කාබොක්සිලික් අම්ලය

කාබොක්සිලික් අම්ලයක් යනු කාබොක්සිල් කාණ්ඩයක් (C(=O)OH) අඩංගු වන්නා වූ කාබනික සංයෝගයකි.[1] කාබොක්සිලික් අම්ලවල පොදු සූත්‍රය R–COOH වන අතර, R මඟින් අණුවේ ඉතිරි (බොහෝවිට ඉතා විශාල) කොටස දැක්වේ. කාබොක්සිලික් අම්ල පුළුල් පරාසයක් තිබෙන අතර ඇමයිනෝ අම්ල (ප්‍රෝටීන සැදී ඇති ද්‍රව්‍ය) හා ඇසිටික් අම්ලය (විනාකිරිවල කොටසක් වන අතර පරිවෘත්තියේදී හටගැනේ) ද අයත් වෙයි.

කාබොක්සිලික් අම්ලවල ව්‍යුහය
කාබොක්සිලේට් ඇනායනය
කාබොක්සිලික් අම්ලවල ත්‍රිමාණ ව්‍යුහය

කාබොක්සිලික් අම්ලවල ලවණ හා එස්ටර කාබොක්සිලේට ලෙස හඳුන්වයි. කාබොක්සිල් කාණ්ඩයකින් හයිඩ්‍රජන් ප්‍රෝටෝන ඉවත් වූ විට, එහි සංයුග්මක භෂ්මය විසින් කාබොක්සිලේට් ඇනායනයක් සාදනු ලැබේ. කාබොක්සිලේට් අයන සාම්ප්‍රයුක්ත ව ස්ථායී නිසා මෙම ස්ථායීතාව කාබොක්සිලික් අම්ල ඇල්කොහොලවලට වඩා ආම්ලික කරයි. කාබොක්සිලික් අම්ලය කාබන් ඩයොක්සයිඩ් ලුවිස් අම්ලයේ ඔක්සිහරිත හෝ ඇල්කිල්කෘත ස්වරූපයෙන් දක්නට ලැබෙන අතර සමහර අවස්ථාවලදී කාබන් ඩයොක්සයිඩ් ලැබීමට විකාබොක්සිල්කරණය වේ.

කාබොක්සිලික් අම්ල නිදසුන් හා නාමකරණය

කාබොක්සිලික් අම්ල පොදුවේ ඒවායේ සාමාන්‍ය නම් වලින් හැඳින්වෙන අතර, සමැනින් -ic නිපාතයෙන් අවසන් වේ. IUPAC නිර්දේශිත නාමකරණයේ දී කාබොක්සිලික් අම්ල -oic acid නිපාතය යොදා අවසන් කරයි.[2] කාබොක්සිලික් අම්ල ඇති සංකීර්‍ණ අණු වල නාමකරණයේ දී වෙනත් ආදේශිත කාණ්ඩ තිබුණ ද කාබොක්සිල් කාණ්ඩය සහිත දාමය මව් දාමය ලෙස යොදා ගනියි. උදා- 3-chloropropanoic acid.වෙනත් අයුරකින් එය වෙන මව් දාමයක වෙතොත් "carboxy" හෝ"carboxylic acid" යන්න ආදේශිත කාණ්ඩයක් ලෙස යොදා ගනියි. (උදා-2-carboxyfuran).

ඍජු දාම සංතෘප්ත කාබොක්සිලික් අම්ල
කාබන් පරමාණු ගණනපොදු නමIUPAC නමරසායනික සූත්‍රයපොදු පිහිටුම හෝ භාවිතය
1කාබොනික් අම්ලයCarbonic acidOHCOOHලේ හා පටකවල (බයිකාබනේට් ස්වාරක්‍ෂක පද්‍ධතිය)
1ෆෝමික් අම්ලයMethanoic acidHCOOHකෘමි විසෙහි
2ඇසිටික් අම්ලයEthanoic acidCH3COOHවිනාකිරි
3ප්‍රොපයොනික් අම්ලයPropanoic acidCH3CH2COOHගබඩා කළ ධාන්‍ය පරිරක්‍ෂණයට, සිරුරු දුගඳ
4බ්‍යූටිරික් අම්ලයButanoic acidCH3(CH2)2COOHබටර්
5වැලරික් අම්ලයPentanoic acidCH3(CH2)3COOHවැලීරියන්(Valerian)
6කැප්‍රොයික් අම්ලයHexanoic acidCH3(CH2)4COOHඑ‍ළු මේදය
7එනැන්තික් අම්ලයHeptanoic acidCH3(CH2)5COOH
8කැප්‍රිලික් අම්ලයOctanoic acidCH3(CH2)6COOHපොල් හා මව්කිරි වල
9පෙලාර්ගොනික් අම්ලයNonanoic acidCH3(CH2)7COOHපෙලාර්ගෝනියම්
10කැප්‍රික් අම්ලයDecanoic acidCH3(CH2)8COOHපොල් හා පාම් මදයේ තෙල් වල
11අන්ඩිසිලික් අම්ලයUndecanoic acidCH3(CH2)9COOH
12ලෝරික් අම්ලයDodecanoic acidCH3(CH2)10COOHපොල් තෙල් හා අත් සේදුම් සබන් වල
13ට්‍රයිඩිසිලික් අම්ලයTridecanoic acidCH3(CH2)11COOH
14මිරිස්ටික් අම්ලයTetradecanoic acidCH3(CH2)12COOHසාදික්කා වල
15පෙන්ටාඩෙසිලික් අම්ලයPentadecanoic acidCH3(CH2)13COOH
16පැල්මිටික් අම්ලයHexadecanoic acidCH3(CH2)14COOHපාම් තෙල්වල
17මාගරික් අම්ලයHeptadecanoic acidCH3(CH2)15COOH
18ස්ටියරික් අම්ලයOctadecanoic acidCH3(CH2)16COOHචොකලට්, ඉටි, සබන් හා තෙල්වල
19නොනඩෙසිලික් අම්ලයNonadecanoic acidCH3(CH2)17COOHමේද, එළව‍ළු තෙල්, ෆෙරමෝන වල
20ඇරැකයිඩික් අම්ලය Icosanoic acidCH3(CH2)18COOHරටකජු තෙල් වල
වෙනත් කාබොක්සිලික් අම්ල
සංයෝග පන්තියසාමාජිකයන්
අසංතෘප්ත මොනොකාබොක්සිලික් අම්ලඇක්‍රිලික් අම්ලය (2-propenoic acid) – CH2=CHCOOH, බහුඅවයව සංස්ලේෂණයේ දී යොදා ගැනේ.
මේද අම්ලමධ්‍යම හා දිගු-දාම සංතෘප්ත හා අසංතෘප්ත අම්ල,කාබන් ඉරට්ටේ ගණනක් ද සහිත (උදා-ඩොකොසාහෙක්සාඊනොයික් අම්ලය හා එයිකොසාහෙක්සාඊනොයික් අම්ලය (පෝෂණ පරිපූරක)
ඇමයිනෝ අම්ලප්‍රෝටීන් වල තැනුම් ඒකක
කීටෝ අම්ලකීටෝන කාණ්ඩයක් සහිත ජෛවරසායනික ව වැදගත් වන අම්ල(උදා-. acetoacetic acid හා pyruvic acid)
ඇරෝමැටික කාබොක්සිලික් අම්ලබෙන්සොයික් අම්ලයේ සෝඩියම් ලවණය අහර පරිරක්ෂකයක් ලෙස ගනියි, සැලිසිලික් අම්ලය - බීටා හයිඩ්‍රොක්සි ගණයේ වන අතර සමට සත්කාරක නිෂ්පාදන වල ඇත, කාබොක්සිලික් අම්ලයට ෆීනයිල් කාණ්ඩයක් සබැඳි සංයෝග කාණ්ඩය වන ෆීනයිල් ඇල්කනොයික් අම්ල.
ඩයිකාබොක්සිලික් අම්ලකාබොක්සිල් කාණ්ඩ 2ක් පවති යි. (උදා-. නයිලෝන් නිපදවීමට යොදා ගන්නා ඒකාවයවිකය වන ඇඩිපික් අම්ලය, සීනි අම්ල පවුලක් වන ඇල්ඩරික් අම්ල)
ට්‍රයිකාබොක්සිලික් අම්ලකාබොක්සිල් කාණ්ඩ 3ක් පවති යි. (උදා-. සිට්‍රික් අම්ලය- පැඟිරි වර්ගයේ පලතුරුවල, හා අයිසොසිට්‍රික් අම්ලය)
ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ල හයිඩ්‍රොක්සි කාණ්ඩයක් අඩංගු වෙයි. (උදා-. ග්ලිසරික් අම්ලය, ග්ලයිකොලික් අම්ලය හා ලැක්ටික් අම්ලය (2-hydroxypropanoic acid) – ඇඹුල් කිරි වල හමු වෙයි, ටාටරික් අම්ලය -වයින් වල හමු වෙයි
ඩයිවයිනයිල්ඊතර් මේද අම්ලසමහර ශාකවලින් හමුවන අතර ඊතර බන්ධනයක් හරහා මේද අම්ලයකට සම්බන්ධ ද්විත්ව සංතෘප්ත කාබන් දාමයකින් සමන්විත යි.

භෞතික ලක්ෂණ

ද්‍රාව්‍යතාව

කාබොක්සිලික් අම්ල ද්විඅවයවික

කාබොක්සිලික් අම්ල ධ්‍රැවීය වෙයි. මන් ද යත් ඒවා හයිඩ්‍රජන් බන්ධන ප්‍රතිග්‍රාහකයන් (කාබොනිල් –C=O) හා හයිඩ්‍රජන් බන්ධන දායකයන් (හයිඩ්‍රොක්සිල් –OH) යන දෙලාක්ෂණික වන අතර, ඒවා හයිඩ්‍රජන් බන්ධනයට සහභාගී වෙයි. හයිඩ්‍රොක්සිල් හා කාබනිල් කාණ්ඩ එකතුවෙන් කාබොක්සිල් ක්‍රියාකාරී කාණ්ඩය සෑදෙයි. කාබොක්සිල් අම්ල සාමාන්‍යයෙන් නිර්ධ්‍රැවීය මාධ්‍යයේ දී ඒවායේ ස්වසම්බන්ධනයට ඇති ලැදියාව නිසාවෙන් ද්විඅවයවික යුගල ලෙස පිහිටයි. කුඩා කාබොක්සිලික් අම්ල (කාබන් ගණන 1 සිට 5) ජලද්‍රාව්‍ය වන අතර, ඇල්කිල් කාණ්ඩයේ ජලභීතික සොබාව නිසා විශාල කාබොක්සිලික් අම්ල වඩා ජලඅද්‍රාව්‍ය වේ. මෙම වඩා දිගු දාම අම්ල, ඊතර හා ඇල්කොහොල වැනි අඩුවෙන් ධ්‍රැවීය ද්‍රාවකවල තරමක ද්‍රාව්‍ය ස්වභාවයක් ගනියි.[3]

ආම්ලිකත්වය

කාබොක්සිලික් අම්ලය[4]pKa
ඇසිටික් අම්ලය (CH3CO2H)4.76
බෙන්සොයික් අම්ලය (C6H5CO2H)4.2
ෆෝමික් අම්ලය (HCOOH)3.75
ක්ලෝරොඇසිටික් අම්ලය (CH2ClCO2H)2.86
ඩයික්ලෝරොඇසිටික් අම්ලය (CHCl2CO2H)1.29
ඔක්සලික් අම්ලය (HO2CCO2H)1.27
ට්‍රයික්ලෝරොඇසිටික් අම්ලය (CCl3CO2H)0.65
ට්‍රයිෆ්ලුවොරොඇසිටික් අම්ලය (CF3CO2H)0.23

ගන්‍ධය

කාබොක්සිලික් අම්ල, වෙසෙසින් එහි නශ්‍ය ව්‍යුත්පන්න සැර ගන්‍ධයකින් යුත් වෙයි. ඉන් පොදුතම වන්නේ ඇසිටික් අම්ලය (විනාකිරි) හා බ්‍යූටිරික් අම්ලය (මිනිස් වමනය) යි. පිළිපස් ලෙස කාබොක්සිලික් අම්ලවල එස්ටරවලට පසන් සුවඳක් තිබෙන අතර සුවඳ විලවුන් වලට භාවිතා කරයි.

ප්‍රතික්‍රියා

කාබොක්සිලික් අම්ලයෙහි කාබනික ප්‍රතික්‍රියා

යොමු

බාහිර දිගු

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි