බර්ජ් ඛලීෆා

බර්ජ් ඛලීෆා (අරාබි: برج خليفة‎, "ඛලීෆා ටවර්", උච්ඡාරණය ඉංග්‍රීසි/ˈbɝ kəˈlfə/), යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායි නගරයේ පිහිටි උස් ගොඩනැගිල්ලකි. එය විවෘත කිරීමට පෙර හඳුන්වනු ලැබූයේ බර්ජ් ඩුබායි ලෙසය. එය ලොව ඇති වඩාත් උසම කෘතීම ව්‍යුහයයි. එහි උස 829.8 m (2,722 ft) වේ.

බර්ජ් ඛලීෆා
برج خليفة
පැරණි නම්බර්ජ් ඩුබායි
වාර්තාගත උස
the worldහි උසම 2009 සිට[I]
පූර්වගමනය වූයේතායිපේ 101
සාමාන්‍ය තොරතුරු
ප්‍රභේදයමිශ්‍ර භාවිතය
ගෘහනිර්මාණ ශෛලියනව-අනාගතවාදය
පිහිටීම1 ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් මාවත, ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය.
ඉදිකිරීම් ආරම්භ වූයේ2004 ජනවාරි 6
සමාප්තිය2009 දෙසැම්බර් 30
විවෘතවූයේ2010 ජනවාරි 4
පිරිවැයUSD $ 1.5 බිලියන[1]
උස
වාස්තුවිද්‍යාත්මක828 m (2,717 ft)[2]
අග829.8 m (2,722 ft)
පියස්ස828 m (2,717 ft)
ඉහළ මහල584.5 m (1,918 ft) (154 වන මහල)
නිරීක්ෂණාගාරය555.7 m (1,823 ft) (148 වන මහල)
තාක්ෂණික තොරතුරු
මහල් සංඛ්‍යාවපොදු භාවිතයට ගතහැකි මහල් 154ක්[2][3]
නඩත්තු මහල් 9ක්, කොත් මහල් 46ක්,[4] සහ භූගත වාහන නැවතුම් මහල් 2ක්
මහල් වර්ගඵලය309,473 m2 (3,331,100 sq ft)
සෝපාන/උත්තෝලක57 (තනි තට්ටු විදුලිසෝපාන 55ක් සහ ද්විත්ව තට්ටු විදුලි සෝපාන 2ක්) (ඕටිස් විදුලිසෝපාන සමාගම විසින් නිෂ්පාදිතයි)
සැලසුම සහ ඉදිකිරීම
ගෘහනිර්මාණ ශිල්පියාස්කිඩ්මෝ, ඔවින්ග්ස් සහ මෙරිල් සමාගමේ ඒඩ්‍රියන් ස්මිත්
සංවර්ධකයාඑමාර් ප්‍රොපටීස්
ව්‍යූහාත්මක ඉංජිනේරුස්කිඩ්මෝ, ඔවින්ග්ස් සහ මෙරිල් සමාගමේ බිල් බේකර්[5]
ප්‍රධාන කොන්ත්‍රාත්කරුසැම්සුන් සී ඇන්ඩ් ටී කෝපරේෂන්, බෙසික්ස් and ඇරැබ්ටෙක්
අධීක්ෂණ උපදේශක ඉංජිනේරු හයිඩර් කන්සල්ටින්
ඉදිකිරීම් ව්‍යාපෘති කළමනාකරු ටර්නර් කන්ස්ට්‍රක්ෂන්ස්
ග්‍රොකොන්[6]
සැලසුම්කරණය බවර් ඒජී සහ මිඩ්ල් ඊස්ට් ෆවුන්ඩේශන්ස්[6]
විදුලිසෝපාන ඕටිස් විදුලිසෝපාන සමාගම[6]
VT consultant Lerch Bates[6]
වෙබ්අඩවිය
burjkhalifa.ae

බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල ඉදිකිරීම අරඹනු ලැබූයේ 2004 වසරේදීය. එහි බාහිර කොටස 2009 වන විට ඉදිකර අවසන් විය. එහි ප්‍රාථමික ව්‍යුහය සවිගැන්වූ කොන්ක්‍රීට් වලින් නිමවා ඇත. ඩුබායි නගරයේ සංවර්ධන ව්‍යාපෘතියකට සමගාමීව මෙම ගොඩනැගිල්ල 2010 වසරේදී විවෘත කෙරිණි. මෙය නිර්මාණය කර ඇත්තේ මහා පරිමාණ මිශ්‍ර භාවිත සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය ලෙසයි. බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල ඉදිකිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජය තීරණය කර ඇත්තේ, එරට ඛනිජ තෙල් මූලික කරගත් ආර්ථිකයෙන් වෙනස් වී රටට ජාත්‍යන්තර පිළිගැනීම ලබාගැනීමටයි. මෙම ගොඩනැගිල්ල එනමින් නම් කර ඇත්තේ අබුඩාබිහි පාලකයා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති වන කලීෆා බින් සයෙද් අල් නහ්යාන් ට ගෞරව පිණිසය. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී ගනු ලැබූ ණය පියවීම සඳහා එක්සත් අරාබි එමීර් රජය සහ අබුඩාබි නගරය විසින් ඩුබායි නගරයට මුදල් ලබාදෙන ලදී. බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල විසින්, එතෙක් ලොව විවිධ ගොඩනැගිලි මගින් තබා තිබූ 'ලොව උසම ගොඩනැගිලි' වාර්තා රැසක් බිඳහෙලනු ලැබීය.

බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල නිර්මාණය කරනු ලැබූයේ එවකට ස්කිඩ්මෝ, ඔවින්ග්ස් සහ මෙරිල් සමාගමේ (SOM) හිමිකරු ඒඩ්‍රියන් ස්මිත් විසිනි. ඇමරිකාවේ විලිස් ටවර් සහ නව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 1 WTC ගොඩනැගිල්ල යන සුප්‍රසිද්ධ ගොඩනැගිලිද නිර්මාණය කරනු ලැබූයේ මෙම සමගම විසිනි. හයිඩර් කන්සල්ටින් සමාගම ගොඩනැගිල්ලේ අධීක්ෂණ ඉංජිනේරු කාර්යය සිදුකළහ. NORR ගෘෘප් කන්සල්ටන්ට්ස් ඉන්ටනැෂනල් ලිමිටඩ් ආයතනය විසින් මෙහි ගෘහනිර්මානය අධීක්ෂණය කරන ලදී. මෙම ගොඩනැගිල්ලේ ගෘහනිර්මාණය ඉස්ලාමීය ගෘහනිර්මාණ ශිල්පය සහ කලාපයේ සංස්කෘතික හා ඓතිහාසික සංකල්පයන් යොදා ගනිමින් සකසා ඇත. ගොඩනැගිල්ලේ ස්පිරුලාකාර ප්‍රාසාදශෘංගය මීට එක් උදාහරණයකි. ගොඩනැගිල්ලේ ඉංග්‍රීසි Y අකුරේ හැඩය ඇති සැලැස්ම වෙන්කර තිබෙන්නේ නිවාස සහ හෝටල් සඳහාය. ගොඩනැගිල්ල මධ්‍යයේ ඇති රුකුල් දෙනු ලැබූ හර ව්‍යුහ පද්ධතියක් විසින් ගොඩනැගිල්ලට ආධාරකයක් ලෙස ක්‍රියා කරයි. එමෙන්ම ගොඩනැගිල්ල වටකරමින් ඉදිකර ඇති ආරක්ෂක පටල පද්ධතියක් විසින් ඩුබායිහි ගිම්හාන උෂ්ණත්වය දරා සිටීමට ගොඩනැගිල්ලට සහය වෙයි. එක් කුටියක 12 - 14 අතර පිරිසක් රැගෙන යා හැකි සෝපාන පද්ධති 57ක් බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල තුල ඇත. භාණ්ඩ ප්‍රවාහන උත්තෝලක 8ක්ද ඊට අමතරව ඇත.

බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල සම්බන්ධයෙන් විචාරක අදහස් ධනාත්මක වේ. මෙම ගොඩනැගිලි නිර්මාණය වෙනුවෙන් සම්මාන රැසක්ද ඊට ලැබී ඇත. කෙසේවෙතත් ගොඩනැගිල්ල ඉදිකරන සමයේ එහි කම්කරුවන්ට මුහුණ දීමට සිදුවූ ගැටළු ආන්දෝලනාත්මක වී ඇත. බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල ඉදිකළ බොහෝ කම්කරුවන් දකුණු සහ නැගෙනහිර ආසියානුවන් වූ අතර ඔවුන් අඩු වැටුප් ලැබූ බවත්, අඩු පහසුකම් සහිත නවාතැන්වල ජීවත් වූ බවත් වාර්තා වේ.


මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=බර්ජ්_ඛලීෆා&oldid=351826" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි