රසදිය

රසදිය (ඉංග්‍රිසි : Mercury) යනු Hg යන සංකේතය සහ පරමාණුක ක්‍රමාංකය 80 සහිත රසායනික මූලද්‍රව්‍යයකි.

AuMercury → Tl
-Cd

Hg

Cn
මුහුණුවර
රිදීවන් ලෝහමය ද්‍රවයක්
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකයMercury, Hg, 80
මූලද්‍රව්‍ය කාණ්ඩය[[ආන්තරික ලෝහ]]
කාණ්ඩය, ආවර්තය, ගොනුව12, 6, d
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය200.592 g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය[Xe] 4f14 5d10 6s2
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව2, 8, 18, 32, 18, 2
ද්‍රව්‍යමය ගුණ
අවධියද්‍රව
ද්‍රවාංකය63.15 K, −38.8290 °C
තාපාංකය356.73 °C
විලයන එන්තැල්පිය2.29 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය59.11 kJ·mol−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa)1101001 k10 k100 k
උෂ්. (K)315350393449523629
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය2, 1, -2
(දුබලභාෂ්මික ඔක්සයිඩ)
විද්‍යුත් ඍණතාව2.00 (පෝලිං පරිමාණයෙන්)
පරමාණුක අරය151 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතියෂඩාස්‍රාකාර
චුම්බකත්වයද්විචුම්භක
තාප සන්නායකතාව(300 K) 8.30 W·m−1·K−1
ධ්වනි වේගය(liquid, 20 °C) 1451.4 m/s
CAS ලේඛනගත අංකය7439-97-6

විෂබව සහ නිරාපදාව

මෙයද බලන්න: රසදිය වසවීම සහ රසදිය චක්‍රය

රසදිය සහ එහි බොහෝ සංයෝග අතිශයින් විස සහිත වන අතර පරිස්සමින් පරිහරණය කළ යුතුයි; රසදිය හා සම්බන්ධ ඉසිරීම් වලදී (සමහරක් උෂ්ණත්වමාන හෝ ප්‍රතිදීප්ත විදුලි බුබුළු වලින් වැනි), විශේෂිත පිරිසිදු කිරීමේ පටිපාටි භාවිතා කරන්නේ නිරාවරණය මගහැරීමට සහ ඉසිරීම සීමා කරගැනුමටය. [1] නියමාවලීන් විසින් කියාසිටිනුයේ, දැඩි පෘස්ඨයන් මත වන්නාවූ කුඩා බිඳිති භෞතික වශයෙන් එක්කාසු කිරීමෙන්, ඇස් බිංදුකරයක් මගින් පහසුවෙන් ඉවත් කර ගත හැකි වන අයුරින්, එක් විශාල සංසදයක් බවට පත්කිරීම හෝ බැහැර දිය හැකි බඳුනකට සෙමෙන් තල්ලු කිරීම කළ යුතු බවයි. රික්ත ශෝධකයන් සහ කොසු විසින් රසදිය වඩාත් විශාල ලෙසින් විසිරණය කරන බැවින් ඒවා භාවිතා නොකල යුතුයි. ඉන් අනතුරුව, සිහින් සල්ෆර් (ගෙන්දගම්), සින්ක් (තුත්තනාගම්), හෝ සාමාන්‍ය උෂ්ණත්වයෙහිදී රසදිය සමග විගසින් සංරසයක් (මිශ්‍ර ලෝහයක්) සදන වෙනත් කුඩක් ප්‍රදේශය මත ඉස පසුව එය එක්කාසු කොට ඉවත දැමිය යුතු වෙයි. සවිවර පෘෂ්ඨ හෝ රෙදි හෝ පිරිසිදු කිරීමෙන් රසදිය සියළු අංශු මාත්‍ර ඉවත් කිරීම කළ නොහැක්කක් බැවින්, රසදිය ඉසිරීමකට ඒවැන්නක් ලක් වුවහොත් ඒවා බැහැර කළ යුතු බවට නිර්දේශ කෙරෙයි.

සම සහ ශ්ලේෂ්මල පටලය ඔස්සේ රසදිය අවශෝෂණය විය හැකි අතර රසදිය වාෂ්ප ආශ්වාස කළ හැකි බැවින් ඉසිරීම සහ වාෂ්පීභවනය වැලැක්වීමට රසදිය බඳුන් ආරක්ෂිතව වසා තැබිය යුතු වෙයි. රසදිය හෝ රත් කළ විට වියෝජනය විය හැකි එහි සංයෝග හෝ රත් කරන විට ප්‍රමාණවත් වාතාශ්‍රයක් සහිත ස්ථානයන්හී එය සිදුකෙරෙන්නේ රසදිය වාෂ්පයට නිරාවරණය වීම වැලැක්වීමටය. රසදියෙහි වඩාත් විෂ සහිත ආකාර වන්නේ, ඩයිමීතයිල්මර්කරි සහ මීතයිල්මර්කරි වැනි එහි කාබනික සංයෝග වෙති. සිනබාර් වැනි අකාබනික සංයෝගයන්ද අතිශයින් විෂ සහිත වන්නේ අධිග්‍රහණය හෝ ආශ්වාසය හෝ ඔස්සේය. [2] රසදිය විසින් නිදන්ගත සහ උග්‍ර විෂවීම් ඇති කළ හැක.

පරිසරයෙහි රසදිය මුදාහැරීම්

පසුගිය වසර 270 තුල වයෝමිංහී උඩු ෆ්‍රීමාන්ට් ග්ලැසියරයේ තැන්පත්වී ඇති වායුගෝලීය රසදිය ප්‍රමාණය

පූර්ව-කාර්මීකකරන යුගයෙහිදී, වායුගෝලයෙන් රසදිය තැන්පත්වීමේ සීඝ්‍රතාවය 4 නැග්‍රෑ /(අයිස් තැන්පත්වීම 1 ලී) පමණ වන්නට ඇත. ස්වභාවික නිරාවරණ මට්ටම එපමණකැයි සැලකිය හැකි වුවද, ප්‍රාදේශීය හෝ ගෝලීය ප්‍රභව නිසා මෙම අගය වෙත සැලකිය යුතු බලපෑම් ඇති වෙයි. යමහල් විදාරණය නිසා වායුගෝලීය ප්‍රභවය 4–6 ගුණයකින් ඉහළ නැංවිය හැක. [3]

යමහල් වැනි ස්වභාවික ප්‍රභව, වායුගෝලීය රසදිය විමෝචනයෙන් අඩකට පමණ හේතු වෙයි. . මිනිසුන්-විසින්-ජනිත ඉතිරි අඩ, පහත ඇස්තමේන්තුගත ප්‍රතිශත වලට බෙදා වෙන් කෙරෙයි: [4][5] [6]

  • 65% ක් ස්ථාවර (ප්‍රවාහන-නොවන) දහන තුලින් වන අතර, මෙහි වැඩිම සමුච්චයකට වග කියන්නේ ගල් අඟුරු බලාගාර වෙති (1999 එ.ජ. රසදිය විමෝචනයන්ගෙන් 40% කි). රසදිය ඉවත් නොකල පෙට්‍රෝලියම් දහනය වෙතින් බලගැන්වෙන බලාගාරද මෙයට අඩංගුය. ගල් අඟුරු දහනය නිසා සිදුවන විමෝචනයන්, තෙල් දහනය නිසා වන විමෝචනයන්ට වඩා ගණිතමය අනුක්‍රමයන් එකක් හෝ දෙකක් හෝ වැඩිවන අතර, මෙම විචලනය රට මත යැපෙයි.[4]
  • 11% ක් රත්රන් නිෂ්පාදනයෙන්. රසදිය විමෝචනය සඳහා එ.ජ. හී ප්‍රධානතම ලක්ෂ්‍යාකාර ප්‍රභව වන්නේ විශාලතම රත්රන් ආකර තුන වෙයි. නැගෙනහිර කැනඩාවේ වායුගෝලීය රසදිය විමෝචනයෙන් සැලකිය යුතු ප්‍රභවයක් වන්නේ රන්-ආකර බොර තුලින් ජලභූරසායනික රසදිය නිකුතුවයි. [7]
  • 6.8% ක් නි-ෆෙරස් ලෝහ නිෂ්පාදනයෙන්, දර්ශීය වශයෙන් විරුවනයන් වෙතින්.
  • 6.4% ක් සිමෙන්ති නිෂ්පාදනයෙන්.
  • 3.0% ක් අපද්‍රව්‍ය අපහරණයෙන්, නගර සහ ආපදාකූල අපද්‍රව්‍ය, ආදාහනාගාර, සහ මල බොර හස්මීකරණයද මෙයට අඩංගු වෙයි.
  • 3.0% ක් කෝස්ටික් සෝඩා නිෂ්පාදනයෙන්.
  • 1.4% ක් අමු යකඩ සහ වානේ නිෂ්පාදනයෙන්.
  • 1.1% ක් රසදිය නිෂ්පාදනයෙන්, ප්‍රධාන වශයෙන් බැටරි සඳහා.
  • 2.0% ක් අනෙකුත් ප්‍රභවයන්ගෙන්.

ඉහත ප්‍රතිශතයන්, 2000 දී මිනිසුන්-විසින්-ජනිත ගෝලීය රසදිය විමෝචනයන්හී ඇස්තමේන්තු වන අතර, සමහර ප්‍රාදේශිකයන්හී වැදගත් ප්‍රභවයක් වන, ජෛව ස්කන්ධ එයට ඇතුලත් නොවේ. [4]

ආශ්‍රිත

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=රසදිය&oldid=405063" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි