මීරා

ඉන්දියානු කිවිදියෝ

මීරා, සැවොම දන්නා පරිදි මීරා බායි හෙවත් මීරාබායි යනු ,[2] 16වන සියවසේ විසූ හින්දු යෝගී කිවිදියක මෙන්ම ක්‍රිෂ්ණා දෙවියන්ගේ බැතිමතියකි. ඇයව භක්තිමත්ව සෘෂිවරියක් ලෙසින් විශේෂයෙන් උතුරු ඉන්දීය හින්දු සමාජයේ පුදනු ලැබේ.[3][4]

මීරා
මීරා බායිගේ සිතුවමක්
ආගමහින්දු ආගම
පෞද්ගලික තොරතුරු
උපතක්‍රි.ව1498 [1]
කුර්කි, පාලි දිස්ත්‍රික්කය, රාජස්ථානය, ඉන්දියාව
මරණයද්වාර්කා, ගුජරාටය ක්‍රි.ව1546 [1]

මීරා බායි ඉන්දියවේ රාජස්ථානයේ, පාලි දිස්ත්‍රික්කයේ කුද්කිවල රාජ්පුත් රාජකීය පවුලක උපන්නාය. ඇයව සඳහන් කරන්නේ භක්තමල් වශයෙන් වන අතර, ක්‍රි.ව1600 පමණ කාලයේදී ඇය භක්ති සම්ප්‍රධායය පෝෂණය කළ අයෙක් ලෙස ස්ථිරකරයි. [5] සමාජය සහ පවුල් චාරිත්‍ර කෙරෙහි මීරා දැක්වූ නිර්භය සහ ඇය ලක්වු පීඩාවන් පිළිබදව බොහෝ ජනප්‍රවාදවල සඳහන් වේ.ඇය ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන් තම ආත්මය පරිත්‍යාග කළ අතර ක්‍රිෂ්ණා ඇගේ සැමියාබව ඇය පිළිගන්නා ලදි.ඇයගේ මෙම ආගමික ප්‍රතිපත්තිය හේතුවෙන් ඥාතීන් ඇයට හින්සා කරන ලදි. [1][5] ඇය අති මහත් ප්‍රමාණයක ජනකතා සහ සාන්තුවරියන්ගේ චරිතාපදාන සහ පුරාවෘතවල ප්‍රධාන මාතෘකාව විය.නමුත් මෙම කතා හා සිදුවීම් අතින් එකිනෙකට පරස්පර ස්වභාවයක් ගනී.[1][6]

ක්‍රිෂ්ණා දෙවියන් මීරා හා සම්බන්ධ කොට ඉන්දියානු සම්ප්‍රධායයයේ දහස් සංඛ්‍යාත භක්තිගීත ප්‍රමාණයක් ලියවී ඇත.නමුත් සියගණනක්වූ ස්වල්ප පිරිසක් විශ්වාස කරන්නේ ,පැරණි විද්වතුන් කාව්‍ය ද්විත්වයක් පමණක් ලියා ඇතිබවත් බොහෝ කාව්‍යයන් රචනාවී ඇත්තේ 18වනසියවසේදී බවයි. [7] බොහෝ කාව්‍යයන්හි මීරා ආරෝපණය කර ඇත්තේ වෙනත් අයෙක් පසුව ඇයගේ ගුණ වර්ණනා කරන අයුරෙනි. මෙම කාව්‍යයන් පොදුවේ හඳුන්වනු ලබන්නේ බජන්ගීත ලෙසයි.මේවා ඉන්දියාවේ අතිශයෙන් ජනප්‍රියවේ.[8] හින්දුදේවස්ථාන වන, චිත්තෝර්ගාර් බලකොටුව වැනි ස්ථාන,මීරා බායි ගේ මතකයන් සඳහා කැපකොට ඇත.නූතන කාලයේදී, චිත්‍රපට,හාස‍්‍ය උපදවන සිදුවීම් ,සහ වෙනත් ජනප්‍රිය සාහිත්‍යයන් මැය ආශ්‍රයෙන් නිර්මාණය වී තිබේ.[9]

මේවාත් බලන්න

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=මීරා&oldid=592983" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි