000 ක් පමණ වෙයි.[7]

2009 යේ පටන් භාවිතා වන්නේ, ඩයමන්ඩ් නෙක්සස් ලැබ්ස් (Diamond Nexus Labs) විසින් නිර්මාණය කල කිරුළකි. එහි කැරට් 416.09 ක් (ග්රෑම් 83.218) වටිනා මැණික් ගල් 1,371 ඔබ්බවා තිබෙන අතර, කැරට් 14 හා කැරට් 18 සුදු රන් සහ ප්ලැටිනම් පූරකයක් පවතියි.[8][9]

මෑත කාලීන ජයග්‍රාහිකාවන්

වසර 2018රට philippinesවිශ්ව රූ රැජිණ catriona grayජාතික ජයග්‍රහණයස්ථානය තායිලන්තයතරඟකාරියන් සංඛ්‍යාව 94
2018philippinescatriona grayබැංකොක්, තායිලන්තයතායිලන්තය

94

2017south africademi lee nel petersusa92
2016
2015
2014  කොලොම්බියාවPaulina Vegaකොලොම්බියාව රූ රැජිණDoral, එක්සත් ජනපදය88
2013  වෙනිසියුලාවMaría Gabriela Islerවෙනිසියුලා රූ රැජිණමොස්කව්, රුසියාව86
2012  ඇමරිකානු එක්සත් ජනපදOlivia Culpoඇමරිකානු එක්සත් ජනපද රූ රැජිණලාස් වේගාස්, එක්සත් ජනපදය89
2011  ඇන්ගෝලාවLeila Lopesඇන්ගෝලා රූ රැජිණSão Paulo, බ්‍රසීලය89
2010  මෙක්සිකෝවXimena NavarreteNuestra Belleza Méxicoලාස් වේගාස්, එක්සත් ජනපදය83
2009  වෙනිසියුලාවStefanía Fernándezවෙනිසියුලා රූ රැජිණNassau, බහමාස්83
2008  වෙනිසියුලාවDayana Mendozaවෙනිසියුලා රූ රැජිණNha Trang, වියට්නාමය81
2007  ජපානයRiyo Moriමෙක්සිකෝ රූ රැජිණමෙක්සිකෝ සිටි, මෙක්සිකෝව77
2006  පුවටෝ රිකෝZuleyka Riveraපුවටෝ රිකෝ රූ රැජිණලොස් ඇන්ජලිස්, එක්සත් ජනපදය86
2005  කැනඩාවNatalie Glebovaකැනඩා විශ්ව රූ රැජිණබැංකොක්, තායිලන්තය81

ගැලරිය

එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව

රටවාර සංඛ්‍යාවජයගත් වසර
 ඇමරිකානු එක්සත් ජනපද81954, 1956, 1960, 1967, 1980, 1995, 1997, 2012
 වෙනිසියුලාව71979, 1981, 1986, 1996, 2008, 2009, 2013
 පුවටෝ රිකෝ51970, 1985, 1993, 2001, 2006
 ස්වීඩනය31955, 1966, 1984
 මෙක්සිකෝව21991, 2010
 කොලොම්බියාව1958, 2014
 ජපානය1959, 2007
 කැනඩාව1982, 2005
 ඕස්ට්‍රේලියාව1972, 2004
 ඉන්දියාව1994, 2000
 ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ1977, 1998
 තායිලන්තය1965, 1988
 ෆින්ලන්තය1952, 1975
 පිලිපීනය1969, 1973
 බ්‍රසීලය1963, 1968
 ඇන්ගෝලාව12011
 ඩොමිනිකන් ජනරජය2003
 පැනමාව2002
 රුසියාව2002 (තනතුරින් ඉවත් කරන ලදී)
 බොට්ස්වානා1999
 නැමිබියාව1992
 නෝර්වේ1990
නෙදර්ලන්තය1989
 චිලි1987
 නවසීලන්තය1983
 දකුණු අප්‍රිකාව1978
 ඊශ්‍රායෙලය1976
 ස්පාඤ්ඤය1974
 ලෙබනනය1971
 ග්‍රීසිය1964
 ආර්ජන්ටිනාව1962
 ජර්මනිය1961
 පෙරූ1957
 ප්‍රංශය1953

මූලාශ්‍ර:[10][11]

හොඳම තරඟකාරී රටවල් 15

ස්ථානයරටවිශ්ව රූ රැජිණදෙවන ස්ථානයතෙවන ස්ථානයසිව්වන ස්ථානයපස්වන ස්ථානයඅවසන් වටයටඑකතුව
1  ඇමරිකානු එක්සත් ජනපද8[12]861[13]52957
2  වෙනිසියුලාව766421439
3  පුවටෝ රිකෝ5[14]1[15]213820
4  ස්වීඩනය312341629
5  බ්‍රසීලය251251732
6  ෆින්ලන්තය23511718
7  පිලිපීනය22052718
8  ඕස්ට්‍රේලියාව2132[16]2616
9  ජපානය2[17]1[14]123918
10  ඉන්දියාව21111[18]1521
11  කැනඩාව2[15]11101116
12  මෙක්සිකෝව201221017
13  ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ2010148
14  තායිලන්තය2010047
15  කොලොම්බියාව242311930

විශේෂ කරුණු

තම මව් රට තුලදීම කිරුළ හිමිකරගත්

තරඟකාරියන් 7 දෙනෙකු සිය මව් රටදී කිරුළ හිමිකරගෙන තිබේ.

විදේශ රටකදී කිරුළ හිමිකරගත්

විදේශ රටකදී වැඩිම වාරයක් කිරුළ හිමිකරගෙන තිබෙන්නේ වෙනිසියුලාවයි. (7 වතාවක්)

 වෙනිසියුලාව

 පුවටෝ රිකෝ

 ස්වීඩනය

ප්‍රේක්ෂක මනාපය

2011 වසරේ සිට ප්‍රේක්ෂකයින් හට, සිය ප්‍රියතම තරඟකාරිය වෙනුවෙන් මනාපය ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවිය.

  • 2011:  පෘතුගාලය= Laura Gonçalves. (තරඟයේ අවසන් 10 දෙනා අතරට පැමිණියාය)
  • 2013:  පිලිපීනය= Ariella Arida. (තරඟයේ සිව්වන ස්ථානය ලැබුවාය)

වයස

උස

  • උසම විශ්ව රූ රැජිණ:
    • 2003  ඩොමිනිකන් ජනරජය= Amelia Vega. (උස 6'1"යි)
  • මිටිම විශ්ව රූ රැජිණ:

කාල පරතරය

  • එකම රටක් විසින් කිරුළ හිමි කර ගත් විශාලම කාල පරතරය:
    • 1959 - Akiko Kojima ←  ජපානය → 2007 - Riyo Mori. (වසර 47 යි, දවස් 308 යි.)
  • එකම රටක් විසින් කිරුළ හිමි කර ගත් කෙටිම කාල පරතරය:

කිරුළ හිමි කාලය

  • දිගම කිරුළ හිමි කාලය:
  • කෙටිම කිරුළ හිමි කාලය:
  • තනතුරින් පහ කල අයෙකුගේ කෙටිම කිරුළ හිමි කාලය:
  • දෙවන ස්ථානය ලබාගත් අයෙකුගේ කෙටිම කිරුළ හිමි කාලය:
    • 2002  පැනමාව= Justine Pasek මාස 8 යි, දවස් 10 යි. (2002 කිරුළ ධාරිනිය වූ Oxana Fedorova, තනතුරෙන් පහ කිරීම නිසා, දෙවන ස්ථානය ලත් Justine Pasek එම වසරේ විශ්ව රූ රැජිණ වූවාය.)
  • තනතුරින් ඉල්ලා අස්වූ අයෙකුගේ කෙටිම කිරුළ හිමි කාලය:
    • 1974  ස්පාඤ්ඤය= Amparo Muñoz -මාස 6 යි. (Muñoz ගේ තනතුර එවර තරඟයේ දෙවන ස්ථානය ලබාගත් වේල්සයේ Helen Morgan ට නොලැබුනේ, ඇය 1974 ලෝක රූ රැජිණ වීම නිසාය.)

සහභාගීත්වයන්

  • අවම සහභාගීත්වය:
    • 1953 දී අවම සහභාගීත්වය වාර්ථා වූ අතර සහභාගී වූ සංඛ්‍යාව 26 කි.
  • වැඩිම සහභාගීත්වය:
    • 2011 හා 2012 වර්ෂ වලදී වැඩිම සහභාගීත්වය වාර්ථා වූ අතර සහභාගී වූ සංඛ්‍යාව 89 කි.

මේවාද බලන්න

මූලාශ්‍ර

භාහිර සබැදි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=විශ්ව_රූ_රැජිණ&oldid=596833" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි