ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යනු ස්විට්සර්ලන්තයෙහි, ලොසාන් නගරය කේන්ද්‍ර කොට ගෙන පිහිටි, ජාත්‍යන්තර, ලාබ-නොඋපයන, රාජ්‍ය-නොවන සංවිධානයක් වන අතර, 1894 ජූනි 23 දිනදී පියරේ දි කුබර්ටින් විසින් පිහිටුවන ලද එහි පළමු සභාපතිවරයා වූයේ දිමිත්‍රියස් විකේලස් වෙයි. වර්තමානයෙහි එය, සක්‍රීය සාමාජිකයන් 105 දෙනෙකු, ගරු සාමාජිකයන් 32 දෙනෙකු සහ, බහුමාන සාමාජිකයන් 02 දෙනකු වෙතින් සමන්විත වෙයි. අයිඹ්සී යනු ලෝක ව්‍යාප්ත නවීන ඔලිම්පික් ව්‍යාපාරයෙහි උත්තරීතර බලාධිකාරිය වෙයි.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව
ආදර්ශ පාඨයවේගය, උසස් බව, ශක්තිය
සංස්ථාපනයජුනි 23, 1894 (1894-06-23)
වර්ගයක්‍රීඩා සම්මේලනය
මූලස්ථානයලොසාන්, ස්විට්සර්ලන්තය
Membership
ක්‍රියාකාරී සාමාජිකයින් 105යි
ගෞරවනීය සාමාජිකයින් 32යි
බහුමාන සාමාජිකයින් 02යි
නිල භාෂා
ඉංග්‍රීසි
ප්‍රංශ
ගරු සභාපති
ජාකස් රොගී[1]
සභාපති
තෝමස් බැච්[1]
උප සභාපතිවරු
යූ සයිජිං
ජේ.ඒ.සමරාන්ච්
යුගාර් එඩ්නර්
ඇනීටා දි ෆ්‍රාන්ට්ස්[1]
වෙබ් අඩවියolympic.org

සෑම වසර හතරකට වරක් ගිම්හාන සහ ශීත සෘතුවලදී පැවැත්වෙන නවීන ඔලිම්පික් සහ තරුණ ඔලිම්පික්, අයිඕසී විසින් සංවිධානය කෙරෙයි. අයිඕසී විසින් සංවිධානය කෙරුනු පළමු ගිම්හාන ඔලිම්පික් පැවතියේ, 1896 වසරෙහිදී ග්‍රීසියෙහි, ඇතන්ස් නගරයෙහිදීය; 1924 වසරෙහිදී පළමු ශීත ඍතු ඔලිම්පික් තරග පැවතියේ ප්‍රංශයෙහි, ෂමනී නගරයෙහිදීය.

අයිඕසී විධායක මණ්ඩලය

තනතුරනමරට
ගරු සභාපතිජාකස් රොගී බෙල්ජියම
සභාපතිතෝමස් බැච් ජර්මනිය
උප සභාපතිවරුයූ සයිජිං චීනය
ජේ.ඒ. සමරාන්ච් ස්පාඤ්ඤය
යුගාර් එඩ්නර් තුර්කිය
ඇනීටා දි ෆ්‍රාන්ට්ස් ඇමෙරිකා එක්සත් ජනපදය
විධායක සාමාජිකයින්ජනීලා ලින්ඩ්බර්ග් ස්වීඩනය
වූ චින්-කුඕ චීන තායිපේ
ජිආන්-ෆ්‍රැන්කෝ කැස්පර් ස්විට්සර්ලන්තය
ඇන්ජෙලා රුගේරියා ඇමෙරිකා එක්සත් ජනපදය
සර්ජි බුබ්කා යුක්රේනය
නං සෙර් මියාන් සිංගප්පූරුව
විලී කැල්ට්ස්මිච් ලුජාන් ගෞතමාලාව
රොබින් ඊ. මිචෙල් ෆිජි
නිකොල් හොවර්ටස් අරූබා
ඩෙනිස් ඔස්වල්ඩ් ස්විට්සර්ලන්තය
අධ්‍යක්‍ෂ ජෙනරාල්ක්‍රිස්ටෝප් දි කෙපර් බෙල්ජියම

මුලාශ්‍ර

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි