කොවිඩ්-19
කොවිඩ්-19 එසේත් නැත්නම් කොරෝනා වෛරස් රෝගය 2019 (ඉංග්‍රීසි: Coronavirus disease 2019, COVID-19) යනු severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2) වෛරසය මගින් ඇතිකරනු ලබන බෝවන රෝගයකි.[8] මෙම රෝගය මුල්වරට චීනයේ වූහාන් නුවර දී හඳුනා ගත් අතර ඉන් අනතුරුව ලොව පුරා පැතිරගොස් 2019–20 coronavirus pandemic නමින් හැඳින්වෙන ගෝලීය වසංගතය බවට වර්ධනය විය.[9][10]
කොරෝනා වෛරස් රෝගය 2019 (කොවිඩ්-19) | |
---|---|
වෙනත් නම් |
|
කොවිඩ්-19 රෝග ලක්ෂණ | |
උච්චාරණය | |
විශේෂතාව | තීව්ර ශ්වසන ආසාදනය[4] |
රෝග ලක්ෂණ | උණ, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුව [5] |
සංකුලතා | Pneumonia, ARDS, kidney failure |
හේතු | SARS-CoV-2 |
අවදානම් සාධක | රෝගය වැළැක්වීමේ ක්‍රම අනුගමනය නොකිරීම |
රෝග විනිශ්චය ක්‍රම | rRT-PCR testing, immunoassay, CT scan |
වැළක්වීම | දෑත් සේදීම, නිරෝධායනය, physical distancing |
ප්‍රතිකාර | Symptomatic and supportive |
සංඛ්‍යාතය | 135,869,704[6] confirmed cases |
මරණ | 2,935,271[6] (3.4% of confirmed cases; lower when unreported cases are included)[7] |
සාමාන්‍ය රෝග ලක්ෂණ වනුයේ උණ (fever), කැස්ස (cough) සහ හුස්ම ගැනීමේ අපහසුව (shortness of breath) වේ. මස්පිඩු වේදනාව sputum production සහ sore throat ද විරල මුත් දැකිය හැකි රෝග ලක්ෂණ වේ.[5][11] බොහෝ දෙනෙකුට මෘදු රෝග ලක්ෂණ දැකිය හැකි වුවත් [12] සමහරෙක් හට severe නිව්මෝනියා (pneumonia) සහ multi-organ failure ඇතිවිය හැක.[9][13] 2020 මාර්තු 20 වෙනිදා පැවති දත්ත වලට අනුව rate of deaths per number of diagnosed cases 4.1% කි. එසේම එය වයස සහ අනෙකුත් සෞඛ්‍ය තත්ත්ව සැලකිල්ලට ගැනීමේ දී 0.2% සිට 15% අතර විචලනය වේ.[14]
රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරෙන්නේ බොහෝවිට කහින විට ඇතිවන බිඳිති (respiratory droplets) හරහා ය.[15][16] එසේම ආසාදිත ද්‍රව්‍යය ගෑවුන මතුපිටක් ඇල්ලීමෙන් පසුව මුහුණ ඇල්ලීම මගින් ද පැතිරීම සිදුවිය හැකි.[15] වෛරසයට නිරාවරණය වීමේ සිට රෝග ලක්ෂණ දිස්වීම දක්වා සාමාන්‍යයෙන් දින දෙක (2) සිට දහහතර (14) දක්වා වන අතර සාමාන්‍යය දින පහක් (5) වේ.[17][18] nasopharyngeal swab මගින් reverse transcription polymerase chain reaction (rRT-PCR) භාවිතයෙන් රෝග විනිශ්චය කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වේ.එසේම රෝග ලක්ෂණ, risk factors සහ නිව්මෝනියා ලක්ෂණ පෙන්නුම් කරන chest CT scan යන එකතුව ආශ්‍රයෙන් ද රෝගය විනිශ්චය කළ හැක.[19][20]
රෝගය වැළැක්වීම සඳහා නිර්දේශිත ක්‍රියාමාර්ග වන්නේ නිතර දෑත් සේදීම, social distancing (අන් අයගෙන් දුරස්වී සිටීම) සහ මුහුනෙන් දෑත් ඉවත්ව තබා ගැනීම වේ.[21] වෛරසය ආසාදිතයැයි සැකකරන අය සහ ඔවුන්ව රැක බලාගන්නා අය හට මුඛ ආවරණයක් (masks) භාවිතා කිරීම නිර්දේශිත මුත් සාමාන්‍ය ජනයාට එසේ නිර්දේශිත නැත.[22][23] කොවිඩ්-19 සඳහා එන්නතක් (vaccine) හෝ විශේෂිත ප්‍රතිවෛරස ප්‍රතිකාරයක් (antiviral treatment) නොමැත. කළහැක්කේ රෝග ලක්ෂණ පාලනය (treatment of symptoms), උපකාරක සත්කාර (supportive care), isolation සහ experimental measures භාවිතයෙන් පාලනය කිරිම පමණි.[24]
2019–20 coronavirus outbreak, ගෝලීය වසංගතයක් (pandemic)[10] සහ Public Health Emergency of International Concern (PHEIC) ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization, WHO) විසින් ප්‍රකාශ කරන ලදී.[25][26] WHO regions හයම (6) පුරා බොහෝ රටවල මෙම රෝගය local transmission පිළිබඳ සාක්ෂි පවතී.[27]
රෝග ලක්ෂණ
රෝග ලක්ෂණය[28] | % |
---|---|
උණ | 87.9 |
වියළි කැස්ස | 67.7 |
තෙහෙට්ටුව (Fatigue) | 38.1 |
Sputum production | 33.4 |
හුස්ම ගැනීමේ අපහසුව (Shortness of breath) | 18.6 |
මස්පිඩු වේදනාව (Muscle pain) හෝ හන්දි වේදනාව (joint pain) | 14.8 |
උගුර වණවීම | 13.9 |
හිසරදය | 13.6 |
Chills | 11.4 |
ඔක්කාරය හෝ වමනය | 5.0 |
Nasal congestion | 4.8 |
පාචනය | 3.7 |
Haemoptysis | 0.9 |
Conjunctival congestion | 0.8 |
සමහරුන්ට රෝග ලක්ෂණ නොපෙන්වුවත් (asymptomatic) බොහෝ අයට උණ (fever), කැස්ස (cough) සහ හුස්ම ගැනීමේ අපහසුව (shortness of breath) වැනි සෙම්ප්‍රතිශ්‍යා උණ වැනි රෝග ලක්ශණ (flu-like symptoms) ඇති කරයි.[5][29][30]
රෝග කාරකය
මෙම රෝගය severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2) වෛරසය (2019 novel coronavirus එසේත් නැත්නම් 2019-nCoV ලෙස පෙරදී හැඳින්වූ) මගින් ඇති කරයි[31]ප්‍රධන වශයෙන් කැස්ස සහ කිවිසීමේදී පිටවන බිඳිති මගින් පුද්ගලයන් අතර පැතිර යයි.[16]
වැලැක්වීම
රෝග කළමනාකරණය
පර්යේෂණ
රෝගය පැතිරීමේ සහ ප්‍රගමනයට ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන ACE2 එන්සයිමය බොහෝ පර්යේෂණ වල ඉලක්කය වේ.[32]
එන්නත්
දැනට ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් විසින් එන්නත් දෙකක් අත්හදා බලමින් පවතී. මෙම එන්නත් සතුන් හරහා පර්යේෂණ කිරීමටද ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර ලබා දී ඇත. එන්නතක් මෙම දෙසැම්බර් මසට පෙර සොයාගැනීමට අපේක්ෂා කලද ප්‍රශ්නය වී ඇත්තේ එය කොතරම් ප්‍රායෝගිකද හා කෙසේ ඉල්ලුමට අනුව නිපදවිය හැකිද යන්නයි.[තහවුරු කර නොමැත]
ප්‍රතිවෛරස
Anti-cytokine storm
Passive antibody therapy
ආශ්‍රිත
- Contact tracing, inquiry opened immediately to identify and contact everyone who has been in close contact with an infected person and subsequent collection of further information about these contacts
- Coronavirus diseases, a group of closely related syndromes
- Li Wenliang, a doctor at Central Hospital of Wuhan and one of the first to warn others about the disease, from which he later died
මූලාශ්‍ර
වැඩිදුර කියවීම සඳහා
- Guo YR, Cao QD, Hong ZS, et al. (March 2020). "The origin, transmission and clinical therapies on coronavirus disease 2019 (COVID-19) outbreak - an update on the status". Mil Med Res. 7 (1): 11. doi:10.1186/s40779-020-00240-0. PMC 7068984. PMID 32169119.
භාහිර සබැඳි
කොවිඩ්-19 ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ |
- Coronavirus disease (COVID-19) outbreak | World Health Organization
- Coronavirus 2019 (COVID-19) | U.S. Centers for Disease Control and Prevention
- Coronavirus Disease 2019 (COVID-19}) | The Journal of the American Medical Association]
- Coronavirus: Latest news and resources | BMJ Publishing Group
- Novel Coronavirus Information Center | Elsevier
- COVID-19 Resource Centre | The Lancet
- SARS-CoV-2 and COVID-19 | Nature
- Coronavirus (Covid-19 | New England Journal of Medicine
- Covid-19: Novel Coronavirus | Wiley Publishing
වර්ගීකරණය |
|
---|