වොලොද්මියර් සෙලෙන්ස්කි

වොලොද්මියර් ඔලෙක්සැන්ඩ්‍රොවිච් සෙලෙන්ස්කි (යුක්‍රේන: Володимир Олександрович Зеленський; උපත 1978 ජනවාරි 25) යනු යුක්‍රේන දේශපාලනඥයෙකු, හිටපු විකට නලුවෙකු සහ යුක්‍රේනයෙහි 6 වැනි සහ වර්තමාන ජනාධිපතිවරයා ද වෙයි.

Володимир Зеленський
නිළ ඡායාරූපය, 2019
6 වැනි යුක්‍රේනයේ ජනාධිපතිවරයා
තනතුරුධාරී
තනතුර දරමින්
2019 මැයි 20
අග්‍රාමාත්‍යවරයා
  • වොලොද්මියර් ග්‍රොයිස්මන්
  • ඔලෙක්සි හොන්චාරුක්
  • ඩෙනිස් ෂිමහාල්
පූර්වප්‍රාප්තිකයාපෙට්රෝ පොරොෂෙන්කෝ
පුද්ගලික තොරතුරු
උපත
වොලොද්මියර් ඔලෙක්සැන්ඩ්‍රොවිච් සෙලෙන්ස්කි

25 ජනවාරි 1978 (1978-01-25) (වයස 46)
Kryvyi Rih, යුක්‍රේන සෝවියට් සමාජවාදී ජනරජය, සෝවියට් සංගමය (වර්තමාන යුක්‍රේනය)
දේශපාලන පක්ෂයස්වාධීන[1]
වෙනත් දේශපාලන
සබැඳියා
සර්වන්ට් ඔෆ් ද පීපල් (2018–වර්තමානය)
කලත්‍රයා
ඔලේනා කියෂ්කෝ
(m. 2003)
දරුවන්2
දෙමව්පියන්
  • ඔලෙක්සැන්ඩර් සෙලෙන්ස්කි
  • රීමා සෙලෙන්ස්කා
වාසස්ථානමැරීන්ස්කි මන්දිරය
අධ්‍යාපනයකීව් ජාතික ආර්ථික විශ්වවිද්‍යාලය (නීතිවේදී උපාධිය)
රැකියාව
  • දේශපාලනඥයා
  • නළුවා
අත්සන
වෙබ් අඩවියpresident.gov.ua/en

උපතින් රුසියානු භාෂාව කතා කරන්නෙකු වූ සෙලෙන්ස්කි මධ්‍යම යුක්‍රේනයේ නිප්‍රොපෙට්‍රොව්ස්ක් ප්‍රාන්තයේ ක්‍රීවි රිහ් නගරයේ හැදී වැඩුනි. රංගන ක්ෂේත්‍රයට පිවිසීමට පෙර ඔහු කීව් ජාතික ආර්ථික විශ්වවිද්‍යාලයෙන් නීතිවේදය පිළිබඳ උපාධියක් ලබාගත්තේය. ඉන් පසු ඔහු ක්වාර්ටල් 95 නමින් නිෂ්පාදන ආයතනයක් නිර්මාණය කල අතර එමගින් චිත්‍රපට, කාටූන් සහ රූපවාහිනී කතා මාලා නිෂ්පාදනය කරන ලදී. ඉන් එකක් වූ 2015 සිට 2019 දක්වා විකාශය වූ "සර්වන්ට් ඔෆ් ද පීපල්" රූපවාහිනී කතා මාලාව විශාල ප්‍රසිද්ධියක් ලැබූ අතර, එහි යුක්‍රේන ජනාධිපතිගේ භූමිකාව සෙලෙන්ස්කි විසින් රඟපානු ලැබීය. එම කතා මාලාවෙහිම නමින් (සර්වන්ට් ඔෆ් ද පීපල්) 2018 දී දේශපාලන පක්ෂයක් නිර්මානය කෙරුනි. 2018 දෙසැම්බර් 31 වැනිදා සෙලෙන්ස්කි 2019 යුක්‍රේන ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කල අතර, ජනාධිපතිවරණයේ දෙවන වටයේදී 73.23% ක ඡන්දයකින් ඔහු ජනාධිපති බවට පත් විය.

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි