2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය

2022 පෙබරවාරි 24 වැනිදා රුසියාව එහි නිරිතදිග අසල්වැසියා වූ යුක්‍රේනය වෙත මහා-පරිමාණයේ ආක්‍රමණයක් දියත් කරන ලදී. 2014 ආරම්භ වූ රුසියානු-යුක්‍රේන යුද්ධයේ උච්ඡතම අවස්ථාව මෙය වෙයි. දෙවැනි ලෝක යුද්ධයට පසුව යුරෝපයේ ඇතිවූ විශාලතම සරණාගත අර්බුදය ඇති කළ[10][11] මෙම ආක්‍රමණය නිසා යුක්‍රේන ජාතිකයින් ලක්ෂ 43 කට රට හැරදා යාමට සිදු වූ අතර,[12] ජනගහනයෙන් හතරෙන් එකක් පමණ අවතැන් විය.[13][14]

2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණය
රුසියානු යුක්‍රේන යුද්ධයෙහි හි කොටසකි

25 අප්‍රේල් 2024 වනවිට හමුදාමය තත්වය
   යුක්‍රේනය විසින් පාලනය වන ප්‍රදේශ
   රුසියාව සහ රුසියාවේ මිත්‍ර හමුදාවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ (වඩාත් සවිස්තරාත්මක සිතියමක් සඳහා මෙම පිටුව බලන්න.)
දිනය24 පෙබරවාරි 2022 (2022-02-24) – වර්තමානය (වසර 2 ක්, මාස 2 ක් සහ එක් දිනයක්)
පිහිටුම
Status

සිදුවෙමින් පවතින

යුද්ධාවතීරයන්
සහාය දක්වන්නේ:
ආඥාපතියන් සහ නායකයන්
  • ව්ලැදිමිර් පුටින්
  • ඩෙනිස් පුෂිලින්
  • ව්ලැදිමිර් පෂ්කොව්
  • ලියොනොයිඩ් පැසෙෂ්නික්
  • සර්ජි කොස්ලොව්
හමුදාමය ප්‍රබලතාවය
  • රුසියාව රුසියාව:
    ~175,000[7]–190,000[8] (යුක්‍රේන දේශසීමාව අසළ)
  • ඩොනෙට්ස්ක් ම.ජ.:
  • 20,000[9]
  • ලුහාන්ස්ක් ම.ජ.:
  • 14,000[9]
  • යුක්‍රේනය යුක්‍රේනය:
  • 209,000 (සන්නද්ධ හමුදා)
  • 102,000 (පැරාමිලිටරි)
  • 900,000 (අතිරේක)[9]
අපාතිකයන් සහ හානි
ආපතිකයන් සහ හානි ගැන තොරතුරු වාර්තා අනුව වෙනස් වේ. වැඩි විස්තර සඳහා ආපතිකයන් සහ මානුෂීය බලපෑම බලන්න.

2014 යුක්‍රේන විප්ලවයට අනතුරුව රුසියාව යුක්‍රේනයට අයත්ව තිබූ ක්‍රිමියානු අර්ධද්වීපය අත්පත් කරගන්නා ලද අතර, රුසියාව විසින් අනුබල ලත් බෙදුම්වාදී කණ්ඩායම් යුක්‍රේනයෙහි ඩොන්බාස් ප්‍රදේශයෙන් කොටසක් අත්පත් කර ගන්නා ලදී. මෙය ඩොන්බාස් යුද්ධයට හේතු විය.[15][16] 2021 මුල් භාගයේ සිටම රුසියාව තම හමුදාව යුක්‍රේන දේශසීමාව ආසන්නයේ රැස් කරන ලදි. ආක්‍රමණයට පෙර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේ, 1997 න් පසු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (නේටෝ) නැගෙනහිර දෙසට ව්‍යාප්ත වීම රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් බවත්, ඒ නිසා යුක්‍රේනය නේටෝ සංවිධානයට එකතු වීම තහනම් විය යුතු බවත් ය. මෙම චෝදනාව නේටෝ සංවිධානය ප්‍රතික්ෂේප කොට ඇත.[17] මීට අමතරව යුක්‍රේනය නව-නාසිවාදීන් විසින් පාලනය කෙරෙන බවටත්, ඔවුන් යුක්‍රේනයෙහි සුලු ජනවර්ගයක් වන රුසියානු ජාතිකයින් හට වෙනස්කම් සිදු කරන බවටත්[18] පුටින් අසත්‍ය[19] චෝදනා එල්ල කළේය.

ආක්‍රමණයට දින කිහිපයකට පෙර රුසියාව විසින් ඩොන්බාස් හී බෙදුම්වාදීන් පිහිටුවා ගත් ස්වයං-ප්‍රකාශිත රාජ්‍යයන් දෙකක් (ඩොනෙට්ස්ක් මහජන ජනරජය සහ ලුහාන්ස්ක් මහජන ජනරජය) ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගනු ලැබීය.[20] 2021 පෙබරවාරි 21 වැනිදා රුසියානු සන්නද්ධ හමුදා නැගෙනහිර යුක්‍රේනයට ඇතුලු විය. පෙබරවාරි 22 වැනිදා රුසියානු සෙනට් සභාව විසින් ජනපති ව්ලැදිමිර් පුටින් හට රුසියාවෙන් පිටත දී හමුදා බලය භාවිතා කිරීමට ඒකමතිකව අනුමැතිය ලබා දෙන ලදි.

පෙබරවාරි 24 වැනිදා නැගෙනහිර යුරෝපානු වේලාවෙන් (UTC+2) 05:00 ට පමණ (මොස්කව් වේලාවෙන් 06:00)[21] රුසියානු ජනාධිපතිවරයා යුක්‍රේනයෙහි "විශේෂ හමුදා මෙහෙයුමක්" පිළිබඳව නිවේදනය කරන ලදී. එහි අරමුණ ලෙස ඔහු ප්‍රකාශ කලේ "යුක්‍රේනය මිලීටරීකරණයෙන් සහ නාසිවාදීන්ගෙන් මුදාගැනීම" යි.[22][23] මිනිත්තු කිහිපයකට පසු යුක්‍රේනයෙහි අගනුවර වන කීව් ඇතුලුව රට පුරා ස්ථාන ගණනාවකට මිසයිල ප්‍රහාර එල්ල වුනි.[24][25] යුක්‍රේන දේශ සීමා ආරක්ෂක සේවාව වාර්තා කළේ යුක්‍රේනයේ රුසියානු සහ බෙලාරූස් දේශසීමා මුරපළවල් ප්‍රහාරයට ලක් වූ බවයි. පැය දෙකකට පසුව, රුසියානු පාබල හමුදාව විවිධ දිශාවලින් යුක්‍රේනයට ඇතුලු විය. මෙයට ප්‍රතිචාර ලෙස යුක්‍රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි සේනා බලමුලු ගන්වා, යුද්ධ නීතිය පැනවූ අතර, රුසියාව සමග රාජ්‍යත්‍රාන්ත්‍රික සබඳතා අත් හැරීය.[26][27] රුසියාව තුල යුද්ධයට එරෙහිව සිදු කළ විරෝධතා වල ප්‍රතිඵලය වූයේ සමූහ අත්-අඩංගුවට ගැනීම් ය.

රුසියානු හමුදාව රුසියාවේ, බෙලාරූසයේ සහ යුක්‍රේනයේ අත්පත් කරගත් ප්‍රදේශ (ක්‍රිමීයාව සහ ඩොන්බාස්) වල සිට යුක්‍රේනය තුලට ආක්‍රමණ සිදු කළහ. ප්‍රධාන වශයෙන් කීව් නගරය, ඊසාන යුක්‍රේනය, නැගෙනහිර යුක්‍රේනය, සහ දකුණු යුක්‍රේනය ආක්‍රමණය කෙරුනි. මීට අමතරව බටහිර යුක්‍රේනයටද රුසියානු ගුවන් යානා සහ මිසයිල ප්‍රහාර එල්ල විය. රුසියානු හමුදාවන් මේ වනවිට චර්නිහිව්, කාර්කිව් (හාර්කිව්), කර්සොන් (හර්සොන්), කීව්, මරියපෝල් සහ සුමි යන නගර වෙත ළඟා වී හෝ, ඒවා වටලා හෝ ඇත. යුක්‍රේන හමුදා වල දැඩි ප්‍රතිවිරෝධය රුසියානු හමුදාවේ ප්‍රගතිය අඩු කිරීමට සමත් විය. ආක්‍රමණයට සති තුනකට පසුව, රුසියානු හමුදාවන්ට දකුණු යුක්‍රේනයෙහි වඩාත් සාර්ථක ප්‍රතිඵල ලැබී තිබුනි. 2022 මාර්තු මස අග දී, රුසියානු හමුදාවෝ විනාශයට පත් වූ ජනාවාස සහ සිවිල් වැසියන්ට එරෙහි සාහසික ක්‍රියා පිළිබඳ සාක්ෂි ඉතිරි කර, කීව් නගරයෙන් ඉවත් වී ඩොන්බාස් වෙත නැවත අවධානය යොමු කළහ.

ආක්‍රමණය ජාත්‍යන්තර වශයෙන් හෙළාදකිනු ලැබීය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මෙම ආක්‍රමණය හෙළා දකිමින් යෝජනාවක් ඉදිරිපත් කොට රුසියාවට යුක්‍රේනයෙන් ඉවත් වන ලෙස බල කරන ලදී. ජාත්‍යන්තර අධිකරණය රුසියාවට හමුදා මෙහෙයුම් කිරීම නවත්වන ලෙස නියෝග කරන ලද අතර, යුරෝපීය කවුන්සිලයෙන් රුසියාව ඉවත් කරන ලදී. බොහෝ රටවල් රුසියාවට එරෙහිව සම්බාධක පනවන ලද අතර, එමගින් රුසියාවේ සහ ලෝකයේ ආර්ථිකයට බලපෑම් ඇති විය. මීට අමතරව, යුක්‍රේනයට මානුෂීය සහ හමුදාමය ආධාර ලබා දෙන ලදී. ලෝකය පුරා විරෝධතා ඇතිවූ අතර, රුසියාව තුල ඇතිවූ විරෝධතා වලට රුසියානු රජයේ ප්‍රතිචාරය වූයේ සමූහ-අත්අඩංගුවට ගැනීම් සහ මාධ්‍ය වාරණය කිරීම් ය. "යුද්ධය" සහ "ආක්‍රමණය" යන වචන භාවිතා කිරීම තහනම් කිරීම ද මෙයට අයත් විය. පෞද්ගලික ආයතන ගණනාවක්ම තම නිෂ්පාදන රුසියාවෙන් සහ බෙලාරූසයෙන් ඉවත් කරගන්නා ලදී. රුසියානු රාජ්‍ය-අනුග්‍ර්‍රහ ලත් මාධ්‍ය ආයතනවලට විකාශනය තහනම් කරන ලද අතර, ඒවා අන්තර්ජාලයෙන් ද ඉවත් කෙරුනි. රුසියාවට එරෙහි යුධ අපරාද චෝදන පිළිබඳව ජාත්‍යන්තර අධිකරණය විමර්ශනයක් ආරම්භ කරන ලදී.

පසුබිම

පශ්චාත් සෝවියට් සමය සහ තැඹිලි විප්ලවය

1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව, රුසියාව සහ යුක්‍රේනය අතර සමීප සබඳතා පවත්වා ගැනුනි. 1994 දී න්‍යෂ්ටික අවිහරණ ගිවිසුම ට එකඟ වූ යුක්‍රේනය, ඔවුන් සතුව තිබූ පැරණි සෝවියට් න්‍යෂ්ටික ආයුධ ඉවත් කරන ලදී. 1999 දී ඇතිවූ යුරෝපයේ ආරක්ෂාව පිළිබඳ ප්‍රඥප්තියෙහි එක් අත්සන්කරුවෙකු වූයේ රුසියාවයි. එම ප්‍රඥප්තියට අනුව "සෑම රාජ්‍යයකටම තම ආරක්ෂක විධිවිධාන, එනම් සන්ධාන සහ ගිවිසුම් ඇති කරගැනීම වැනි දෑට නිසගයෙන් ඇති අයිතිය තහවුරු කරනු" ලැබෙයි. සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු වසර කිහිපයක් ඇතුලත පෙරදී සෝවියට් සංගමයේ සිටි රටවල් කිහිපයක් ම නේටෝ සංවිධානයට එකතු විය. මෙයට අඩවශයෙන් හේතුවක් වූයේ, 1993 රුසියානු ව්‍යවස්ථාමය අර්බුදය, ඇබ්කාසියා යුද්ධය (1992-1993) සහ පළමු චෙචෙන් යුද්ධය (1994-1996) වැනි ප්‍රාදේශිය වශයෙන් ආරක්ෂාවට ඇතිවූ තර්ජනයි. රුසියානු නායකයන් මෙය දුටුවේ, නේටෝ සංවිධානය නැගෙනහිර දෙසට ව්‍යාප්ත නොවන බවට බටහිර බලවතුන් ලබාදුන් නිළ නොවන සහතිකය උල්ලංඝනය කිරීමක් ලෙසය.

2004 යුක්‍රේන ජනාධිපතිවරණය මතභේදාත්මක විය. එක් ජනාධිපති අපේක්ෂකයෙකු වූ වික්ටර් යුෂ්චෙන්කෝ ගේ මැතිවරණ ව්‍යාපාරය අතරතුර දී ඔහුට TCDD ඩයොක්සීන් විෂ ශරීර ගත වී තිබුනි. මෙයට රුසියාවේ සම්බන්ධයක් ඇතැයි යුෂ්චෙන්කෝ පසුව හඟවා ඇත. මැතිවරණ නිරීක්ෂකයන් විසින් ඡන්ද වංචාවක් පිළිබඳ චෝදනා කර තිබියදීම, නොවැම්බර් මාසයේ දී රුසියාවට-පක්ෂ වික්ටර් යනුකොවිච් ජනාධිපති තනතුරට තේරී පත් විය. මෙයට විරුද්ධව ඉන් පසු මාස දෙකක් තුල යුක්‍රේනයෙහි විශාල වශයෙන් සාමකාමී විරෝධතා ඇති විය. මෙය "තැඹිලි විප්ලවය" (Orange Revolution) ලෙස හැඳින්විනි. මැතිවරණ වංචා කිරීම් නිසා යුක්‍රේන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ ප්‍රතිඵල අවලංගු කරවන ලදී. ඉන් පසු සිදු කෙරුනු දෙවැනි ඡන්ද විමසීමෙන් යුෂ්චෙන්කෝ ජනපති තනතුරට පත් විය. රුසියානු හමුදා නායකයින් තැඹිලි විප්ලවය ඇතුලු පශ්චාත්-සෝවියට් රාජ්‍යයන් තුල ඇතිවූ එවැනි විප්ලවයන් දුටුවේ රුසියාවේ ජාතික ආරක්ෂාවට හානි කිරීම පිනිස බටහිර රාජ්‍යයන් විසින් ඇති කරන ලද ඒවා ලෙසය.

2008 පැවති බුක්රස්ට් සම්මේලනයේදී යුක්‍රේනය සහ ජෝර්ජියාව නේටෝ සංවිධානයට එකතු වීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කරන ලදී. මෙයට විවිධ නේටෝ සාමාජිකයින් දැක්වූ ප්‍රතිචාරය වෙනස් විය; රුසියාව සමග අමනාපකම් ඇති කරගැනීම වැලැක්වීම පිනිස බටහිර යුරෝපානු රටවල් මෙයට විරුද්ධ වූ නමුත්, එක්සත් ජනපදයේ ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් ඔවුන් නේටෝවට එකතු කරගැනීමට බල කළේය. අවසානයේදී නේටෝ සංවිධානය යුක්‍රේනයට සහ ජෝර්ජියාවට සාමාජිකත්වය ලබා දීම කල් දැමීය. එහෙත් කෙදිනක හෝ "එම රටවල් නේටෝ සාමාජිකයන් වනු ඇතැයි" යනුවෙන් ප්‍රකාශයක් ද සිදු කරන ලදී. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්‍රේනය සහ ජෝර්ජියාව නේටෝ සාමාජිකත්වය ඉල්ලීම පිළිබඳ ප්‍රබල විරෝධයක් දැක්වීය. 2019 පෙබරවාරි 7 වැනිදා යුක්‍රේන පාර්ලිමේන්තුවේ දී සම්මත වූ ව්‍යවස්ථා සංශෝධනය මගින් එරටෙහි දීර්ඝ කාලීන අරමුණ "යුරෝපා සංගමයට සහ නේටෝ සංවිධානයට එකතු වීම" යනුවෙන් වෙනස් කරන ලදී. කෙසේ වුවද, 2022 ආක්‍රමණයට පෙර මාස කිහිපය තුල, යුක්‍රේනය නේටෝවට එකතු කරගැනීමට තිබූ ඉඩකඩ ඉතා අල්ප විය.

පූර්විකාව

ආක්‍රමණය සහ ප්‍රතිරෝධය

විදේශීය හමුදා මැදිහත්වීම්

ආපතිකයන් සහ මානුෂීය බලපෑම

විශ්ලේෂණයආපතිකයන්කාල පරිච්ඡේදයමූලාශ්‍රය
සිවිල් වැසියන්මරණ 23,717–23,944+2022 පෙබරවාරි 24 – අප්‍රේල් 12යුක්‍රේන රජය[lower-alpha 5]
අවම වශයෙන් මරණ 1,932 , තුවාල වූ 2,5892022 පෙබරවාරි 24 – අප්‍රේල් 12එක්සත් ජාතීන්[28]
යුක්‍රේන හමුදාවන්(UAF, NGU)මරණ 1,3002022 පෙබරවාරි 24 – මාර්තු 12යුක්‍රේන රජය[29]
මරණ 2,000–4,0002022 පෙබරවාරි 24 – මාර්තු 9එක්සත් ජනපදයේ ඇස්තමේන්තුව[30]
මරණ 14,000, තුවාල වූ 16,0002022 පෙබරවාරි 24 – මාර්තු 25රුසියානු රජය[31]
රුසියානු සන්නද්ධ හමුදාමරණ 1,351, තුවාල වූ 3,825[lower-alpha 6]2022 පෙබරවාරි 24 – මාර්තු 25රුසියානු රජය[31]
ඩොනෙට්ස්ක් ම.ජ. හමුදාමරණ 979, තුවාල වූ 4,2652022 පෙබරවාරි 24 – අප්‍රේල් 7ඩොනෙට්ස්ක් ම.ජ.[lower-alpha 7]
ලුහාන්ස්ක් ම.ජ. හමුදාමරණ 500+2022 පෙබරවාරි 24 – අප්‍රේල් 5රුසියානු රජය[lower-alpha 8]
රුසියානු සහ රුසියාවට පක්ෂ හමුදා(RAF, රොස්ග්වාර්ඩියා,

වැග්නර් , DPR & LPR)

ආපතිකයන් 30,000–40,000[lower-alpha 9]2022 පෙබරවාරි 24 – මාර්තු 23නේටෝ ඇස්තමේන්තුව[41]
මරණ 10,000+2022 පෙබරවාරි 24 – මාර්තු 30එක්සත් ජනපදයේ ඇස්තමේන්තුව[42]
මරණ හෝ තුවාල වූ 19,8002022 පෙබරවාරි 24 – අප්‍රේල් 10යුක්‍රේන රජය[43]

යුක්‍රේන රජයෙහි ඇස්තමේන්තු වල රුසියානු හමුදාවට සිදු වූ හානි වැඩි කර දක්වා තිබෙන අතර, රුසියානු රජය තමන්ට සිදු වූ හානි අඩු කර පෙන්වීමට උත්සාහ කර ඇති බව පෙනීයයි. යුධ මරණ තක්සේරු කිරීම සඳහා චන්ද්‍රිකා ඡායාරූප සහ යුධ ගැටුම් වල පින්තූර හා වීඩියෝ පට වැනි දෑ යොදාගැනෙයි. ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයේ 'සාමය සහ ගැටුම් පර්‍යේෂණ' දෙපාර්තමේන්තුවෙහි පර්‍යේෂකයෙකු පවසන පරිදි යුක්‍රේන රජය ජනතාවගේ සහ හමුදාවේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමේ අරමුණින් වැරදි තොරතුරු ප්‍රචාරණය කිරීමේ ව්‍යාපාරයක නිරත වී ඇති අතර බටහිර මාධ්‍ය කැමැත්තෙන් එම වැරදි තොරතුරු ප්‍රචාරය කොට තිබේ. රුසියාව තම හමුදාවන්ට වූ හානි අඩු කර පෙන්වීමට උත්සාහ කර ඇති අතර, යුක්‍රේනය තම හමුදාවන්ට වූ හානි ගැන වඩාත් නිශ්ශබ්ද විය. යුක්‍රේන රජයෙහි ප්‍රකාශයන් සත්‍යය ලෙස පිළිගැනීම ගැන විශ්ලේෂකයෝ අනතුරු හඟවති.

යුද්ධයත් සමග ඇතිවූ අවිනිශ්චිත වාතාවරණය නිසා සිවිල් සහ හමුදා මරණ නිශ්චිත ලෙස හඳුනාගැනීම අපහසු ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ සිවිල් මරණ සහ තුවාල වීම් ප්‍රමාණය ඔවුන් අනුමාන කරන ප්‍රමාණයට වඩා සැළකිය යුතු තරමකින් වැඩි බවයි.

නීතිමය තත්වය

සාමය සඳහා ප්‍රයත්න

මාධ්‍ය නිරූපනය

සම්බාධක සහ ප්‍රතිවිපාක

ප්‍රතිචාර

සටහන්

ආශ්‍රිත

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි