එරිස් (වාමන ග්‍රහලෝකය)

මෙතෙක් සොයා ගෙන ඇති විශාල ම වාමන ග්‍රහලොව

එරිස් (සංකේතය: ⯰)[15] විධිමත්ව හඳුන්වනු ලබන්නේ නාමය වන්නේ 136199Eris ලෙසයි. ඊට පෙර එය 2003VB313 (ප්‍රාථමික ග්‍රහ නාමකරණය බලන්න) වශයෙන්ද හඳුන්වන අතර එය මෙතෙක් සොයාගෙන ඇති විශාලතම වාමන ග්‍රහලොව වන අතර එය සූර්යයා කේන්ද්‍ර කොටගත් කක්ෂයක සෘජුවම කක්ෂගතවී ඇති 9 වැනි විශාලතම ග්‍රහවස්තුව ද වේ. එහි විශ්කම්භය 2.500km පමණ වන අතර ප්ලුටෝට වඩා 27% විශාල වේ.

එරිස් ⯰
Eris (centre) and Dysnomia (left of centre), taken by the Hubble Space Telescope
Eris (centre) and Dysnomia (left of centre).
Hubble Space Telescope
සොයාගැනීම
සොයාගත් තැනැත්තේM. E. බ්‍රවුන්,
C. A. ටෘජිලෝ,
D. L. රොබිනොවිට්ස්[1]
සොයාගත් දිනයJanuary 5, 2005[2][g]
නිලනාමයන්
MPC නිලනාමය136199 Eris
ශබ්දනැගීම/ˈɪərɪs/, or /ˈɛrɪs/ as in Greek Έρις [a]
නම් කෙරුණේEris
විකල්ප නම්2003 UB313[3]
සුළු ග්‍රහ වර්ගයdwarf planet,
TNO,
plutoid,
and SDO[4][5]
විශේෂණයEridian
කක්ෂීය ලක්ෂණ[3]
කාලාරම්භය March 6, 2006
(JD 2453800.5)[6]
විහේලිකය97.56 AU
14.60×109 km
අපහේලිකය37.77 AU
5.65×109 km
අඩ-මහා අක්ෂය67.67 AU
10.12×109 km
උත්කේන්ද්‍රියතාවය0.441 77
කක්ෂීය කාලාවර්තය203,600 days
557 years
සාමාන්‍යය කක්ෂීය වේගය3.436 km/s
මධ්‍යන්‍යය විෂමතාවය197.634 27°
ආනතිය44.187°
ආරෝහණ මංසලෙහි දේශාංශකය35.869 6°
පරිතාරාන්තිකයේ විස්තාරය151.430 5°
චන්ද්‍රිකාDysnomia
භෞතික ගුණාංග
මධ්‍යන්‍යය අරය1300+200−100 km (2007)[7]
1163 ± 6 km (2011)
[8][9]
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය78,500,000 sq km (48,777,638.6 sq mi)
ස්කන්ධය(1.67±0.02)×1022 kg[10]
0.0028 Earths
0.23 Moons
මධ්‍යන්‍යය ඝණත්වය2.52+-0.05 g/cm3[8][11]
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය0.827 m/s2
මිදුම් ප්‍රවේගය1.384 km/s
නක්ෂත්‍ර භ්‍රමණ කාලාවර්තය25.9 ± 8 hr[3]
ප්‍රභානුපාතය0.96 +0.09 -0.04[8]
පෘෂ්ඨීය උෂ්ණත්වයඅවමමධ්‍යන්‍යයඋපරිම
(දළ වශයෙන්)30 K42.5 K55 K
වර්ණාවලී වර්ගයB-V=0.78, V-R=0.45[12]
දෘශ්‍ය විශාලත්වය18.7[13]
නිරපේක්ෂ විශාලත්වය (H)−1.19 ± 0.3[3]
කෝණික විෂ්කම්භය40 milli-arcsec[14]
ඒරිස්ගේ කක්ෂය (නිල්) සෙනසුරු, යුරේනස්, නෙප්චූන් හා ප්ලූටෝගේ කක්ෂ (සුදු හා අළු) වලට සංසන්දනාත්මකව, දක්වා ඇත. කක්ෂ තරලයට පහළින් වූ චාප අඳුරු පැහැයෙන් සටහන් කර ඇති අතර රතු පැහැති තිතකින් දක්වා ඇත්තේ සූර්යයායි. වමෙහි රූප සටහන ධ්‍රැවීය පෙණුම වන අතර දකුණෙහි වූ රූප සටහන ධ්‍රැවීය පෙණුම වන අතර දකුණෙහි වූ රූප සටහන් කක්ෂ තලයේ සිට පෙනෙන විවිධ ආකාර වේ.

එරිස් මුලින්ම නිරීක්ෂණය කරන ලද්දේ පැලොමාරා නිරීක්ෂණාගාරයේ මයික් බ්‍රවුන්ගේ නායකත්වය ලද කණ්ඩායමක් විසින් 2003 දීය. නමුත් එය 2005 වනතුරු හදුනා නොගන්නා ලදී.] එය කුපර් පටියට එපිටින් ඇති අකාබනික ට්‍රාන්ස් නෙප්චූනියානු වස්තුවකි(TNO). එරිස්ට එක් චන්ද්‍රයෙක් පවතින අතර ඩිස්නොමියා වශයෙන් හඳුන්වයි. වෙනත් උප ග්‍රහයින් ඒරිස්ට පවතින බව මෙතෙක් සොයා ගෙන නැත. එයට සූර්යයාගේ සිට දුර 96.7 AU පමණ වේ. එය දළ වශයෙන් සූර්යයාගේ සිට ප්ලුටෝට ඇති දුර මෙන් තුන් ගුණයකි. යම් ධුම කේතු කිහිපයක් හැරුණු විට සෞරග්‍රහ මණ්ඩලයේ සිට ඈතින්ම ඇති ග්‍රහවස්තු‍ යුගල එය වේ.

එරිස් ප්ලූටෝට වඩා විශාල නිසා එය සොයාගත් අයන NASA ආයතනය සෞරග්‍රහ මණ්ඩලයේ දස වැන්නා ලෙසද නම්කරන ලදී. මෙවැනි විශාල වස්තූන් අනාගතයේ තවත් හමුවිය හැකි නිසා අන්තර්ජාතික අභ්‍යවකාශ සංගමය [IAU] විසින් “ග්‍රහලොව” යන වදනට අර්ථ දැක්වීමක් ගෙන එන ලදී. එම නව අර්ථ දැක්වීම 2006 අගොස්තු 24 දින සිට ක්‍රියාත්මක වූ අතර එතුළින් එරිස්, ප්ලුටෝ හා සිරිස් සමග වාමන ග්‍රහලෝක කාණ්ඩයට කාණ්ඩගත කරන ලදී.

කක්ෂය

ඒරිස්ට දින 557ක කක්ෂීය ආවර්තීයක් ඇති අතර 2008 දී එය සූර්යයාගේ සිට යා හැකි උපරිම දුර වන නක්ෂත්‍ර ඒකක 96.7 ක දුරින් පිහිටයි. (එහි සූර්ය දුරකය 97.5AUකි) ඒරිස් උප‍හේලිකයට පැමිණුනේ 1698 – 1600 අතරතුරය, සූර්ය දුරකයට 1977 දීය. නැවත උපහේලිකයට පැමිණෙන්නේ 2256 හා 2258 අතරතුරය. දීර්ඝ කාලීන සෞරග්‍රහ මණ්ඩලයේ දුරින්ම ඇති දන්නා වස්තු වන්නේ ඒරිස් හා එහි චන්ද්‍රයාය. කෙසේ නමුත් දන්නා TNO 40 ක් විශේෂයෙන් 2006 SQ372, 2000 OO67 හා සෙඩ්නා , වර්තමානයේ ඒරිස්ට වඩා හිරුට සමීප අතර ඒරිස්ගේ 67.7AU ක අඩ-මහා අක්ෂයට වඩා වැඩි සාමාන්‍ය කක්ෂීය දුරක් පවතී.

මෙහි කක්ෂය අධික ලෙස විකේන්ද්‍රික වන අතර හිරුට 37.5AU තරම් ආසන්නයට ඒරිස් ගෙන එයි. එය විසිරුණු වස්තු සඳහා අපේක්ෂිත උපහේලිකයකි. මෙය ප්ලූටෝහි කක්ෂය ‍තුළ වන නමුත් තවමත් නෙප්චූන් (28.8 – 30.4AU) සෘජු ගැටුමකින් ආරක්ෂා වී ඇත. අනෙක් අතින් ප්ලූටෝ , අනෙකුත් ප්ලූටෝනියන් මෙන් අඩු ආනතියකින් හා අඩු විකේන්ද්‍රිකතාවකින් යුත් කක්ෂයක් අනුගමනය කරන හෙයින් කක්ෂීය අනුනාදයෙන් ආරක්ෂාවන අතර නෙප්චූන්ගේ කක්ෂය ඡේදනය කළ හැක. භූ පෘථිවියේ කක්ෂය ඇති තලයේම කක්ෂ පිහිටා ඇති ග්‍රහලෝක හා වායු දැවැන්තයන් මෙන් ‍නොව, එරිස්ගේ කක්ෂය අධික ලෙස ආනත වී ඇත. එය කක්ෂ තලයට අංශක 44කින් පමණ ආනතවේ.

දැනට එරිස්ට 18.7 ක දෘශ්‍ය විශාලත්වයන් ඇති අතර එමනිසා එය සමහරක් ආධුනික දුර දක්නවලට අනාවරණය විය හැකි තරම් දීප්තිමත්ය. නිසි තත්ව යටතේ දී CCD සහිත 200mm දුර දක්නයකට ඒරිස් අනාවරණය කර ගත හැක. එය මේ දක්වා අනාවරණය නොවීමට හේතුව එහි අධික කක්ෂීය ආනතියයි. බොහොමයක් පර්යේෂකයන් විශාල බාහිර සෞරග්‍රහ මණ්ඩල වස්තු සඳහා නිරීක්ෂණය කරන්නේ බොහොමයක් වස්තු හමුවන කක්ෂ තලයේ තලයයි.

ඒරිස් දැන් සීටස් තාරකා මණ්ඩලය තුළ පවතී. 1876 සිට 1929 තෙක් එය ස්කල්ප්ටර් හින්, දළව 1840 සිට 1875 තෙක් ෆීනික්ස්හි ද පැවතුණි. 2036 දී මීන රාශිය වෙත ඇතුළු වන එය 2065 තෙක් එහි රැඳී සිට මේෂ රාශිය වෙත ඇතුළු වනු ඇත. ඉන්පසු උතුරු ආකාශයට ඇතුල්වන මෙය 2128 දී පර්සියස් තුළටත් 2173 දී කැමලෝගඩලිස් (එය එහි උතුරු ක්‍රාන්තියට ළඟාවන ස්ථානය) තුළටත් ඇතුළු වනු ඇත. ඒරිස්ගේ කක්ෂය අතිශයින් ආනත නිසා සාම්ප්‍රදායික රාශි චක්‍රයේ තාරකා මණ්ඩල කිහිපයක් හරහා පමණක් යයි.

ඩ්වෝප් ප්ලැනට් සොයාගැනීම

ජනවාරි 5, 2005 දී එරිස් නම් වු වාමන ග්‍රහයා පහත සදහන් විද්‍යාඥයින් විසින් සොයාගන්නා ලදී. මයික් බ්‍රවුන්, චැඩි ට්‍රැජිලෙප් හා ඩේවිඩ් /බිනොවිට්ස්, ඔක්තොම්බර් 21, 2003 දී ගත් ඡායාරූප වලින් මෙම ආකාශ වස්තුවේ උපස්ථිතිය හෙළි විය. මෙම විද්‍යාඥයින් කණ්ඩායම විසින් තවත් විශාල TNO සොයාගන්නා ලදී, 50 000 ක්වොදා, 90482 ඕකස් හා 90377 සෙඩ්නා මේවාට උදාහරණ වේ.

2003 ඔක්තෝම්බර් 21 දින, කැලිෆෝනියාවේ මවුන්ට් පැලෝමාර් නිරීක්ෂණාගාරයේ තිබෙන, 1200 mm ' සැමුවෙල් ඔස්වින් දුරදක්නය මගින් සිදුකල ගවේෂණ මගින් ගත් ඡායාරූප අතර එරිස්ගේ ඡායාරූපයක් සොයාගැනිමට අපොහොසත් වුණි, මීට හේතුව වූයේ එරිස් හි ගමන් වේගය මෘදුකාංගය මගින් පැයකට තත්පර (ආක්සෙකන්ඩ්) 1.5 ට වඩා අඩු වේගයෙන් යුත් ආකාශ වස්තුන් බැහැර කිරීමයි. 90377 සෙඩ්නා සොයාගැනී මට හැකිවුයේ එහි වේගය පැයට ආක්තප්පර 1.75 පමණ වු නිසාය. ජනවාරි 2005 නැවත මෘදුකාංගය මගින් බැහැර කරන ලද ඡායාරූප විශ්ලේෂණය කිරීමේදී එරිස් සොයාගන්නා ලදී.

මින් අනතුරැව, එරිස් හි කක්ෂය නිර්ණය කිරීමට නිරීක්ෂණ කරන ලදී. ' හමව්මියා' නමැති තවත් TNO වන උපස්ථිතිය වෙනත් විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ලාවට හෙළිකර නිසා එරිස් හි උපස්ථිතිය හෙළිකිරීමට විද්‍යාඥයින් කණ්ඩායම විසින් පියවර ගන්නා ලදී.

ඔක්තෝබර් 2005 දී 'එරිස්' ට 'ඩිස්නෝමියා' නම් චන්ද්‍රයෙකු ඇති බව හෙළිවිය. 'ඩිස්නෝමියා' හි කක්ෂය පිළිබද මිනුම් ගැනීමෙන් අනතුරැව 'එරිස්' හි ස්කන්ධය සොයා ගැනීමට විද්‍යාඥයින්ට හැකිවිය. මෙය 2007 ජුනි මාසයේ ගණනය කල අතර එහි අගය ( ) විය. මෙය ප්ලුටෝ ග්‍රහයාගේ ස්කන්ධයට වඩා 27% වැඩි අගයකි.

මූලාශ්‍ර

[2][5][8][14]


This citation will be automatically completed in the next few minutes. You can jump the queue or expand by hand
  • JPL/NASA (2015-04-22). "What is a Dwarf Planet?". Jet Propulsion Laboratory. සම්ප්‍රවේශය 2022-01-19.
  • 🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි